රවී ඇතුළු 10 කට වරෙන්තු

හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු 10 දෙනකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (6) වරෙන්තු නිකුත් කළේය.

මෙම නඩුවේ 10 වැනි සැකකරු වන බුද්ධික සරත්චන්ද්‍ර යන අයට වරෙන්තු නිකුත් කිරිම මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කෙරිණි.

සැකකරුවන් සම්බන්ධයෙන් වැඩිදුරටත් නඩු කටයුතු පවත්වාගෙන යාමට කරුණු ඉදිරිපත් වන බවට තීරණය කරමින් වරෙන්තු නිකුත් කරනු ලැබිණි.

(නිමන්ති රණසිංහ)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *