යුද අපරාධ ජාත්‍යන්තර පරීක්ෂණය නැවතුනේ ජිනීවා යෝජනා නිසායි – මංගල සමරවීර

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ දී ශ්‍රී ලංකාව ද හවුල් වී සම්මත කළ 30/1 යෝජනාව නිසා අපගේ වීරෝධාර රණවිරුවන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කරමින් ජාත්‍යන්තර පරීක්ෂණයක් සිදුකිරීම වලකා ගැනීමට හැකි වූ බව හිටපු විදේශ ඇමති මංගල සමරවීර මහතා ඊයේ පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය .

එමගින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එරෙහිව යුද අපරාධ චෝදනා නැගීමෙන් ඒ මහතා ද බේරා ගැනීමට තමන්ට හැකි වූ බව සමරවීර මහතා වැඩිදුරටත් කීය .

“අපේ රටේ ප්‍රශ්න ගැන පරීක්ෂා කරන්න විදේශිකයන් අවශ්‍ය නැති බවත්, එම පරීක්ෂණ අපට කරගත හැකි බවත් , අපි ඔවුන්ට කිවා . එමගින් ඔවුන්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට අප‍ට හැකිවුණා ” යයි හිටපු විදේශ ඇමතිවරයා වැඩිදුරටත් පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *