රනිල් කොළඹින් මහ මැතිවරණයට ; සජිත්ගේ පිම්ම වරදී !

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සුපුරුදු පරිදි මෙවරත්  කොළඹ දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කරන බව පක්ෂයට දැනුම් දී ඇති බව පක්ෂයේ තතුදත් ආරංචි මාර්ග කියයි .

රනිල් වික්‍රමසිංහ මහතාට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රී ධුරයක් ලබා දී සජිත් ප්‍රේමදාස මහතා කොළඹින් තරග කිරීමට දැරූ උත්සාහය මෙමගින් ව්‍යර්ථ වන බව කියති .

තමන්ට තවමත් ඇති ජන ප්‍රසාදය පෙන්නුම් කිරීම සදහා මැතිවරණය තරග කළ යුතු ම බව වික්‍රමසිංහ මහතා පවසා ඇති බව ද වාර්තා වෙයි . මේ  අවස්ථාවේ විවේක ගන්නා ලෙස සජිත් පර්සවයෙන් කළ ඉල්ලීම වික්‍රමසිංහ මහතා පිළිගෙන නැත .

හම්බන්තොට තම ඡන්ද පදනම ඉතා දුර්වල වී ඇති නිසා වෙනත් දිස්ත්‍රික්කයකින් තරග කිරීමට සජිත් ප්‍රේමදාස මහතා උත්සහ දරමින් සිටින බව කියති . රනිල් තරග කරන නිසා කොලබින් තරග කිරීම ප්‍රශ්නයක් වී ඇති සජිත් කුමන දිස්ත්‍රික්කයකින් තරග කරන්නේ ද යන්න තවම තීරණය වී නැත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *