පත් කරන්නේ නැහැයි කියූ රවිප්‍රිය රේගු අධ්‍යක්ෂක තනතුරේ වැඩ අරඹයි

නව රේගු අධ්‍යක්ෂක ජෙනරාල්වරයා ලෙස විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත රවිප්‍රිය මහතා ඊයේ  වැඩ භාරගෙන තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින්, රවිප්‍රිය මහතා රේගු අධ්‍යක්ෂක තනතුරට පත් කළේ පසුගිය 19 වැනිදායි.

කීර්තිමත් හමුදා නිළධාරියෙකු වන රවිප්‍රිය මහතා යුද හමුදාවේ ඉහළ තනතුරු ගණනාවක් දරා ඇති අතර ඔහු විශ්‍රාම ගන්නා විට වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස කටයුතු කළේය.

රවිප්‍රිය මහතා මෙම තනතුරට පත් කිරීමෙන් පසු ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග පවසා තිබුණේ අදාල තනතුරට හමුදා නිළධාරියෙකු පත් නොකරන ලෙසයි. අගමැතිවරයා ඊට එකඟ වෙමින් රවිප්‍රිය මහතාගේ පත් කිරීම අත්හිටුවන බවට පරිපාලන නිළධාරීන්ගේ සංගමය වෙත පොරොන්දු වී තිබිණි.

UN

LANKANEWSWEB



Leave a Reply

Your email address will not be published. Required fields are marked *