නව අධිවේගී මාර්ගය ආවරණය විදෙස් මාධ්‍යවේදීන්ට පමණයි

මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නො වූ බව වාර්තා වෙයි

දේශීය මාධ්‍යවේදීන්ට ඒ සඳහා අවසර ලබා දී නොමැති බවත් විදේශීය මාධ්‍යවේදීන්ට පමණක් එම අවස්ථාව ආවරණය කිරීමට ඉඩ ලබා දී ඇති බවත් ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන් සහ ජනාධිපති ආරක්ෂක නිලධාරීන් ප්‍රකාශ කොට ඇත .

ගොඩගම අධිවේගී පිවිසුම අසල රැඳී සිටි මාධ්‍යවේදීන් එම පරිශ්‍රයෙන් ඉවත් කිරීමට ද කටයුතු කොට තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *