සිටපු ඇමති රංජිත් සියඹලාපිටිය කෙරවලපිටිය හදන්න කෝටි 8ක් කොමිස් ඉල්ලලා ; දැන් ඇමති අමරවීරට මාට්ටු

2016 වසරේ අවසන් කිරීමට නියමිතව තිබූ කෙරවලපිටිය විදුලි බලාගාරයේ අවසන් අදියරේ කටයුතු නිම කිරීමට වැය වන රුපියල් කෝටි 277න් සියයට තුනක් හෙවත් කෝටි අටක පමණ කොමිස් මුදලක් එවකට සිටි  විදුලිබල ඇමැතිවරයකු විසින් එම කොන්ත්‍රාත්තුව බාර ගෙන සිටි පෞද්ගලික සමාගමෙන් ඉල්ලා ඇති බව වාර්තා වී ඇත .

එම අමාත්‍යාංශයේ සිට ලේකම්වරයාගේ සම්පූර්ණ මැදිහත්වීම මත මේ මුදල ඉල්ලා සිට ඇති අතර, එතරම් විශාල මුදලක් කොමිස් වශයෙන් ගෙවීමට එම සමාගම අකමැත්ත පළ කර ඇත. එම බලාගාරයේ අවසන් අදියරේ කටයුතු 2016 වසරේ නිම නොකිරීමට මේ කොමිස් මුදලේ කතාව තවදුරටත් බලපා ඇත.

එම කොන්ත්‍රාත්තුව ලබාගෙන සිටින පෞද්ගලික සමාගම සහ විදුලි බල ඇමැති මහින්ද අමරවීර මහතා ඇතුළු නිලධාරීන් අතර පෙරේදා (20) එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ජාවක දී මේ කොමිස් මුදල් ඉල්ලීම පිළිබඳ කරුණු අනාවරණය වී තිබේ .

එවකට සිටි විදුලිබල ඇමතිවරයා වන්නේ රන්ජිත් සියඹලාපිටිය මහතා ය . වත්මන් විදුලිබල ඇමති ලේකම් දුරය දරන එක්සත් ජනතා නිදස සන්ධානයේ සාමාජිකයකු වන ඔහු මෙම රජයේ රාජ්‍ය ඇමතිවරයෙකි .

කෙරවලපිටිය විදුලි බලාගාරයේ අවසන් අධියර 2016 වසරේ නිම කිරීමට ඊට කලින් පැවැති රජය විසින් කටයුතු කරගෙන එනු ලැබුව ද ආණ්ඩු මාරුවත් සමඟ එම ව්‍යාපෘතියේ කටයුතු වසර පහකට ආසන්න කාලයක් තිස්සේ අවසන් කිරීමට එවකට හිටපු විදුලිබල ඇමති යටතේ  හැකි වූයේ නැත. දැන් හෙළිදරවු වන්නේ කොටි අටක අල්ලස නොගෙවීම එයට හේතුව බවයි .

එපමණක් නොව රට තුළ විදුලි අර්බුදයක් ඇතිවීම වැළැක්වීම පිණිස කිසිදු ආකාරයකින් අලුතින් විදුලි බලාගාර ඉදි කිරීමක් ද සිදු නොකළ අතර, එම කාලයේ දී විදුලි ඉල්ලුම සියයට 27කින් පමණ ඉහළ ගොස් තිබුණ ද එම ඉල්ලුමට සරිලන ආකාරයට සියයට දෙකකින්වත් විදුලිය සැපයීමට නොහැකි වී ඇත.

මේ සියලු කරුණු හෙළිදරවු වුයේ ඇමතිවරයා අමාත්‍යංශ නිලධාරින් අතර සාකච්ඡාවේදී ය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *