හංසයත් නැහැ : සජිත් එන්නේ දුරකථනයෙන් බව මැ.කො. ට දන්වයි

සජිත් ප්‍රේමදාස  මහතාගේ නායකත්වයෙන් යුතු ජාතික ජන බලවේගය මැතිවරණයට තරග කරන්නේ දුරකථනය ලකුණින් බව එම පක්ෂයේ මහ ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර මහතා මැතිවරණ කොමිසම වෙත අද දැනුම් දුන්නේය.

ඔවුන් හංසයා ලකුණ ලබාගෙන තරග කිරීමට දැරූ උත්සාහය අසාර්ථක වී ඇත . එජාපය හා සජිත් පාර්ශවය සමගි කිරීමට පක්ෂයේ ප්‍රබල කණ්ඩායමක් දැරූ උත්සාහය ද අසාර්ථක වී ඇත .

එක්සත් ජාතික පක්ෂය අලියා ලකුණින් තරග කරන බව මැතිවරණ කොමිසම වෙත පසුගිය සිකුරාදා දැනුම් දුන්නේය.

ඡන්ද ලකුණු වෙනස් කර ගැනීමට මැතිවරණ කොමිසම පක්ෂවලට දී තිබු කාලය අදින් අවසන් වෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *