ගණිකා වෘත්තියෙන් ජීවත්වීම අපරාධයක් නොවේ – කොටුව මහේස්ත්රාත්
ගණිකා වෘත්තියේ යෙදීම ශ්රී ලංකාවේ පවතින නීතිය අනුව වරදක් නොවන බව පෙන්වා දුන් කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා ගණිකා වෘත්තියේ යෙදුනේ යයි චෝදනා කොට අධිකරණයට ඉදිරිපත් කොට තිබු කාන්තාවක් ඊයේ නිදහස් කළේය . ගණිකා නිවෙසක් පවත්වාගෙන යාම වරදක් ලෙස පිළිගෙන ඇතත්, ගණිකා වෘත්තියේ යෙදීමට එබදු තහනමක් නැති බව මහේස්ත්රාත් තුමා පෙන්වා දුන්නේ අතීතයේ දුන් නඩු තීන්දු කිහිපයක් ද උපුටා දක්වමිනි .
මෙයට අදාළ නීතී වන්නේ පාදඩ ආඥාපනත හා ගණිකා නිවාස ආඥාපනත බව පෙන්වා දුන් මහේස්ත්රාත් තුමා ඉහළ අධිකරණයේ ප්රධාන නඩු තීන්දු දෙකක් වන ‘සයිබුට එරෙහිව චෙල්ලන් ‘ හා ‘කුරේට එරෙහිව ජේමිස් අප්පු ‘ නඩු තීන්දු අනුව “ගණිකා වෘත්තීය අපගේ නීතිය අනුව වරදක් නොවන “ බව ප්රකාශ කළේ ය .
පාදඩ ආඥාපනත යටතේ ගණිකාවකට දඩුවම් කළ හැක්කේ ප්රසිද්ධ මාර්ගයක කලහකාරී ලෙස හෝ අශෝබන ලෙස හැසිරුණහොත් බවත් ගණිකා නිවාස ආඥාපනත අනුව දඩුවම් කළ හැක්කේ ගණිකා නිවාස පවත්වාගෙන යාමට හෝ එයට ආධාර කිරීම සම්බන්ධයෙන් බව ද මහේස්ත්රාත්වරයා පෙන්වා දුන්නේ ය .
ජීවත්වීම සදහා ගණිකා වෘත්තියේ යෙදීම තහනම් කළ නීතී යටත් විජිත කාලයේ සිට ම ශ්රී ලංකාවේ නොපැවතී බව පැවසු විනිසුරු තුමා එම චෝදනාව මත අධිකරණයට ඉදිරිපත් කර තිබු කාන්තාව නිදහස් කළේ ය .
අබේකෝන්ට එරෙහිව කුලතුංග නඩු තීන්දුව උපුටා දක්වමින් මහේස්ත්රාත් තුමා පෙන්වා දුන්නේ ‘ පිරිමින් සැනසීම සදහා ගණිකා නිවාසයක සිටින කාන්තාවකට” ගණිකා නිවාසයක් පවත්වාගෙන යාමට ආධාර කිරීම” යන චෝදනාව යටතේ ද නඩු පැවරිය නොහැකි’ බව යි .