මැතිවරණ කොමිසම උපාධිධාරි පුහුණුව අත්හිටුවයි

උපාධිධාරීන් රාජ්‍ය සේවයට බඳවා ගනීමේ වැඩසටහන යටතේ  උපාධිධාරීන්ට පුහුණුව ලබාදීම මැතිවරණය නිමවනතෙක් අත්හිටුවීමට මැතිවරණ කොමෂන් සභාව තීරණය කර තිබේ.

මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ ඊට අදාළ ලිපිය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත යොමුකර ඇති බවයි.

රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමේ රජයේ වැඩසටහන යටතේ, සුදුසුකම් සපුරනු ලැබූ අයදුම්කරුවන් හතලිස්පන්දහස් පන්සිය අසූපහක් රැකියාලාභීන් ලෙස තෝරාගැණුනි.

ඔවුන්ගේ පත්වීම් ලිපි සියල්ල මේ වන විට තැපැල්කර අවසන්ය. 

මැතිවරණ කොමිසම පවසන්නේ මැතිවරණයක් කැඳවා ඇති මොහොතක උපාධිධාරීන් රාජ්‍ය සේවයට බදවා ගැනීම හරහා දේශපාලනමය ප්‍රවර්ධනය කිරීමක් සිදුවන බවට පැමැණිලි ලැබී ඇති බැවින් මෙම පියවර ගත් බවයි.

අද දෙරණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *