මැති ඇමතිවරු අල්ලස් ගන්නේ ඡන්ද කරන්නයි – ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ

අද පවතින තත්ත්වය යටතේ මැතිවරණයක් ජයගැනීමට අපේක්ෂකයකුට රුපියල් කොටි තුන හතරක් වියදම් කිරීමට සිදුවන බවත් බලයට පත් වූ විට ඔවුන් අල්ලස් ගැනීමට පෙලබෙන්නේ මැතිවරණයට කළ වියදම සොයාගැනීමට බවත් ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මිලින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය . තමන්ට වියදම් වූ මුදල පමණක් නොව ඉදිරි මැතිවරණය සදහා ද මුදල් සොයා ගැනීමට මැති ඇමතිවරුන්ට සිදු වී ඇති බවද මිලින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය

කොළඹ නගර සභිකයකු ලෙස තමන්ට ලැබෙන වැටුප රුපියල් තිස් නවදහස් පන් සියයක් බවත්  කී ඒ මහතා ගමේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට ලැබෙන්නේ ඊටත් අඩු වැටුපක් බවත්  කී ඒ මහතා ඔවුන්ට ජීවත්වීමට කොහෙන් හෝ මුදල් සොයා ගැනීමට සිදුවන බවද කීය .

දේශපාලනඥයන් හා ඉහළ නිලධාරීන් මෙලෙස අල්ලස් ගන්නා  විට පහළ නිලධාරීන් ද එය වරදක් නොවන බව සිතන  බවත් කාර්යාලයේ කාර්ය සහයකයා ද ලිපි ගොනුවක් තැනකින් තැනකට රැගෙන යාමට අල්ලසක් ගැනීමට පෙලබෙන බවත් මිලින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ ය .

අඩ්වෝකාටා ආයතනය සංවිධානය කොට තිබු කණ්ඩායම් සාකච්ඡාවකට සහභාගී වෙමින් ඒ මහතා ඊයේ (5 දා ) මෙම අදහස් පළ කළේ ය . “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි එපා ” තේමාව යටතේ මෙම උත්සවය සංවිධානය කොටතිබුනේ  මෙරට කුඩා හා ක්ෂුද්‍ර ව්‍යාපාර මුහුණ දෙන ප්‍රශ්න පිලිබදව කළ සමීක්ෂණයක වාර්තාව එළිදැක්වීම සදහා ය .

එහි දී සභ්වෙන් මතුකළ ප්‍රශ්නයක් වුයේ ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ දී හා අනෙකුත් කටයුතුවල දී රජයේ නිලධාරීන්ට අල්ලස් දීමට සිදුවීම බරපතළ ගැටලුවක් බව ය . එයට පිළිතුරු සපයමින් මිලින්ද රාජපක්ෂ මහතා ඉහත අදහස් ප්‍රකාශ කළේ ය .

කොළඹ 7 හෝර්ටන් පෙදෙසේ ලයිට් හවුස් ශාලාවේ දේ උත්සවය පැවැත්විණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *