පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන වගකිවයුත්තා මෛත්‍රීපාලයි – අගරදගුරුත් , පාර්ලිමේන්තු කමිටුවත් කියයි

බුද්ධි අංශ වාර්තා නොතකා හරිමින් , පාස්කු ප්‍රහාරය සිදුවීමට ඉඩහැරීම ගැන ප්‍රධාන වගඋත්තරකරු හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව ඒ ගැන පරීක්ෂා කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවෙන් පෙන්වා දී ඇති අතර අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රන්ජිත් හිමිපාණෝ ද පසු ගිය දා මේ බව ප්‍රකාශ කළේ ය.

අගරදගුරු තුමා මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම සදහන් නොකළ නමුත් ඉහලම පුරුවේ සිටි තැනැත්තා මෙයට වග කිවයුතු බව කීය. නුයම වගකිවයුත්තන් මගහැර කරන පරීක්ෂණ පිලිබදව තමන් සහීමට පත් නොවන බව මෙන්ම පරීක්ෂණ හරියාකාරව සිදු නොවන්නේ නම් ජනතාව සමග පරාටා බහින බව ද සදහන් කළේ ය.

පාස්කු ප්‍රහාරය ගැන මෛත්‍රීපාල සිරිසේන මහතා වගකිව යුතු බව එපිලිබදව පරේක්ෂ කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාවේ ද සදහන් ය.

අගමැති වශයෙන් රනි වික්‍රමසිංහ මහතා ද , ආරක්ෂක රාජ්‍ය ඇමති ලෙස රුවන් විජේවර්ධන මහතා ද වගකිව යුතු බව එම වාර්තාවේ සදහන් ය. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා ආරක්ෂක මණ්ඩල රැස්වීමට සහභාගී කර නොගත් බව ද ඉහි සාදන් කොට ඇත .

ජනාධිපතිවරයා රටේ නොසිටි අවස්ථාවක පාස්කු ප්‍රහාරය සිදු වූ විට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ආරක්ෂක මණ්ඩලය රස කළ විට එයට සහභාගී නොවන ලෙස ජනාධිපතිවරයා විදේශයේ සිට උපදෙස් දුන් බව ද හෙළිදරවු වීය.

ජනාධිපතිවරයා සියරට පැමිණියේ පාස්කු ප්‍රහාරයෙන් දින තුනකට පසුව ය.

පාස්කු ප්‍රහාරය වලක ගැනීමට නොහැකි වීම ගැන හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ පිටපු පොලිස්පති පුජිත ජයසුන්දර මහත්වරුන් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *