ව්‍යවස්ථා වැඩපිළිවෙල කඩාකප්පල් කරන්න වමේ එකතුවක්

නව ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමට පසුගිය දා අගමැතිවරයා පාර්ලිමේන්තුවට යෝජනා කිරීමත් සමග සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂයට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද බරපතල අර්බුධයකට මුහුණ දී ඇති බව යුක්තියට වාර්තාවේ. ප්‍රතිපත්තියක් වශයෙන් විධායක ජනාධිපති ක්‍රමයට එරෙහිව පෙනී සිටි මේ පක්ෂ තුන මෙසේ අර්බුධයකට මුහුණ දී ඇත්තේ ජාතික ප්‍රශ්නය මුල්කරගෙන බව කියැවේ.

තතුදත් දේශපාලන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ නව ව්‍යවස්ථාවකට ජනතා විමුක්ති පෙරමුණ විරුද්ධ වන්නේ ජාතික ප්‍රශ්නය මගහැර යෑමට ය. ඒ අනුව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය හා මනාප ක්‍රමය ඉවත්කර සමානුපාතික ක්‍රමය එසේම තබාගැනීම ප්‍රමාණවත් බව ය.

මේ තතු යටතේ අභයාරාම පාර්ශව සමග එක් වී සිටින කොමියුනිස්ට් පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ සමග එක් වී වෙනම වමේ පෙරමුණක් ලෙස නව ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයට එරෙහිවීමට සූදානමක් ඇති බව වාර්තාවේ. ජාතිවාදි නොවන වමේ මුහුණුවරකින් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ව්‍යාපාරය කඩාකප්පල් කිරීමට ජනතා විමුක්ති පෙරමුණ සහ කොමියුනිස්ට් පක්ෂය දියත් කිරීමට යන මේ වැඩපිළිවෙලට එක්වීමට තිස්ස විතාරණ නායකත්වය දෙන ලංකා සමසමාජය ද තීරණයකර ඇති බව යුක්තියට දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *