සමගි ජනබලවේගය හංසයා ලකුණින් ඡන්දයට

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුණ සමගි ජන බලවේගය ඉදිරි මැතිවරණයට හංසයා ලකුණ යටතේ තරග කිරීමට පක්ෂ උපදේශක කාරක සභාව ඊයේ (18) තීරණය කළේය.

උපදේශක කාරක සභාවේ මෙම තීරනය අද (19) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම දැනුම් දීමට නියමිත බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී  ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවසීය.

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පුළුල් සන්ධානය සමග ජන බලවේගය නමින් ඉදිරි මහා මැතිවරණයට මුහුණ දීමට ද උපදේශක කාරක සභාව මෙහිදී තීරණය කර තිබේ.

හංසයා ලකුණ යොදාගැනීම සම්බන්ධයෙන් වන නීතිමට තත්වය සොයා බැලීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුම බණ්ඩාර හා රවි කරුණානායක යන මහත්වරුන්ට බාර කෙරෙන බවද  ලක්ෂ්මන් කිරි ඇල්ල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ උපදේශක කාරක සභා වට කෝට්ටේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ (18) පස්වරුවේ රැස් වූ අතර එම රැස්වීමෙන් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසුවේ සියලුම පාර්ශව එක්ව හංසයා ලකුණින් සමගි ජන බලවේගය සන්ධානයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වීමට තීරණය කළ බවය.

මෙම උපදේශක කාරක සභාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්වරුන් ඇතුළු පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෝ සහභාගී වූහ.

උපදේශක කාරක සභාව ගත් මෙම තීරණය අද (19)  පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර නිල වශයෙන් අනුමැතිය ගැනීමට නියමිතව ඇත.

( +++ අංජුල මහීක වීරරත්න/ නිමල කොඩිතුවක්කු)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *