සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු ය – අඩ්වෝකාටා ආයතනය

සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අපහසු බව  අඩ්වෝකාටා ආයතනය සිය  නවතම අධ්‍යයන  වාර්තාව එළිදක්වමින් කියයි ” පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි’ ලෙස හදුන්වා  ඇති  මෙම වාර්තාව සකස් කොට ඇත්තේ දිවයින පුරා  කළ සමීක්ෂණයක ප්‍රතිඵල වශයෙනි 

  “පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි” වාර්තාව එළිදැක්වීම 2020 මාර්තු 5දා (ඊයේ ) සිදුකරනු  ලැබී ය . කුඩා සහ ක්ෂුද්‍ර ව්‍යාපාර මුහුණදෙන නීතිමය හා නියාමන බාධක ඉවත් කරගැනීම සදහා අඩ්වෝකාටා ආයතනය දැන් කරගෙන යන කටයුතුවල කූටප්‍රාප්තිය ලෙස , රතු පටි ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීමේ අවස්ථාව ලෙස මෙම උත්සවය වැදගත් වෙයි .

අඩ්වෝකාටා ආයතනය තමන්ගේ නවතම වාර්තාව ලෙස “ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය වලට ඇති බාධා”  වාර්තාව ද එලි දක්වනු ලැබූ අතර දිවයින පුරා කළ සමීක්ෂණයකින් සකස් කළ වාර්තාවෙන් රටේ ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසාය පිලිබදව සමස්ත චිත්‍රයක් තේරුම්ගත හැකි වනු ඇත . මෙම ව්‍යවසායයන්ට මුහුණදීමට සිදුව ඇති මුල්‍ය, ලියාපදිංචිය, ඉඩකඩ සහ ශ්‍රමය ඇතුළු විවිධ නියාමන බාධක සමීක්ෂණය මගින් හෙළිදරවු කොට ඇත. මෙම බාධක අතරින් එකක් ගැන අවධානය යොමුකරන වාර්තාව එම ක්‍රියාවලිය විධිමත් හා  යථාර්තවාදී කිරීමට නිර්දේශ යෝජනා කොට ඇත.මෙම වාර්තාවෙන් හදුනාගෙන ඇති මුලික කාරණයක් වන්නේ සීමාසහිත පුද්ගලික සමාගමක් ලියාපදිංචි කිරීමට වඩා ඒක පුද්ගල කුඩා ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ශ්‍රී ලංකාව තුල අපහසු බවයි 

පොඩි බිස්නස් පොඩි කරන රතු පටි රෙගුලාසි ව්‍යාපෘතියේ අරමුණ වන්නේ ශ්‍රී ලංකාවේ ව්‍යාපාර මුහුණ දෙන නීතිමය හා නියාමන බාධක හදුනාගැනීම , අධ්‍යයනය කිරීම හා ඒවා ඉවත්කිරීම වෙනුවෙන් පෙනීසිටීම යි . මෙහි මුල් පියවරක් වශයෙන් අඩ්වෝකාටා ආයතනය “ක්ෂුද්‍ර හා කුඩා ව්‍යාපාරවලට ඇති නීතිමය හා නියාමන බාධා” පිලිබඳ වාර්තාව එලි දක්වනු ලැබූවා. මෙහිදී නීතිමය හා නියාමන බාධක ඉවත් කළ යුතු හෝ සරළ කළ යුතු රජයේ ක්‍රියාවලි   හා නීතී රීති පිළිබඳව ව්‍යවසායකයින්ට තම කලකිරීම හෝ අදහස් ඉදිරිපත්කිරීම සදහා www.redtape.lk  වෙබ් අඩවියක් ද ආරම්භ කෙළේ ය.

මෙම ව්‍යාපෘතියේ කටයුතු ඉදිරියට ගෙන යන ලද්දේ, තම ව්‍යාපාර ආරම්භ කිරීමේ දී මුහුණදීමට සිදු වූ බාධක හා ඔවුන් විශ්වාස කරන අන්දමට ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න අඩු කිරීමට හැකිවන ලෙස ක්‍රමය වෙනස් කළ හැකි ආකාරය ගැන විස්තර කරමින් සිංහල, දෙමල, සහ ඉංග්‍රීසි භාෂාවලින්  රචනා යොමු කරන ලෙස දිවයින පුරා ක්ෂුද්‍ර සහ කුඩා ව්‍යවසායකයින්ගෙන් ඉල්ලා සිටිමින් අඩ්වෝකාටා ආයතනය ක්‍රියාත්මක කළ අන්තර්ජාල රචනා තරගය මගිනි. මාඩසාමි සුවෙන්තිරන් ප්‍රථම ස්ථානය දිනා ගත් අතර දෙවන ස්ථානය විකුම් රාජපක්ෂටත් තෙවන ස්ථානය එලිජා හූල්ටත් හිමිවී ය.

ආචාර්ය එස් රාජපතිරණ (සභාපති, අධ්‍යාපනික වැඩසටහන්, අඩ්වෝකාටා ආයතනය ) මිලින්ද රාජපක්ෂ (සභික , කොළඹ මහ නගර සභාව) සහ අචලා සමරදිවාකර (සම ආරම්භක සහ කළමනාකාර අධ්‍යක්ෂ , ගුඩ් මාකට් ආයතනය) සහභාගී වූ කණ්ඩායම් සාකච්ඡාවක් ද උත්සවයට ඇතුළත් විය . ධනනාත් ප්‍රනාන්දු (ප්‍රධාන මෙහෙයුම් නිලධාරී, අඩ්වෝකාටා ආයතනය ) විසින් කණ්ඩායම් සාකච්ඡාව මෙහෙයවනු ලැබීය.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *