එජාප අර්බුදය සමථයකට – විසඳුම ගැන රාජිත කියයි

අද දවස තුළ එක්සත් ජාතික පක්ෂයේ පවත්නා අර්බුදයේ නිමාවක් දැකිය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා පැවසීය. ඒ අද (04) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.

එක්සත් ජාතික පක්ෂය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට සජිත් ප්‍රේමදාස පාර්ශවය එකඟ වී ඇති බවයි සේනාරත්න මහතා පැවසුවේ. 

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්ධූරය සජිත් පාර්ශවයටත් එකඟ විය හැකි අයුරින් එජාපයේම කෙනෙකුට ලබා දීමටද ඔවුන් කැමැත්ත පළකර තිබෙන බව සේනාරත්න මහතා කියා සිටියේය. 

කෙසේවෙතත් සියලුම දෙනා එකතු වී එක ලකුණක් යටතේ තරඟ කරන බවයි මන්ත්‍රීවරයා පැවසුවේ. 

පවත්නා අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් කරු ජයසූරිය මහතා සමඟ මෙන්ම රනිල් වික්‍රමසිංහ මහතා සමඟද සාකච්ජා පවත්වා ඇති අතර එජාප ව්‍යවස්ථාවෙන් තමන්ට ලබා දී ඇති බලතල දෙකක් කරු ජයසූරිය මහතා මෙම අර්බුදය විසඳීමට මැදිහත්වන්නේ  නම් ඔහු සමඟ සාකච්ජා කර එම බලතල භාවිතා කරීමට වික්‍රමසිංහ මහතා කැමැත්ත පළකර ඇති බවයි රාජිත සේනාරත්න මහතා කියාසිටියේ. 

පක්ෂ නායකයට ඇති සෙසු සියළු බලතල කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ලබා දී ඇති අතර ඒවා කරු ජයසූරිය මහතාට ලබා දීමටද වික්‍රමසිංහ මහතා එකඟ වී ඇත. 

පක්ෂයේ සමගිය වෙනුවෙන් මහලේකම් ධුරය අත්හැරීමට අවශ්‍ය නම් ඊට තමන් සූදානම් බව එජාප වත්මන් මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතා කැමැත්ත පළ කර ඇති බවද රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේය.  

Leave a Reply

Your email address will not be published. Required fields are marked *