රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට මේජර් ජනරාල් විජිත හරිප්‍රිය ; ගෝඨාභය පත්කරයි ; මහින්ද ඉවත්කරයි

රෙගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විශ්‍රාමික මේජර් ජෙනරාල් විජිත හරිප්‍රිය මහතා පත්කරන බව රජය නිවේදනය කළේය . මෙය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පත්කිරීමක් බව ද වාර්තා වීය .

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර ඇත්තේ රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට විජිත හරිප්‍රිය මහතා පත් කිරීමට ඉඩ නොදෙන බවයි .

පරිපාලන සේවයේ ඉහල නිලයක් වන රේගු අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයට පරිපාලන සේවයෙන් පිටස්තරයකු පත් කිරීමට ඉඩ නොදෙන බව අගමැතිතුමා ප්‍රකාශ කොට ඇත .

ශ්‍රී  ලංකා පරිපාලන සේවා සංගමයේ නියෝජිත පිරිසක් පසුගියදා හමු වූ අවස්ථාවේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *