සජිත් ඇතුළු පිරිස කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම වර්ජනය කරති

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත එක්සත් ජාතික පක්ෂ  මූලස්ථානයේදී මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (04) පස්වරුවේ පැවැත්විණි.

නාමයෝජනා මණ්ඩල පත්කිරීම සම්බන්ධයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වනේ විශේෂ රැස්වීමක් පැවැත් වූ බැවින් මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවූ බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා පැවැසීය.

(නිමල කොඩිතුවක්කු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *