ගාල්ලට මන්ත්‍රී ආසනයක් අහිමිවෙයි

2019 නව ඡන්ද හිමි නාම ලේඛනයට අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමිව තිබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආසනයක් අඩුවී බදුල්ල දිස්ත්‍රික්කයට එක් මන්ත්‍රී ආසනයක් වැඩි වී තිබේ.

ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන 10 ආසන 9 ක් බවට පත්වී ඇත.

බදුල්ල දිස්ත්‍රික්කයට හිමි පාර්ලිමේන්තු මන්ත්‍රී ආසන සංඛ්‍යාව 8 සිට 9 දක්වා වැඩි වී තිබේ.

ඡන්දය හිමි නාමලේඛනයක්  සංශෝධනය වනවිට ඒ ඒ දිස්ත්‍රික්කයට හිමි ඡන්ද දායකයින් සංඛ්‍යාවේ ප්‍රතිශතය මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර සංඛ්‍යාව තීරණය වේ.

(රංජන් කස්තුරි)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *