ජිනීවා යෝජනාවෙන් ඉවත්වන්නේ නැහැ , ඒක වැරදි වැටහීමක් – විදේශ ඇමති දිනේෂ්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ සම්මත වී ඇති යෝජනාවලින් රජය ඉවත් නොවන බව විදේශ කටයුතු ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කොට ඇත . ඒ මහතා කියා ඇත්තේ තමන් එයට සම අනුග්‍රහය දැක්වීමෙන් ඉවත්වන බවට ප්‍රකාශ කිරීමට පමණක් බලාපොරොත්තු වන බවයි . මානව හිමිකම් කවුන්සලයේ යෝජනාවෙන් රජය ඉවත්වන බවට වන ප්‍රචාරය වැරදි වැටහීමක් නිසා සිදුවන්නක් බව ද විදේශ ඇමතිවරයා කියා තිබිණි .

අද පළවූ SUNDAY TIMES පුවත්පතට ඇමතිවරයා මේ බව ප්‍රකාශ කොට ඇත .

මෙවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ රැස්වීමට ශ්‍රි ලංකාවේ මානව හිමිකම් පිළිබද වාර්තාවක් ඉදිරිපත් වීමට නියමිත නමුත් ඒ පිළිබද ඡන්ද විමසීමක් සිදු නොවනු ඇත . නැවත ඡන්ද විමසීමකට යනු ඇත්තේ යෝජනාවේ කාලය අවසන් වන ලබන වසරේ දී ය . මෙම යෝජනාව ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ඒ අවස්ථාවේ දී ප්‍රකාශ කරන බව ඇමතිවරයා වැඩිදුරටත් පවසා තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *