හදවත, හංසයා නැති වූ සජිත්ට “සංධානය”ත් නැතිවෙයි !

හදවත  ලකුණින් සමගි ජාතික සංධානය ලෙස මහ මැතිවරණයට තරග කරන්නට සැලසුම් කොට සිටි සජිත් ප්‍රේමදාස කණ්ඩායමට පවතින නීතිමය තත්ත්වය තුළ හදවත ලකුණත් පසුව තෝරාගත්  හංසයා ලකුණත් අහිමි වුණා සේම  සමගි ජාතික සංධානය ලෙස තරඟ කිරීමේ අවස්ථාව ද අහිමි වනු ඇතැයි තතුදත් දේශපාලන ආරංචි මාර්ග කියයි .

මෙයට හේතු වී ඇත්තේ අවසානයේ අලියා ලකුණ තෝරාගැනීමට සිදුවීමත් එම ලකුණ හිමි පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය ලෙස තරග කිරීමට සිදු වීමත් ය .

අලියා ලකුණ තෝරාගතහොත් ඡන්ද පත්‍රිකාවට යන්නේ එක්සත් ජාතික පක්ෂයේ නමයි. එවිට සන්ධානයක් ගැන කියමින් මැතිවරණ ප්‍රචාරය කළ නොහැකි ය .

මෙබදු තත්ත්වයක දී නාම යෝජනා අත්සන් කිරීම එජාප මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සිදුකරනු ඇත . සජිත් විසින් පත්කරගත් ලේකම් රන්ජිත් මද්දුම බණ්ඩාර බලරහිත වෙයි .

සජිත් පාර්ශවයට ඇති අනෙක් විකල්පය නම් සමගි ජාතික සංධානය ලෙස වෙනත් ලකුණකින් තරග කිරීමයි . එවිට එක්සත් ජාතික පක්ෂය ද අලියා ලකුණින් වෙන ම තරග කරනු ඇත . එලෙස වෙන් වී තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතාගේ සුදානමක් නැති බව කියති .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *