ඖෂධ හිඟය:රාජිත කට අරී – GMOA රෙදි ගැලවෙයි

ඖෂධ හිඟය තමන් අමාත්‍ය ධූරය සමයේ විසඳුම් දී තිබියදීත් වත්මන් ආණ්ඩුවට එය පවත්වාගෙන යාමට නොහැකි තරමට ඔවුන් අසමත් වී තිබෙන බව හිටපු සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අවධාරණය කළේය.

රෝහල් තුළ ඖෂධ අඩු වන විට එය හඳුනා ගැනීමට ඇප් එකක් පවා නිර්මාණය කර තිබූ බවයි සේනාරත්න මහතා පැවසුවේ. 

මේ වන විට ඉතිහාසයේ නොවූ අන්දමට ඖෂධ හිඟයක් මතුව තිබෙන අතර ඊට වගඋත්තරකරු ලෙස තමන්ව නම් කිරීමට ආණ්ඩුව හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය උත්සහ දැරුවද තමන් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවට කළ කාර්යභාර්ය සමඟ ඔවුන්ට තමන් සමඟ ගැටීමට නොහැකි බවයි ඔහු පෙන්වා දුන්නේ. 

ඖෂධ සමාගම්හි ඒකාධිකාරිය බිඳ දමා රජයට බිලියන ගණනින් මුදල් ඉතිරි කළ බවත් එකී ඖෂධ මාෆියාව සමඟ අධිකරණයේදී පවා තමා ජයග්‍රහණය කළ බව රාජිත සේනාරත්න මහතා කියා සිටියේය. 

ඖෂධ හිඟය වළක්වා ගැනීම ඇතුළු ඖෂධ මිලදී ගැනීම සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කර තිබියදී එය දැන් ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම ආණ්ඩුවේ නොහැකියාව මිස තමන්ගේ ප්‍රශ්නයක් නොවන බව අවධාරණය කළ හිටපු අමාත්‍යවරයා පැවසුවේ ආණ්ඩුව මාරු වුවත් රජය පවතින අතර මුදල් බලය ඇතුළු තීරණ ගැනීමේ හැකියාව ලේකම්වරු සතුව පවතින බවයි. 

එහෙත් මේ වන විට සම්මත කරගැනීමට නොහැකි වූ පරිපූරක ඇස්තමේන්තුව මතට සියල්ල බැර කිරීමට ආණ්ඩුව උත්සහ දරන බවද ඔහු ප්‍රකාශ කරන ලදී.

තමන් 2015 අමාත්‍යාංශය භාර ගන්නා විට රාජපක්ෂ ආණ්ඩුව රු.බිලියන 140ක බිල් ගෙවා නොතිබූ අතර එය තමන් විසින් එය කළමනාකරණය කළ ආකාරය පිළිබඳ සොයා බලන ලෙසද හිටපු අමාත්‍යවරයා කියා සිටියේය. 

රාජිත සේනාරත්න මහතා මෙම අදහස් පළ කළේ ලංකා නිවුස් වෙබ් සමඟ විශේෂ සාකච්ජාවකට එක්වෙමිනි.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *