එජාපය අලියා ලකුණින් තරග කල යුතු යයි යෝජනාව නුවරඑලියෙන් ඒකමතිකව සම්මතයි..

එක්සත් ජාතික පක්ෂයේ නුවරඑලිය දිස්ත්‍රික් බල මණ්ඩලය රැස්විම (08) දින නුවරඑලිය පුස්තකාල ශ්‍රවණාගාරයේදි පැවැත්විණ.

එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක සහ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම නවින් දිසානායක , නුවරඑලිය දිස්ත්‍රික් හිටපු පා.ම කේ.කේ පියදාස යන මහතුන්ගේ ප්‍රධානත්වයෙනුයි නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩල රැස්විම පැවැත්වුණේ.

මෙම බල මණ්ඩලය රැස්විමේදි එක්සත් ජාතික පක්ෂයේ ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතා බල මණ්ඩල රැස්විම අමතමින් කියා සිටියේ දැනට මැතිවරණ සලකුණ සම්බන්ධයෙන් මත දෙකක් ඉදිරිපත් වි ඇති බවයි.

ඉන් එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍යය නායක සජිත් ප්‍රේමදාස මහතා සමගි ජන බලවේගය යටතේ හංසයා ලකුණින් තරග කිරිමටත් , එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කිරිමටත් මත දෙකක් ඉදිරිපත් වි ඇති බවයි.

එම මත දෙක එකසත් ජාතික පක්ෂය තරග කල යුතු සලකුණ සම්බන්ධයෙන් නුවරඑලිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය රැස්විමේදි එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කල යුතු බවට ඒකමතිකව තිරණය වි ඇත.

මේ සම්බන්ධයෙන් අප එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවින් දිසානායක මහතාගෙන් කල විමසුමකට ඔහු කියා සිටියේ මහ මැතිවරණයේදි එක්සත් ජාතික පක්ෂය අලියා සලකුණින් තරග කිරිම සදහා නුවරඑලිය දිස්ත්‍රික් බල මණ්ඩලය ඒකමතිකව තිරණය කල බවයි.

– හැටන් රංජිත් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *