එජාපය දිස්ත්‍රික්ක 22 ටම අලියාගෙන් තරග වදී

එක්සත් ජාතික පක්ෂය දිවයිනේ දිස්ත්‍රික්ක 22 ටම තරග වදින බව පක්ෂයේ මහ ලේකම් අඛිල විරාජ් කාරියවසම් මහතා මැතිවරණ කොමිසම වෙත දන්වා යවා ඇත . එජාපය තරග කරන්නේ තම පක්ෂ ලකුණ වන අලියා ලකුණෙනි .

දේශපාලන නිරීක්ෂකයන් කියන ලෙස පක්ෂය තුළ මේ වන විට කණ්ඩායම් තුනක් ක්‍රියාත්මක ය . එනම් සජිත් කණ්ඩායම , රනිල් කණ්ඩායම සහ පක්ෂය සමගි කිරීමට උත්සාහ දරන කණ්ඩායම වශයෙනි .

සජිත් කණ්ඩායම මේ වනවිට ප්‍රධාන පක්ෂය සමග සබදතා අතහැර ක්‍රියාත්මක ය . පක්ෂය අලියා ලකුණින් තරග කිරීමට සියලු කටයුතු සුදානම් කරමින් සිටියි .

මෙම කණ්ඩායම් දෙක එකතු කර තනි ලකුණකින් මැතිවරණය තරග කිරීමට ප්‍රබල උත්සාහයක් ඇතත් එය මෙතෙක් සාර්ථක වී නැත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *