ආණ්ඩුව මෙතරම් නිවටද.. ජනතාව ඉන්නේ කෝපයෙන්.. මාත් ජනතාව සමගයි..- ඇමති වාසු

වෙළෙඳ ප්‍රජාව හමුවේ ආණ්ඩුව නිවට වී දැයි ජනතාව ප්‍රශ්න කරන බව බවත් ඒ මෙතෙක් බඩු මිල අඩු නොවීම නිසා බවත් රාජ්‍ය ඇමති වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේය.

මේ හේතුවෙන් අද ජනතාව සිටින්නේ කෝපයෙන් බවද කී ඔහු තමන් ද ඉන්නේ ජනතාවගේ පැත්තේ බවද පැවසුවේය.

තවදුරටත් වෙළඳපොළ වල්බූරු නිදහසට ඉඩදී බලා සිටිය නොහැකි බවද කී ඔහු අත්‍යවශ්‍ය ද්‍රව්‍යවල මිල කෘතිමව පාලනය කරන්නේ මහා පරිමාණ වෙළඳුන් කිහිප දෙනෙක් එකතු වී යයිද කියා සිටියේය.

ඇමැතිවරයා මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි

LANKACNEWS

Leave a Reply

Your email address will not be published. Required fields are marked *