කාර්යක්ෂමතාව, විනය සහ ස්ථාවරත්වයේ උගුල – හරිනි අමරසූරිය


යහපාලන ආණ්ඩුවේ හැම පැත්තෙන්ම ප‍්‍රදර්ශනය වුණු වැනෙන සුළු ඕලාරික බව සම්බන්ධයෙන් ජනතාව තුළ ගොඩ නැගුණු කළකිරීමේ භයානක ප‍්‍රතිඵලය වූයේ, කාර්යක්ෂම, ස්ථාවර සහ විනයක් සහිත ආණ්ඩුවක් අවශ්‍යය යන අදහස ජනතාව තුළ වර්ධනය වීමයි. පසුගිය ජනාධිපතිවරණයේදී ඡුන්ද දායකයන් බහුතරයකට වඩාම වැදගත් වූයේ මේවායි. විශේෂයෙන්ම පාස්කු ප‍්‍රහාරයෙන් පසු වඩාත්ම ආකර්ෂණය වූ ‘ජාතික ආරක්ෂාව’ නමැති මැතුරුම් පාඨයත් සමග මේවා ඈදා ගත් විට, ජනතාව ඊට එහා කිසිවක් ඉල්ලා සිටි බවක් නොපෙනුණි.
මේ තත්ත්වය තුළ ශ‍්‍රී ලංකා පොදු ජන පෙරමුණට වැඬේ බොහෝ සෙයින් පහසු විය ජාතික ආරක්ෂාව තහවුරු කළ හැකි, ජනතා හිතෛශී, කඩිනමින් ප‍්‍රතිචාර දක්වන, කාර්යක්ෂම විකල්පය හැටියට ඔවුහු තමන්ව ජනතාවට ඉදිරිපත් කළහ. ගෝඨාභය රාජපක්ෂගේ ඉදිරිපත් වීමත් සමග, දේශපාලනඥයන් වෙනුවට විශේෂඥ දැනුම සහිත පුදගලයන් විසින් මෙහෙයවන නිර්දේශපාලනික ආණ්ඩුකරණයක් පිළිබද පොදු ජනතාව තුළ තිබූ කැමැත්ත උසි ගන්වන්නටද ඔවුන්ට හැකි විය. ගෝඨාභය රාජපක්ෂ වූ කලී විශේෂඥ දැනුම ප‍්‍රමුඛ කරගත්, නිර්දේශපාලනික පාලනයක පරම නියෝජිතයායි. මේ ඔහුගේ සහෝදරයාට බෙහෙවින්ම පරස්පර තත්ත්වයකි. ආරක්ෂක ලේකම් හැටියට සිටිද්දීත් ගෝඨාභයගේ භූමිකාව සහ ප‍්‍රතිරූපය වූයේ මෙයයි. ඔහු මුල පිරූ ව්‍යාපෘතීන්, තවමත් නිසියාකාරව තේරුම් නොගත්, නමුත් වේගයෙන් වර්ධනය වෙන ඡුන්ද දායක ප‍්‍රජාවක් වන ශ‍්‍රී ලාංකීය නාගරික මධ්‍යම පන්තියට සුවිශේෂයෙන්ම ආකර්ෂණය විය. උදාහරණයක් හැටියට 2015 ට පෙර රාජපක්ෂ රෙජීමය යටතේ දියත් කළ නාගරික සංවර්ධන ව්‍යාපාතීන් ගනිමු. කොළඹ නගරය තුළ ක‍්‍රියාත්මක කළ ඒ බොහේ ව්‍යාපෘති වෙනුවෙන් ඒ ප‍්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සේ ජිවත් වූ පවුල් බලහත්කාරයෙන් සහ බොහෝ විට නීතියට එපිටින් ප‍්‍රචණ්ඩත්වය යොදවා ඉවත් කිරීම සිදු කෙරුණා. නමුත් ඒ ව්‍යාපෘතීන් නාගරික මධ්‍යම පන්තිය විසින් සාදරයෙන් පිළිගනු ලැබුවා. විශේෂයෙන්ම කොළඹ නගරය යනු විවේකයට, අධ්‍යාපනයට නැතිනම් රැුකියා කටයුතු වලට යන එන තැනක් පමණක් වෙන මධ්‍යම පාන්තිකයන් මේ ව්‍යෘපෘතීන් ගැන සතුටු වුණා. ඔවුන් පදිංචි වී සිටින්නේ කොළඹ සහ ගම්පහ දිස්ත‍්‍රික්කවල ඉතා සීඝ‍්‍රයෙන් පැතිරෙමින් තිබෙන උපනගරවලයි. ඔවුන් අත්පත් කරගන්නට අපේක්ෂා කරන ජීවන විලාසය සහ ගෝලීය පරිකල්පනය සමග කොළඹ නගරය සුන්දරකරණය සංකල්පය හොදින්ම සමපාත වුණා. සුන්දරකරණ ව්‍යාපෘතීන් වෙනුවෙන් තමන්ගේ උන්හිටි තැන් අතැර දාන්නට සිදුවූ මිිනිසුන් (සාමාන්‍යයෙන් මුඩුක්කු වාසීන් ලෙස හදුන්වන අය* අත් විදි දුෂ්කරතාවන්, අවමානයන් සහ පරිභවයන් රටේ යහපත සදහා සිදු විය යුතුදේ හැටියට මොවුන් විසින් සලකනු ලැබුවා.
මේ අලූත් නාගරික මධ්‍යම පන්තියේ තවත් ලක්ෂණයක් වන්නේ ඔවුන් තනි ඇහැකින් ලෝකය දැකීමයි. වාර්ගිකත්වය සහ ආගම මත පදනම් වූ අනන්‍යකරණය ඔවුන් තුළ ඉතා ප‍්‍රබලයි. ඒ නිසාම ජාතිකවාදී මතවාදයට ඔවුන් වඩාත් පසුවෙන් ආකර්ෂණය වෙනවා. මෙය නාගරික යනු ජාති ආගම් සීමා ඉක්මවා යන විශ්ව දේශී බව සහ විවිධත්වය සහිත යන සම්ප‍්‍රදායික අදහසට බෙහෙවින්ම වෙනස්ය. ‘අලූත්’ නාගරික පන්තිය තුළ වාර්ගික වශයෙන් සහ භාෂාමය වශයෙන් කිසිසේත්ම විවිධත්වයක් නැත. අලූත් රෙජීමයේ මත ගොඩනගන්නන් සහ අන්ධ භක්තියෙන් ඒ මත වල එල්බගත්තවුන් අයත් වන්නේ මේ ‘අලූත්’ නාගරික ප‍්‍රජාවටයි. ස්ථාවරත්වය, ආරක්ෂාව සහ කාරයක්ෂමතාව වෙනුවෙනුත්, නිර් දේශපාලනික ප‍්‍රවේශයක් වෙනුවෙනුත් ප‍්‍රබලම ඉල්ලූම ඉදිරිපත් වෙන්නේත් මේ ප‍්‍රජාව වෙතින්මයි.

විකල්පයක් සඳහා ඉඩ
කෙසේ නමුත් නිර් දේශපාලනික, විශේෂඥභාවය මූලික කරගත් ආරක්ෂක ලේකම්වරයා සහ නිර් දේශපාලනික, විශේෂඥභාවය මූලික කරගත් ජනාධිපතිවරයා අතර විශාල වෙනසක් තිබේ. ප‍්‍රජාතන්ත‍්‍රවාදීව තේරී පත් වුණු නායකයන් පාඩම් ඉගෙන ගන්නවාත් සමගම වැඩි කල් නොයා, දිනපතා දේශපාලනය මග හරිති. දෛනික දේශපාලනය යනුවෙන් මා මෙහි අදහස් කරන්නේ, අතාර්කිකත්වය ලෙස එනම් දේශපාලනයේ අස්ථාවරත්වය සහ අකාර්යක්ෂමතාව ලෙස සලකා විශේෂඥභාවය කේන්ද‍්‍ර කරගත් නායකයන් විසින් නිශ්ප‍්‍රභ කරන කේවල් කිරීම, සාකච්ඡුා කිරීම, මහජන මනෝභාවය තේරුම් ගැනීම සහ කුමක් කොයි වෙලාවට කළ යුතුද යන කාලය පිළිබද අවබෝධය ආදියයි. මේ හැකියාවන්, මහජනයා අතර සුජාතභාවය ආරක්ෂා කර ගැනීම උදෙසා අත්‍යවශ්‍ය හැකියාවන්ය. මෙහි ප‍්‍රතිවිරුද්ධ පැත්ත ඒකාධිපතිවාදය සහ ප‍්‍රචණ්ඩ බලහත්කාරයයි. හමුදා බලය මත පදනම් වූ විශේෂඥ ප‍්‍රවේශය සහ දිනපතා දේශපාලනය අතර ආතතිය ගෝඨාභය රාජපක්ෂ ගේ පාලනය තුළ දැනටමත් පැහැදිලිව පෙනෙන්නට පටන් ගෙන ඇත. ගෝඨාාභය රාජපක්ෂගේ ‘ස්ථාවර’ සහ ‘කාර්යක්ෂම’ පාලනය යටතේත් තීරණ ගැනීම සහ ගත් තීරණ වෙනස් කිරීම සිදුවෙයි. ගත් තීරණ ආපසු හැරවීම සම්බන්ධයෙන් වඩාත්ම හානිකර අවස්ථාව වූයේ සයින්දමරුදු නගර සභාව පිහිටුවීමට නිකුත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමයි. වත්මන් ආණ්ඩුව කළමණාකරණය කරගැනීමට අරගල කරන බොහෝ පරස්පර විරෝධී දේශපාලන ස්ථාවරයන් ඇති බව එයින් හෙළිදරුවු වුණා.

කෙසේ නමුත් ප‍්‍රශ්නය වන්නේ මේ ආතතිය විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ ජනතා අයිතින් කෙරෙහි ඇති කරන බරපතල හානියයි. දැනටමත් ආණ්ඩු විරෝධී උද්ඝෙෘ්ෂණ වරධනය වෙමින් පවතින අතර ඒවා ප‍්‍රචණ්ඩත්වය යොදාගෙන යටපත් කෙරේ. සිවිල් තනතුරුවලට හමුදා නිලධාරීන් පත් කිරීමෙන් සහ හමුදා විනය කාර්යක්ෂමතාවට සමාන කිරීම හරහා ගෝඨාභය රාජපක්ෂගේ ඒකාධිපතිවාදී ආශය පිළිබිඹු වෙයි. පුළුවන් මොන ක‍්‍රමයෙන් හෝ කළ යුතු දේ කරනා පාලකයෙකු කෙරෙහි විශාල ජනතා කැමැත්තක් තවමත් මේ මොහොතේත් ඇත. නමුත් කළ යුතු දේ කරන පාලකයාට හුදෙක් කුණු ඉවතලෑමේ ප‍්‍රශ්නය, ට‍්‍රැෆික් ජෑම්, නගරය පිරිසිදු කිරීම වැනි ගැටළු නොව, විරැුකියාව, ජීවන වියදම, සෞඛ්‍ය ගැටළු, බලශක්ති අර්බුදය වැනි හැමදාකම සම්මුඛ වෙන ගැටළුවලට විසදුම් සොයන්නට සිදු වන විටයි හමුදා කාර්යක්ෂමභාවයේ මොඩලය සහ ජාතික අර්බුද කළමණාකරණය කිරීමට අවශ්‍ය දේශපාලන ශක්තිය අතර ආතතිය පුපුරා යන්නෙ. පසුගිය සති කීපය තිස්සේ සිදු වූ දේවල් වලින් අප දැනටමත් අත් දැක ඇත්තේ කළ යුතු දේ කිරීමට සහ විපක්ෂය මැඩලීමට බලය පාවිච්චි කිරීම කරා නැවත විතැන් වීම සිදු වන ආකාරයයි.
2015 ට පෙර මේ රෙජීමයේ වාර්තාව අනුව බැලූවොත්, එවැනි ආතතීන් සමනය කිරීමේ මාර්ග හැටියට ඔවුන් දන්නේ දෙවිදියක් පමණක් බව පෙනේ. එනම් ප‍්‍රචණ්ඩත්වය සහ බිය ගැන්වීම යොදාගැනීම සහ වාර්ගික ආගමික සහ දේශපේ‍්‍රමී සටන් පාඨ වලින් ජනතාව අවුස්සා ඔවුන්ගේ අවධානය වෙනතකට හැරවීමයි. මේ දෙවිදියම ඉතා අවදානම් සහගත බව මෑතකදී ඉන්දියාවේ ඇති වුණු ඛේදනීය තත්ත්වයන් විසින් ඔප්පු කර තිබේ. 2015 න් පසු ත්ත්තවයන් වෙනස් වී ඇති බවද සටහන් කිරීම වටී. ජනතාවගේ ඉවසීම ඉතා පටු වී ඇති අතර අධිපති දේශපාලනයට එරෙහි විරෝධතා දැක්වීම ද වර්ධනය වෙමින් පවතී.

නමුත්, මේ මොහොත ජනතාව ඒකරාශී කොට සංවිධානගත කිරීම සදහාත් දේශපාලන විකල්පයක් පරිකල්පනය කිරීම සදහාත් අවස්ථාව ද පාදා දෙයි. සමහරවිට මේ වනාහි, අධිපති දේශපාලනයට එරෙහිව ශක්තිමත්, පරිකල්පනීය සහ නිර්භය ප‍්‍රගතිශීලි අභියෝගයක් ඉස්මතුවීමට හොදම මොහොත ද විය හැකියි. යූ එන් පී යට නැවත ගොඩනැගීමට කාලය සහ අවකාශය ලැබීමට පෙරත්, ජනතාවට යූ එන් පී ය කළ හදිය අමතක වීමට පෙරත් මේ බලවේගය ඉස්මතු විය යුතුයි. අධිපති දේශපාලන පක්ෂ විසින් මේ රටේ දේශපාලනයේ ගෙල සිරකර අල්ලා ගෙන සිටින හස්තය ගලවා දැමීම සදහා ප‍්‍රගතිශීලි බලවේග පැරණි සටන්පාඨ නැවත නැවතත් පාවිච්චි නොකරන, දුෂණයට සහ දුරාචාරයට එරෙහිව අවදියෙන් සිටීම පමණක් සෑහේ යැයි නොසිතන අලූත් හඩක් සොයා ගත යුතුයි. මේ සදහා එක් උපාය මාර්ගයක් නොව උපායමාර්ග කිහිපයක් අවශ්‍යයි. ජනතාව ඒකරාශී කිරීම සදහා දෘෂ්ටිවාදමය වශයෙන් සමතුලිත, ප‍්‍රඥාගෝචර එසේම ඕනෑම අයෙකුට ප‍්‍රවේශවිය හැකි අදාළ කර ගත හැකි ක‍්‍රියාමාර්ග අනුගමනය කිරීම අවශ්‍යයි. දෘෂ්ටිවාදීමය සමතුලිත බව, ප‍්‍රඥාගෝචර බව යන්න අතිශයින් වැදගත්. ශ‍්‍රී ලාංකීය සන්දර්භය තුළ මේ සදහා, වර්තමාන ආර්ථික උපායමාර්ග පිළිබදව සහ ජාතියක සහ එහි වැසියන්ගේ නිශ්චිත ඉතිහාසයක් හා සබැදුණු වාර්ගික ආගමික ජාතිකවාදය සහ ආරක්ෂක රාජ්‍යය පිළිබදව පැහැදිලි ආස්ථානයක් දැරීම අවශ්‍යය.

ප‍්‍රගතිශීලි දේශපාලනයට අද දවසේ ඇති අභියෝගය වන්නේ මහජනතාවගේ පරිකල්පනය නිවැරදිව අල්ලා ගැනීමත්, තමන්ට යථාර්ථවාදී, එසේම ජයග‍්‍රහණය කළ හැකි විකල්පයක් ඉදිරිපත් කළ හැකි බවට ජනතාව තුළ ආත්මවිශ්වාසය ගොඩනැංවීමත්ය. මේ සදහා නිර්භය තෝරාගැනීම් කිහිපයක සංකලනයක් අවශ්‍යයි. එසේම බිම් මට්ටමේ සංවිධානගත වීම සහ ජාතික තලයේදී නිර්භය නායකත්වයක් අවශ්‍යයි. තත්වයන් අනිත් පැත්තට හැරවීමට හැකි මොහොත මෙයයි. අපි අපේ සියළු ශක්තිය යොදා ඒ මොහොත අල්ලා ගත යුතුයි.

( ජාතික ජන බලවේගයේ ‘මාලිමා ‘ සගරාවෙනි )

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *