මතභේද ගැන කතාකරන්න මහින්ද, මෛත්‍රී , බැසිල් අද හමුවෙති

මහා මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අතර ඇතිව තිබෙන මතභේදාත්මක කරුණු නිරාකරණය කර ගැනීම සඳහා වන සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද  (18) අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් එහි ජාතික සංවිධායක බැසිල් රාජපක්‍ෂ, අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම සහ සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහත්වරුන් සහභාගි වීමට නියමිත අතර ශ්‍රී ලංකා නිදහස් පෙරමුණ නියෝජනය කරමින් එහි මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර, අමාත්‍යවරුන්වන නිමල් සිරිපාල ද සිල්වා හා මහින්ද අමරවීර මහත්වරුන් සහභාගී වීමට නියමිතව ඇත.

පසුගිය දිනවල ශ්‍රීලනිපයට එරෙහිව පොහොට්ටුවෙන් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් මෙහි දී අවධානය යොමුවනු ඇතැයි විශ්වාස කෙරෙයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *