හිටපු ජනපති මෛත්‍රීට – “ගෙදර ගියත් තෝ නසී , මග හිටියත් තෝ නසී”

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම මැතිවරණයේ දී ” ගෙදර ගියත් තෝ නසී , මග හිටියත් තෝ නසී” තත්ත්වයට පත් ව සිටින බව දේශපාලන විචාරකයෝ කියති .

එසේ වී තිබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා පොළොන්නරුවෙන් තරග කළහොත් ඔහු පැරදවීමට රොෂාන් රණසිංහ ප්‍රමුඛ පොහොට්ටු කණ්ඩායම සැදී පැහැදී සිටීමත් , ජාතික ලැයිස්තුවට අවොත් අන්තිමේ දී ඔහු පත් නොකර සිටීමට ඉඩ තිබීමත් නිසා ය .

හිටපු ජනපතිවරයා පොහොට්ටු ලැයිස්තුවෙන් තරග කරනවාටත් පොළොන්නරුවේ පොහොට්ටු කණ්ඩායමේ දැඩි විරෝධයක් ඇත . එම තත්ත්වය යටතේ පොහොට්ටු ඡන්ද ඔහුට ලැබෙනු ඇතැයි සිතිය නොහැකි ය . පොළොන්නරුවේ ශ්‍රීලනිප චන්ද ලබා ගත්ත ද ඔහුට ජයගත හැකිවේද යන්න සැක සහිත බව කියති .

මේ නිසා ශ්‍රීලනිප ප්‍රබලයින් යෝජනා කොට ඇත්තේ සිරිසේන මහතා ජාතික ලැයිස්තුවෙන් පැමිණිය යුතු බව යි . එහි දී සිරිසේන මහතා කියා ඇත්තේ ‘පිස්සුද මන් උන්ට කළ දේ උන් මට කරවී ‘කියා ය . මන් උන්ට කළ දේ කියා සිරිසේන මහතා කියා ඇත්තේ 2015 දී ජාතික ලයිස්තුවේ සිටි මහින්දවාදීන් පත් නොකර මැතිවරණය පැරදුනු තම හිතවතුන් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කිරීම යි .

මේ නිසා මෛත්‍රීපාල සිරිසේන මහතා පත්ව සිටින්නේ පොළොන්නරුවෙන් එන්නත් බැරි ජාතික ලැයිස්තුවෙන් එන්නත් බැරි තත්ත්වය කට ය .

“ගෙදර ගියත් තෝ නසී , මග හිටියත් තෝ නසී” කියා  දෙශපාලන විචාරකයන් කියන්නේ එකට ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *