කරූද විසිකර රනිල් ගේමට බහී.. අලියාගෙන් මැතිවරණයට ස්ථිරයි.. සජිත් බලවේගයේ නාම යෝජනා අවලංගු වන අවදානමක්..

කරූද විසිකර රනිල් ගේමට බහී.. අලියාගෙන් මැතිවරණයට ස්ථිරයි.. සජිත් බලවේගයේ නාම යෝජනා අවලංගු වන අවදානමක්..

සමගි ජන බලවේගයේ ව්‍යවස්ථාවේ පවතින නීතිමය ගැටලු හේතුවෙන් ‘අලියා’ ලකුණ යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වීමට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ තීරණය කර ඇත.

සමගි ජන බලවේගය සමග එක්සත් ජාතික පක්ෂය වෙනත් ලකුණක් යටතේ මහමැතිවරණයට ඉදිරිපත් වුවහොත් ව්‍යවස්ථාවේ පවතින නීතිමය ගැටලුව කේන්ද්‍ර කර ගනිමින් කිසියම් පුද්ගලයකු ඡන්ද පෙත්සමක් ඉදිරිපත් කළහොත් නාමයෝජනා ලේඛන අහෝසි වීමේ අවදානමක් ඇති බව පක්ෂ නායකත්වය පෙන්වා දී ඇත.

ඩුබායි සංචාරය අවසන් වීමෙන් පසු දිවයිනට පැමිණි පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී සාකච්ඡා කිහිපයකට එක්ව ඇත. හිටපු කථානායක කරු ජයසූරියට බලතල ලබා දෙමින් මහ මැතිවරණය මෙහෙයවීමට පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මීට පෙර තීරණය කළද එම තීරණයද ඉවත් දමා ඇත. හිටපු කථානායකවරයාට ඔහු පෙන්වා දී ඇත්තේ මහ මැතිවරණය මෙහෙයවීමට පක්ෂයේ දෙවන පරම්පරාවට ලබා දිය යුතු බවයි.

මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාම යෝජනා ලේඛන සකස් කිරීමද ආරම්භ කර ඇත. නාම යෝජනා ලේඛන ලබන බදාදා (11දා) දිනට පෙර සකස් කරන ලෙස පක්ෂ නායකත්වය මහ ලේකම් අකිල විරාජ් කාරියවසම්ට දැනුම් දී තිබේ.

සමගි බලවේගය සමග එකතුව හංසයා ලකුණෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වුවද එවැනි අවශ්‍යතාවක් නොමැති බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ පෙන්වා දී තිබේ.

– aruna

Leave a Reply

Your email address will not be published. Required fields are marked *