මම මුලදිම කිව්වා ආණ්ඩුව ගන්න එපා කියලා. අපේ අය ඇහුවෙ නෑ – අගමැති මහින්ද

ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසු ආණ්ඩුව බාරගැනීමට තමන් මුලදීම විරුද්ධ වුණු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසයි. 

පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොමැති තත්වයක් තුළ ආණ්ඩුව බාරගත්ත ද අනිවාර්යයෙන්ම ප්‍රශ්න ඇති බව තමන් දැනසිටි බවයි ඒ මහතා අවධාරණය කළේ. 

“මම නම් ඇත්ත වශයෙන්ම මේ අවස්ථාවෙදි මේ ගැන සාකච්ඡා කරනකොට මං කිව්වා මේක බාරගන්න එපා කියලා. ආණ්ඩුව එයාලටම දෙන්න කියලා කරගෙන යන්න. හැබැයි අපේ වැඩිදෙනා කිව්වෙ බාරගෙන අපි මේක කරමු කියලා. 

විපක්ෂයට වැඩි ප්‍රමාණයක් ආසන තියාගෙන ඉදිරියට යන්න පුළුවන්කමක් නැතෙයි කියලා අපි විශ්වාස කළා මේ තත්වය ඇතිවෙයි කියලා. අපට පළවෙනි අවස්ථාවක් ලැබෙනවා මාර්තු මාසෙ පළවෙනිදායින් පස්සෙ ඕනෙම අවස්ථාවක පාර්ලිමේන්තුව විසුරුවලා මැතිවරණයකට යන්න. 

පහුගිය පස් අවුරුද්දෙ වැඩක් කෙරුණෙ නැත්තෙ ඇයි ? එක පාර්ශ්වයක් එකක් කියනකොට අනිත් අය වෙන එකක් කියනවා. මෛත්‍රීපාල යෝජනා කරනකොට රනිල් විරුද්ධ වෙනවා. රනිල් යෝජනා කරනකොට මෛත්‍රීපාල ජනාධිපතිවරයා විරුද්ධ වෙනවා. ඉතිං ඕක තමයි සටන තිබුණේ” යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

මහින්ද රාජපක්ෂ මහතා මේ බව පැවසුවේ පෙරේදා (21) මහනුවරදී පැවති උත්සවයක් අමතමිනි. 

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *