හදිසි කතා බහකට දයාසිරි එනවිට බැසිල් හොදටම ලෙඩවෙලා !

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේහම් දයාසිරි ජයසේකර මහතා ඊයේ හදිසියේම ගියේ ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ මහ ලෙකම් බැසිල් රාජපක්ෂ මහතා හමුවීමට ය . ශ්‍රීලනිපයට පොදුජන පෙරමුණෙන් දිගින් දිගට එල්ල වන වාග් ප්‍රහාර වලක්වා ගෙන සාමය ඇතිකර ගැනීමට බැසිල් රාජපක්ෂ මහතාගේ සහය ලබා ගැනීම දයාසිරි ජයසේකර මහතාගේ අරමුණ වී තිබිණි .

කෙසේ වෙතත් බැසිල් රාජපක්ෂ මහතාගේ අර්ක්ෂකයින්ගෙන් දයාසිරි ජයසේකර මහතාට දැන ගන්නට ලැබුණේ බැසිල් රාජපක්ෂ මහතා බරපතළ ලෙස අසනීප වී ප්‍රතිකාර ලබන බවයි . කිසිවකු හමු නොවී විවේක ගන්නට රාජපක්ෂ මහතාට වෛද්‍ය උපදෙස් ලැබී ඇති බව ආරක්ෂකයෝ කී හ.

තමන්ට ඉතා හදිසි අවශ්‍යතාවයකට බැසිල් රාජපක්ෂ මහතා හමුවීම අවශ්‍ය බවට පණිවිඩයක් තියා දයාසිරි ජයසේකර මහතා නික්ම ගියේ බලවත් කලකිරීමෙන් බව කියති. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *