ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව – නීතිඥ එස්’ ජී’ පුංචිහේවා

රජයේ නිර්මාණශිලී පුද්ගලයන් අඩුයි. වාර්ගික ප‍්‍රශ්නය ගැන අදහස් දැක්විය හැකි අය ඉතාමත් අඩුයි. ඒ ගැන දැනුමකුත් නැහැ. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව. ඒත් අනිත් පිරිසට ඒ ගැන අවංක වුවමනාවක්, අවබෝධයක් නෑ. මෙය සමාජයට ගෙනයාමේ දක්‍ෂ වාහකයන් නෑ
හැම තිස්සෙම අහන්න ලැබෙන්නෙ ‘‘අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි’’, ‘‘ගරු අගමැතිතුමාගේ අදහසක් අනුව’’ වගේ කතා. තමන් අලූත් යමක් හිතල ඒකට එක`ගතාව ගත්ත කියල කියැවෙන්නෙ නැහැ. මාධ්‍ය නිදහස කියනනේ මාධ්‍යවේදීන්ට අවශ්‍ය හැම දෙයක්ම පළ කිරීම නෙමෙයි. ජනවාර්ගිකයන් අතර සමගිය ඇති කිරීමයි මේ නිදහසින් කළ යුත්තේ කියා ඔවුන්ව දැනුම්වත් කළ යුතුයි.” යයි   නීතිඥ එස්’ ජී’ පුංචිහේවා මහතා ප්‍රකාශ කරයි .  “යුක්තිය සමග සංවාදයකට එක්වෙමින් ඒ මහතා දැක්වූ අදහස් මෙසේය .

යහපාලනයක් ගෙන ඒම සඳහා ජනවරමක් ලබාගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයට පත් වී වසරක් සම්පූර්ණ වී අවසන්. ගෙවිය ගිය යහපාළන වසර දෙස ආපසු හැරී බැලීමේ දී ඒ පිළිබඳව සෑහීමකට පත්වෙන්න පුළුවන්ද?  

මතු පිටින් බලද්දි යම් යම් ප‍්‍රශ්න ගැටළු සහගත බවක් පෙනෙන්න තියෙනව. යහ පාළනයේ ගෙවී ගිය වසර දෙස අපිට බලන්න වෙන්නේ දුන්න පොරොන්දු ඉටු කෙරුවද කියන එක මත නෙමෙයි. ගෙවී ගිය පාළනයෙ තත්ත්වයත්, දැන්පවතින පාළනයෙ තත්ත්වයත් සමග සංසන්ධනාත්මකවයි. නව ජනාධිපතිවරයා පත්වෙලා අවුරුද්දක් ගත වුණු තැනදි සමාජයේ විශාල වෙනසක් ඇති කරල තියෙනව. කොමිෂන් සභා පත්කිරීමත් එක්ක සමස්ථ රාජ්‍ය පරිපාලනයම වෙනස් වෙලා තියෙනව. ඒ තුළ කලින් කරන ලද දේශපාලන බලබෑම්, ටෙලපෝනයෙන් නියෝග දීම් නැතිවෙලා තියෙනව. කලින් රාජ්‍ය පරිපාලනය සම්බන්ධයෙන් කොමිසමක් තිබුණෙ නැහැ. එය තිබුණේ මන්ත‍්‍රී වරයෙක් යටතේ. එයා දෙන නියෝග අනිත් අය අනුමත කළ යුතුයි. පිහිටුවන ලද ස්වාධීන කොමිෂන් සභා නිසා රාජ්‍ය තන්ත‍්‍රය තුළ විශාල වෙනස්කම් ඇති වී තිබෙනව. මේ නිසා විශාල නිදහසක් සමාජය තුළ විද්‍යාමාන වෙනව. අපිට නිදහසේ කතා කරන්න පුළුවන්. හිරුණිකාගෙ ප‍්‍රශ්නය ගැන වුවත් අපිට  ඕන තරම් විවේචනය කරන්න පුළුවන්. ඒ වවේචනය කරන්න ඉඩ ලැබුණෙ මේ වෙනස නිසා. හිරුණිකාගෙ ප‍්‍රශ්නයේදී කිසිම අයුරකින් රජය මැදිහත් වුණා කියලා සාක්‍ෂියක් නැහැ.

මේ ඇති වෙච්ච නිදහස කලින් තිබුණෙ නැහැ. මේ ඇති වෙච්ච නිදහස ගැන සෑහීමකට පත්විය යුතුයි. ස්වාධීන කොමිෂන් මගින් ඇති වුණ නිදහස එක පාරට දැනෙන්නෙ නැහැ. සමහර කරුණු ඇ`ගට දැනෙනව යම් නිදහසක් ලැබිල තියෙනව කියල.  ඕනැම කරුණකදි විරුද්ධවෙන්න පුළුවන්, අදහස් දක්වන්න පුළුවන්, විවේචනය කරන්න පුළුවන්. ඒ තුළින් මිනිසුන්ට නිදහස පිළිබඳ හැ`ගීමක් දැනෙනව. මාධ්‍ය නිදහස තියෙනව.

පහුගිය පාළන සමයේ පැවැතුණු දේශපාලන සංස්කෘතිය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා නැහැ. ඒ සංස්කෘතිය පුරුදු අයත් මෙම පාළනයට සම්බන්ධ වෙලා තියෙනව. ඒ නිසා යම් යම් ප‍්‍රශ්න මතු වුණා. සමහර සිද්ධීන් අතීතය හා සමාන කර හුවාදැක්වීමට ඇතැම් අය උත්සාහ ගන්නව. හිරුණිකාගේ ප‍්‍රශ්නය මුලින්ම පෙනෙන ලොකුම ප‍්‍රශ්න හැටියට පෙනෙන්න තියෙනව. හිරුණිකා තවම අත්අඩංගුවට ගත්තෙ නැත්තෙ ඇයි වගේ ප‍්‍රශ්න තියනව. (මේ සම්මුඛ සාකච්ඡුාව කරන විට හිරුණිකා අත්අඩංගුවට පත්වී තිබුණේ නැත.* පොලීසියට හිරුණිකාව අත්අඩංගුවට ගන්න අවශ්‍යකම තිබුණ නම් එක්වරම අත්අඩංගුවට ගන්න තිබුණ. පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරියක් නිසා අත්අඩංගුවට ගන්න කලින් කතානායකගෙන් අවසර ගත යුතුයි. ඒකට මෙච්චර දවස් ගණනක් ප‍්‍රමාද වෙන්න අවශ්‍ය නැහැ. ඒ සිද්ධිය වෙලා සුලූ කාලයකින් අත්අඩංගුවට ගන්න තිබුණ. අතීතයේ නීතිය හරියාකාරව ක‍්‍රියාත්මක කරන්න තිබුණු  බයකම තමයි මේ අවස්ථාවෙදිත් පොලීසිය පෙන්නුවෙ. ඒ සිද්දියේදී ක‍්‍රියාකළ ආකාරය යහපාලනයට ගැලපෙන පරිදි සිදු වුණා කියල කියන්න අමාරුයි. ඒ වගේ ප‍්‍රශ්න නිසා සමාජය කලකිරීමට පත් වෙනව.

අතීතයේ දී ඒ වගේ සිද්ධියක් වුණොත් අත්අඩංගුවට ගන්නවා තියා හිතන්නවත් බෑ. මේ සිද්ධියෙදි සැකකරුවන් සියලූ දෙනාම බාර දුන්න. හිරුණිකාට ඇති චෝදනාව ගැන තමයි ගැටළුව තිබුණෙ. මේ වගේ සමහර සිද්ධීන් ආණ්ඩුව පොරොන්දු වුනාවගේ ම හරියාකාරව ඉටු කරගන්න බරිවෙලා තියෙනව.

නව ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවක් ගැන යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනව. රටට නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍යද? එය 2/3 කින් සම්මත් කරගත හැකිවෙයිද?

19 වන සංසෝධනයත් සම්මත කරගත්තෙ බොහොම අමාරුවෙන්. එයත් බලාපොරොත්තු මට්ටමින් ඉටු කරගන්න බැරි වුණා. සමහර නීති රීති, වගන්ති සම්මත කරගන්න බැරි වුණා. ද්වේෂ සහගත කථනය පිළිබඳ නීතියක් ගේන්න ගියත් ඒක අතරමග නතර වුණා. ඒක ගේන්න හැදුවේ ජාතීන් හා ආගම් අතර අසමගිය ඇති කරන කථා නතර කිරීමේ අරමුණ ඇතුවයි. ඒකට දැනටත් නිති රීති තියෙනව. ඒ තියෙන ඒවා ක‍්‍රියාත්මක කරන්න පුළුවන්.  ඒ වගේම නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව ගෙන ඒමේදීත් බරපතල ප‍්‍රශ්න ඉදිරියට එන්න ඉඩ තියෙනව. ආණ්ඩුවට ඒ වගේ දේවල්වලට මුහුණ දීමට සිදු වෙනව. අලූත්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් කිව්වත් තියන ව්‍යවස්ථාවට යම් යම් සංසෝධන ගෙන ඒමයි කරන්නෙ. ඒකෙ වරදක් පෙනෙන්න නැහැ. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ ඇතුලත් වීමට ඉඩ ඇති සමහර දේවල්වලට, දැනට තියන තත්ත්වය අනුව අභියෝගවලට මුහුණ දෙන්න සිද්ධවෙන්න පුළුවන්. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවකින් අදහස් කරන දෙයක් තමයි ජාතික ප‍්‍රශ්නයට ඍජු විසඳුමක් ගේන්න පුළුවන්ද කිියන එක. ඒකට විසඳුමක් ගෙනෙන විට එක්කෝ දකුණේ ජාතිවාදීන් ඇවිස්සෙනව. නැත්නම් උතුරේ ජාතිවාදීන් ඇවිස්සෙනව. මේ දෙපැත්තම සෑහීමකට පත් කරමින් කටයුතු කරන එක අමාරු වැඩක්.

කලක් තිස්සේ පැවතුන දේශපාලන වාතාවරණය විශමයි. දෙගොල්ලම උත්සාහ කරන්නෙ සංහිඳියාවකට ඒමට වඩා තමන්ගේ මතය ඉස්මතු කිරීමටයි. උතුරට යම් කිසි නිදහසක් ඇති කරන්න යනවිට ‘මෙන්න රට පාවා දෙන්නයි හදන්නේ’ කියල දකුණෙ ජාතිවාදීන් කියනව. දකුණට සහන දෙන විට උතුර කියනවා ‘අපිට මදිපුංචි කරම් කරනව’ කියල. දෙපැත්තම සෑහීමකට පත්වෙන්නෙ නෑ. ඒ හැ`ගීම තවම තියනව. ඒ සංස්කෘතියෙන් මිදෙන්න හරිම අමාරුයි. එහෙම සංස්කෘතියක් තුළ සංහිඳියාවක් ගෙන ඒමත් අමාරුයි. ආණ්ඩුව අද එවැනි අභියෝගයකට මුහුණ දීල තියෙනව. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගේනවට වැඩිය තියන ව්‍යවස්ථාව සංසෝධනය කරගෙන  අවශ්‍ය කාරණා ඉෂ්ිට කරගන්නවිට අවධානම අඩුයි. එම සංසෝධනයනට අභියෝගයක් එල්ල නූනොත් 2/3 කින් සංසෝධනය වුවහොත් එය බලාත්මක වෙනව. අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් ගෙන්න විශාල උත්සාහයක් ගන්නවට වඩා, මේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවම තියෙද්දි මේ සමාජ ආකල්ප වෙනස් කරමින්, අලූත් දේශපාලන සංස්කෘතියක් ඇතිකිරීම ඵලදායී ක‍්‍රියාවක්.

දැන් පවතින නිදහස ඇති කරන්නත් තිබුණ ව්‍යවස්ථාව යටතෙ පුළුවන් කියන එක පැහැදිලියි. ඒ තත්ත්ව ඇති කරන්න පාලක පක්‍ෂය කැපවීමක් විය යුතුයි. ඒ කැපවීම සඳහා තමයි 18 වන සංසා්ධන ඉවත් කරල 19 වන සංසෝධනය ගෙනාවෙ. ඒ නිදහස තහවුරු කරන්න  ඕනෙ. මේ අවුරුද්ද තුළ රාජ්‍ය යන්ත‍්‍රය තුළ බරපතල වෙනසක් ඇති කරන්න පුළුවන් වුණා නම්, දැනට තියෙන ව්‍යවස්ථාවෙත් වරදක් පේන්නෙ නෑ. ඒ ව්‍යවස්ථාවෙම දෝෂ සහිත තැන් තියෙනව නම්, යම් යම් දේවල්වලට සංසෝධන ගෙනඑන්න පුළුවනි. ඒ සංසෝධන ගෙනඒමේදී තමයි ජාතිවාදී ප‍්‍රශ්න වැනි ප‍්‍රශ්න ඉස්මතු වෙන්නෙ.

සමහරු මේ දේශපාලන සංස්කෘතිය තුළ කරන්න් උත්සාහ ගන්නෙ මේ අය පිරිහෙන්න ඇරල, පරණ සිදුවීම් මතක් කරල බලයට එන්න. එහෙම බලාගෙන ඉන්න කොටසක් ඉන්නව. ව්‍යවස්ථාව පිළිබඳ පාර්ලිමේන්තු ඡුන්දයකදි බලපෑමක් කරන්න පුළුවන් පිරිසක් ඒ කණ්ඩායමත් සමග ඉන්නව. තමන්ගෙ ඡුන්දය පරදුවට තියල ඒ බලපෑම් කරන්න පුළුවන්.

නව ව්‍යවස්ථාව, රටේ දීර්ඝ කාලයක් පැවති ප‍්‍රධාන ප‍්‍රශ්නයක් වන ජාතීන් අතර විෂමතාවය සමනය කරන්නත්, වෙනත් ව්‍යවස්ථාමය හා නීතිමය ගැටළු නිරාකරණය සඳහාත් ගෙන එන ව්‍යවස්ථාවක් නම් ජනතාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු ඒ ව්‍යවස්ථාවට පක්‍ෂව ඡුන්දය පාවිච්චි කළ යුතුයි නේද? එවන් සුභවාදී ක‍්‍රියාවකට අනුබල දීම ඔවුන්ගේ ජාතික යුතුකමක් වගවීමක් නේද?

දැන් ඉන්න ඇතැම් මන්ත‍්‍රීවරු සහ ඇමතිවරු දිහා බැලූවම ඒ ගොල්ල සැබෑ මහජන නියෝජිතයොද කියන ප‍්‍රශ්නය මතුවෙනව. ඔවුන් මහජනතාව වෙනුවෙන් පාර්ලිමේන්තුවෙ ඉන්න  ඕනද? කියන බරපතල ප‍්‍රශ්නයක් තියෙනව. මේ ගොල්ලන්ට ඡුන්ද ලැබුණ. ඒ චන්ද ලැබුණ නිසා මෙයාලා බලයට ඇවිත් තියෙනව. ඒ කණ්ඩායමේ විශාල හොරකම් කරපු අය, ¥ෂණ කටයුතුවල යෙදුන අය, වෙනත් වැරදි වලට සම්බන්ධ වෙච්ච අය. සමාජයේ තිබුණ නිදහස නැති කරන්න ක‍්‍රියා කරපු අය. සමාජ නිදහස නැති කරන්න ඡුන්දය පාවිච්චි කරපු අය. ජනතා නිදහස අහෝසි කරන්න තමන්ගෙ දේශපාලන නිදහස පාවිච්චි කරපු අය. එහෙම අයට අපේ නිදහස සඳහා කතා කරන්න ඒ ගොල්ලන්ට පුළුවන්ද? අපි ඒ ගොල්ලන්ව හඳුන්වන්න  ඕනෙ දේශපාලකයන් වශයෙන් පමණක් නෙමෙයි. හිටපු හොරු, වංචනිකයො, ¥ෂිතයො වශයෙන්. ඒ ගොල්ල තවම අපේ සංස්කෘතිය තුළ ඉන්නව. තවම ඒ අයට බලය තියෙනව. ඒ අය  මහජනයාගෙන් බලය අරගෙන තියෙනව. එයාලට කියන්න පුළුවන් අපි මහජන ඡුන්දයෙන්, මෙච්චර වැඩි ඡුන්ද ප‍්‍රමාණයකින් ආවෙ කියල. මහජනයාගෙන් මෙච්චර බලයක් ගන්න පුළුවන්ද හිටපු හොරුන්ට. ඒක තමයි අද තියෙන ප‍්‍රශ්නය. මෙයාලා ගැන සමාජයට සන්නිවේදනය වෙලා තියෙන්නෙ වැරදි විදිහකට. අපි ඒ සන්නිවේදනයෙදි කිසිසේත් බලන්නෙ නෑ මෙයාලා මෙච්චර හොරකම් කරල තියෙනවද, මෙයාලා මේ පාළනයෙ ඉන්න  ඕනද කියල. අපිට ඒ ගැන හිතන්නවත්, තීන්දුවක් ගන්න පුළුවන්කමක් නෑ. මේ ප‍්‍රශ්නය අවසන් කරන්න නම් මහජනයා තුළින් හඬක් පැනනැගිය යුතුයි. ‘මෙවන් ¥ෂිත පුද්ලයන් දේශපාලනයට නොගතයුතුයි’ කියල. ‘අලූත් රටක් හදන්න මේ ¥ෂිතයන් තියාගෙන බෑ.’ කියන පණිවිඩය ජනතාව අතරට යා යුතුයි.

ඔබ යෝජනා කරන්නේ ‘රටේ ඉදිරි අනාගතයට උචිත ව්‍යවස්ථාවක් සම්මත කරගන්න නම්, ඊට සුදුසුසන් පිරිසක් පාර්ලිමේන්තුව  නියෝජනය කරන්න  ඕන’ කියලද?. එසේ නම් එය ඉටු කරගන්නේ කෙසේද?

එය දීර්ග කාලීන වැඩපිළිවෙලක්. පාර්ලිමේන්තු මැතිවරණයක් හෝ ජනාධිපතිවරණයකට තව අවුරුදු 4 1/2 කට වඩා කාලයක් තියෙනව. මේ අවුරුදු පහකට ආසන්න කාලයේවත් මිනිස්සුන්ගේ දැනුම ආකල්ප සකස් කරගන්න වෙනව. මෙය ඉදිරිකාලයේදී සලකා බැලිය යුතු බරපතල දේශපාලන කාරණයක් වෙනව. අදට අපි අත්විඳින්නේ කාලයක් පුරා කරන ලද වැරදි සන්නිවේදනයක ප‍්‍රතිඵලයි. අනික ලංකාවේ සන්නිවේදන මාධ්‍ය දේශපාලනය, පාළන තන්ත‍්‍රය, නීතිය, ව්‍යවස්ථාව ගැන සන්නිවේදනය කරන පුවත්පත් වලින්, සමාජයට දෙන්නේ නිවැරදි සන්නිවේදනයක් නෙමෙයි. පරණ පුරුදු විදිහටම ඔවුන් එම කටයුත්ත කරනවා මිසක්, අලූත් තත්ත්වයන් අගැයීමක් කරලා ඒ මත සංනිවේදනයක් කිරීම දකින්න නැහැ.

ඒ නිසා දැනට පාර්ලිමේන්තුවෙ ඉන්න නුසුදුස්සන්ට යම් කාලයක් බලය තියෙන්න පුළුවන්. මෙය වෙනස් වෙන්න නම් මිනිස්සුන්ගෙ ඔලූ වෙනස් විය යුතුයි. මිනිසුන්ගේ සිතුම් පැතුම් ඉක්මනින් වෙනස් කරන්න බැරි නිසා ඒ සඳහා අවුරුදු ගණනාවක්  ඕන වෙනව. තාමත් එය පටන් අරගෙන නැහැ. හරියට සන්නිවේදනය කෙරුවොත්, ප‍්‍රමාද නොවී පටන් ගත්තොත් ලබන මැතිවරණයකට පෙර   යම්තාක් දුරටවත් ඡුන්ද දායකයන්ගෙන් බුද්ධිමත් තීරණයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දැන්වත් මෙය ආණුඩුව පටන් අරගෙන නෑ. ඔවුන් බලය ලබා ගත්තහම හිතන් ඉන්නව දැන් අපිට බලය තියෙනව ඔක්කොම හරි කියල. තිබුණ ආණ්ඩුව අයින් කෙරුව ඒක එතනින් ඉවරයි කියල.
පුද්ගලයන් ටික දෙනෙක් වෙනස් වුණාට ඔවුන්ගේ බලපෑම තවම තියනව. ඒ ගොල්ලන්ට බලපෑම ඇති කිරීමේ මානසිකත්වය මිනිසුන් තුළත් තියෙනව. එය වෙනස් කිරීම සඳහා මේ ආණ්ඩුව කිසිම පියවරක් අරගෙන නැහැ. මේ අයගෙ තියෙන දුර්වලකමක් ඒක. ආණ්ඩුව ජනසන්නිවේදනය ගැන ප‍්‍රමුඛත්වයක් දිය යුතුයි. ඒ සඳහා සුදුසු පුද්ගලයන් පත්කර ගත යුතුයි. සැලැස්ම ඇතුව වැඩ කළ යුතුයි. මේ කාල පරිච්ඡ්දහ තුළ ‘මේ මාතෘකාවට ප‍්‍රමුඛත්වයක් දිය යුතුයි. මේ කාලය තුළ මේ ගැන ප‍්‍රමුඛත්වයක් දිය යුතුයි’ කියල සැලසුමක් තිබිය යුතුයි. ‘‘මේ කාල පරිච්ෙඡ්දය තුළ ජනවාර්ගික සමගිය ඇතිවෙන වැඩ සටහන් කරන්න.’’ කියල පූර්ව සැලසුමක් දිය යුතුයි.

ඕන අදහසක් දක්වන්න තියෙන එකත් වැරැුද්දක් ජාතික ප‍්‍රශ්නයේදී  ඕන අදහසක් දක්වන්න ඉඩ දියයුතු නැහැ. ඒක නීතියෙන් පාළනය කරන්න බැහැ. ඒකට ජන විඤ්ඤාණයට අවශ්‍ය දේ සැපයිය යුතුයි. ඒක සැලසුම් සහගතව කළ යුතුයි. පිරිසක් ජාතිවාදය ගැන කතාකරනව නම්. ජාතික සමගිය ගැන කථිකාවතක් ඇති කළ යුතුයි. රජයේ නිර්මාණශිලී පුද්ගලයන් අඩුයි. වාර්ගික ප‍්‍රශ්නය ගැන අදහස් දැක්විය හැකි අය ඉතාමත් අඩුයි. ඒ ගැන දැනුමකුත් නැහැ. ජනාධිපතිතුමාටත්, අගමැතිතුමාටත් මේ ජාතිවාදි මඩගොහොරුවෙන් මේ රට ගොඩගැනීමේ උවමනාව තියෙනව. ඒත් අනිත් පිරිසට ඒ ගැන අවංක වුවමනාවක්, අවබෝධයක් නෑ. මෙය සමාජයට ගෙනයාමේ දක්‍ෂ වාහකයන් නෑ

හැම තිස්සෙම අහන්න ලැබෙන්නෙ ‘‘අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයක් පරිදි’’, ‘‘ගරු අගමැතිතුමාගේ අදහසක් අනුව’’ වගේ කතා. තමන් අලූත් යමක් හිතල ඒකට එක`ගතාව ගත්ත කියල කියැවෙන්නෙ නැහැ. මාධ්‍ය නිදහස කියනනේ මාධ්‍යවේදීන්ට අවශ්‍ය හැම දෙයක්ම පළ කිරීම නෙමෙයි. ජනවාර්ගිකයන් අතර සමගිය ඇති කිරීමයි මේ නිදහසින් කළ යුත්තේ කියා ඔවුන්ව දැනුම්වත් කළ යුතුයි.

ජාතීන් අතර තියෙන විරසකය එසේම තියෙන්න හැරීමත්, තවත් පිරිසකට ජාතීන් අතර විරසක ඇති කිරීමේ ප‍්‍රකාශ කිරීමට ඉඩ සලසා දීමවත් නෙමෙයි ජනමාධ්‍ය නිදහස කියල කියන්නෙ. ජනමාධ්‍ය හැසිරවීම දැක්මක් ඇතිව හා සැලැස්මක් ඇතිව ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ අඩුපාඩුව සංනිවේදනය තුළ බරපතල ලෙස තියෙනව. ඒ නිසා නැවතත් ජාතිවාදී කණ්ඩායම් ඉස්මතු වෙන්න ඉඩ තියෙනව. මාධ්‍ය පවත්වාගෙන යන්නේ මේ අයුරින් නම් මෙය වෙනස්වෙයි කියල කියන්න අමාරුයි. අවසානයේ සිදුවෙන්නෙ ආරවුල් ගැටුම් ඇතිවීමයි. අද දවසේ දේශපාලනය විය යුත්තේ ජාතික සමගිය ඇති වන්නේ මොන ක‍්‍රියාවෙන්ද එයයි දේශපාලනය.
අනික අලූතෙන් මිනිසාට විශාල නිදහසක් ලැබිල තියෙනව ඒක පාවිච්චි කරන්නෙ මොනවගේ පරමාර්ථ සඳහා ද? පිරිසක් ලබා දුන් නිදහස තවමත් පාවිච්චි කරනව බේදය ඇති කිරීම සඳහා. වැඩිපුරම බලය පාවිච්චි කරන්නේ ඒ සඳහායි. ‘සිංහ ලේ’ කියලා ව්‍යාපාරයක් යනව. ඒ වගේ තවත් ව්‍යාපාර මතුවෙන්න ඉඩ තියෙනව.

විල්පත්තු අභය භූමිය සතු ඉඩම් පිළිබඳ ප‍්‍රශ්නය ජාතිවාදී ආකල්පයකින් විග‍්‍රහ කරන්න පිරිසක් උත්සාය කරනව නේද?

විල්පත්තු ප‍්‍රශ්නය මුල්කර ගෙන මුස්ලිම්වරුන්ට විරුද්ධව මතවාදයක් ගොඩ නගන්න හදනව. මේ ප‍්‍රශ්නය සොයා බලන්න ස්වාධීන කමිටුවක් පත්කළ යුතුයි. සත්‍ය අපක්‍ෂපාතීව හෙළිදරවු කළ යුතුයි. මෙය මාස ගණනක් තිස්සේ ඇදි ඇදී ගියත් තාමත් එහෙම පියවරක් අරගෙන නෑ. මේ ඉඩම් කාගෙද? මේ පිරිසට කලින් අයත්වෙලා තිබුණ ඒවද? අලූතෙන් අල්ලගෙනද? මේක හොයන්න බැරි කමක් නැහැ. හොයන්න පුළුවන්. ඒක හොයලා හෙළිදරව් කිරීමක් වගේම සාධාරණයක් ඉටු කරන්නත් අවශ්‍යයි. එහෙත් ඒ ගැන ක‍්‍රියාමාර්ගයක් නෑ. මේ ප‍්‍රශ්නය කුණු වෙනකම් ඉන්නව. මේ ප‍්‍රශ්නයට වසරකටත් වැඩිය වැඩියි. මේක නොවිසඳෙනතාක් පිරිසක් මේ ප‍්‍රශ්නය ආයුධයක් කරගන්නව. මේ දේශපාලනය තුළ ඉදිරි දැක්මක් ඇතිව යන වැඩපිළිවෙලක් නැහැ. එය සන්නිවේදනයේ තියෙන බරපතල දුර්වලකම.  වැරැුද්දක් සිදුවෙලා තියෙනව නම් සිංහලද, මුස්ලිම්ද කියල නෑ වැරැුද්ද නිවැරැුදි කළ යුතුයි. පිරිසක් මේක පාවිච්චි කරනව මුස්ලිම් ඇමතිවරයෙක් මේක කරන්නෙ ඒ නිසා මේ විනාශයට විරෝධය පාන්න  ඕන කියල.

මෙතන තියෙන්නෙ පරිසර විනාසය ගැන කැක්කුමක් නෙමේ. ජාතිවාදය අවුස්සා දේශපාලයනය කිරීමේ අවශ්‍යතාවක්. මීට කලිනුත් විල්පත්තුව විනාශකෙරුව කෑලෑ එළිකරමින්. සතුන් දඩයම් කරමින්. මහින්ද රාජපක්‍ෂගෙ කාලෙදි තමයි මේ ප‍්‍රශ්නයට මුවා වෙලා කැලෑ විනාශ කෙරුවෙ. ඒ අවස්ථාවේ කතා කෙරුවෙ නෑ. එහෙම විනාශ කරපු අයම තමයි දැන් කෑගහන්නෙ. අපිත් කණ්ඩායමක් ගියා මේ ප‍්‍රශ්නය බලන්න. 1990 දි කොටි ප‍්‍රහාරය නිසා මේ අය මේ ප‍්‍රදේශය දාලා ගිය පිරිස දැන් ආපසු ඇවිත් ඉන්නව. දැන් අවුරුදු 25 ක් ගතවෙලා. අවුරුදු 25 ක් ගතවෙනකොට දෙපැත්තකින් වර්ධනයක් වෙලා තියෙනව. එක අතකින් භූමියෙ තිබුණු පොඩි පැල ගස් බවට පත්වෙලා. ඒ මිනිස්සු ඇවිල්ලා ඒ මිනිස්සුන්ගෙ ඉඩම්වල තිබුණු ගස් කැපුව. ගස් විතරක් නෙමෙයි වැවිල තියෙන්නෙ අවුරුදු 25 ක් යනකොට ඒ අයගෙ පවුල් පවා වැවිල. පවුල්වල සංඛ්‍යාව වැඩි වෙලා. එක පවුල පවුල් දෙක තුනක් වෙලා. තරුණ තරුණියො විවාහවෙලා. ඒ ගොල්ලන්ට ඉන්න කලින් තිබුණ ඉඩම් ප‍්‍රමාණය මදි. එයාලා ආපහු ඇවිල්ල මේව එළිකරගෙන මේවගෙ පදිංචි වෙනව. ඒ අය ළ`ග ඒ ඉඩම්වලට ඔප්පු තිබුණ. සුදගෙ කාලෙ දුන්න ඔප්පුවකුත් තිබුණ, ජේ.ආර්. ජයවර්ධන කාලෙ දුන්න ඉඩම් වගයක ඔප්පු තිබුණ. ස්වර්ණභූමි ඔප්පු තිබුණ. පේ‍්‍රමදාස මහත්තයගෙ කාලෙ හදපු උදාකළ ගමක් තිබුණ. මේ ප‍්‍රදේශ කැලේ වැවිල වල් බිහිවෙල. ඒවගෙ පදිංචියට අවශ්‍ය පහසුකම් දෙන්න උත්සාහයක් අරගෙන තියෙනව.  විල්පත්තු අභය භූමියෙනුත් අල්ලගත්ත ඉඩම්ද තියෙනව. ආණ්ඩුවේ බලයලත් නිලධාරීන් පිරිසක් ගොස් ඒවා සොයා බැලිය යුතුයි. එය මිනින්දොරුවන් ඇතුළු කණ්ඩායමක් විසින් කළ යුතු සංකීර්ණ වැඩක්. ඒ ප‍්‍රශ්නය විසඳල ඇමතිවරුන්ට කියන්න  ඕනෙ ඇමති වුණාට නීතියට පිටින් වැඩ කරන්න බැහැ කියල. ඇතැම් ඇමතිවරු තම වාර්ගිකයන් අතර ජනප‍්‍රිය වෙන්න නීතියට පිටින් ක‍්‍රියා කළ අවස්ථාත් තියෙනව.

හිරුණිකා අත්අඩංගුවට නොගන්නේ ඇයි? කියන කතාබහ මාධ්‍යයන් ිවිසිනුත්, සමාජය විසිනුත් ප‍්‍රශ්න කරනව. දෙමටගොඩ සිද්දිය පිළිබඳව හිරුණිකා අත්අඩංගුවට ගැනීමට නීතිමය ප‍්‍රතිපාදන තියෙනවද? තිබේ නම් එසේ නොකරන්නේ ඇයි?

අත්අඩංගුවට ගන්න පුළුවන්. ඇය මන්ත‍්‍රීවරියකු වීම තුළ යම් බාධාවක් තියෙනව. මන්ත‍්‍රී තනතුරක් දරණ කෙනෙක් අත්අඩංගුවට ගැනීමේදී කථානායක තුමාගේ අවසරය ලබා ගත යුතුයි. මම හිතන්නෙ සඳුදා වීමට පෙර ඇය අත්අඩංගුවට ගනියි. (මේ සාකච්ඡුාව කරන විට හිරුණිකා අත්අඩංගුවට ගෙන තිබුණේ නැත* කලින් එහෙම තත්ත්වයක් තිබුණෙ නැහැ. මෙවන් සිද්ධීන්වලදී පරීක්‍ෂණ කරන බවක්වත් පෙනෙන්න තිබුණෙ නැහැ.  ඒ අතින් අද නීතිය බලපෑම්වලින් තොරව ක‍්‍රියාත්මක වෙනව. මේ ප‍්‍රශ්නය මෙච්චර කතාබහක් ඇති වෙන්නේ නෑ කථානායකට දැනුම් දී හිරුණිකාව අත්අඩංගුවට ගත්තනම්. අපිට පේන්නේ කලින් ආණ්ඩුවේ තිබුණ පුරුද්දට, අත්අඩංගුවට ගත්තොත් අපිට කරදරයක් වෙයිද කියන බයට ඇය තවම අත්අඩංගුවට ගත්තෙ නෑ කියලයි. ඒක දිග්ගස්සන්න ගිහින් මෙම සිද්ධියට ඇති අවධානය වැඩි වුණා.

පසුගිය රජයේ මාධ්‍ය වේදීන් දේශපාලන ක‍්‍රියාකාරීන් සුදු වෑන් වලින් ඇවිත් පැහැරගෙන ගොස් අතුරුදහන් කිරීම නිසා ‘සුදු වෑන් සංස්කෘත්ය’ කියා ඒ ක‍්‍රියාදාමය හැඳින්වූවා. පිරිසක් හිරුණිකාගේ සිද්ධිය මුල් කරගෙන කළු ඩිෆෙන්ඩර් සංස්කෘතිය වශයෙන් එය හඳුන්වන්න හදනවා. එය සාධාරණද?

මේක මහා විශාල සිද්ධියක් ලෙස මවාපාන්න හදන පිරිසක් ඉන්නව. මේ සිද්ධිය ඒ අය පාළන බලයේ සිටියදී සිදු වූ සිද්ධීන් සමග මේ සිද්ධිය සසඳල බලන්නෙ නෑ. එදා අතුරුදහන් වූ පුද්ගලයන්ට මොකද වූණේ? එදා අතුරුදහන් වූවන් සෙවීමේ පරීක්‍ෂණයන් පවා පැවැත්වුනේ නෑ. සාක්‍ෂි පවා සොයාගන්න බැරි ආකාරයෙන් එදා සුදු වැන් සංස්කෘතිය ක‍්‍රියා කළේ. අද මේ සිද්ධියේ විනිවිද භාවයක් තියෙනව. සිද්ධියට සම්බන්ධ පුද්ගලයො පොලීසියට බාර වූ පසු රිමාන්ඞ් කරල තියෙනව. ඩිෆෙන්ඩර් රථය අත්අඩංගුවට අරගෙන තියෙනව. පරීක්‍ෂණ පැවැත්වෙනව. ඒ සිද්ධීනුයි මෙම සිද්ධියයි සසඳා කරල බැලිය යුතුයි. සංස්කෘතියක් වශයෙන් හඳුන්වන්න සිද්ධීන් මාලාවක් තිබිය යුතුයි. පුරුද්දට කෙරෙන ක‍්‍රියා රාශියක් තිබිය යුතුයි. මේ සිද්ධියෙන් කළු ඩිෆෙන්ඩර් සංස්කෘතියක් බිහි වුණා කියල කියන්න බෑ. මෙවැනි සිද්ධීන් ගැන පරීක්‍ෂණ නොකර බයේ සිටින පුරුද්දක් පොලීසියටත් තිබුණ. එහෙම සිද්ධිවලට ආණ්ඩුවෙ කවුරුහරි ගෑවිල තියෙනව නම් පරීක්‍ෂණ නෑ. තාජුඞීන් සිද්ධිය සම්පූර්ණයෙන්ම යටගැහුවා. පොලීසිය පරීක්‍ෂණ අවසානයේ කිව්වෙ හදිසි අණතුරක් කියල. ඒත් අද එය මිනීමරුමක් බවට එළිදරව් වෙමින් තියෙනව.

දින 100 ආණ්ඩුව කාලෙ ගෙනෙන ලද 19 වැනි ව්‍යවස්ථා සංසෝධනයෙ ඇතැම් වගන්ති ශේෂ්ඨාධිකරණ අවසරය නොලැබීම නිසා අනුමත කරගන්න ලැබුණෙ නෑ.  මෙම ව්‍යවස්ථා සංසෝධනය හෝ නව ව්‍යවස්ථාව පිළිබඳ විරෝධතාවක් පැනනැගීම නිසා, ජනමත විචාරණයකට යායුතුයි කියා ශේ‍්‍රෂ්ඨාධිකරණ තීන්දුවක් ලැබුණොත්, එවැනි ජනමත විචාරණයකදී ජනතාව මොනවගේ ප‍්‍රතිචාරයක් දක්වයිද? නව ව්‍යවස්ථාවේ ජනවාර්ගික ගැටළුවට විසඳුම් ඇතුළත් වීම අනිවාර්යෙන්ම සිදු වන නිසයි මම එම ප‍්‍රශ්නය නගන්නේ.
ඒ ප‍්‍රශ්නෙන්ම පෙන්නුම් කරන්නෙ මෙතන අඩමාන තත්ත්වයක් තියෙනව කියන එකයි. ඒක කොයි පැත්තට වාසි සහගත ද කියන එකයි තියෙන ගැටළුව. අපිට කෙළින්ම කියන්න පුළුවන් කමක් නැහැ ‘මේකට ජනතාව විරුද්ධ වෙන්නෙ නෑ’ කියල. හෝ  ‘ජනතාව විරුද්ධ වෙයි’ කියල. ජනවාර්ගික ප‍්‍රශ්නය සම්බන්ධ විසඳුම් ඇතුළත් ව්‍යවස්ථාවකට ජනතාවගේ කැමැත්ත ගැනීමට නම් ජනතාවට නිවැරදි වැටහීමක් ලබා දියයුතුයි. සුළු කොටසකට පමණයි මේ පිළිබඳ නිවැරදි දැක්මක් තියෙන්නෙ. ජාතිවාදි අදහස් තියෙන පිරිස් තවමත් සමාජයේ ඉන්නව. දැන්ම සිටම කළ යුතතේ මේ පිළිබඳව ජනතාව දැනුවත්ම්වත් කිරීමයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට නොගියත් ඇතැම් ජනතා නියෝජිතයන්ට පුළුවන් පාර්ලමේන්තුවෙදි 2/3 හදාගන්න ඡුන්දය නොදී ඉන්න. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් තමන්ගේ මන්ත‍්‍රීකම මෙයට විරුද්ධව පාවිච්චි කරනව නම්, එයට මහජන විරෝධයක් නැහැ කියන එකයි එයින් පිළිඹිබු වෙන්නෙ. මහජනතාව දැනුවත් නොවී සිටිනතුරු මන්ත‍්‍රීවරුන්ටත් ඒ හැ`ගීම ඇති වෙනව. මහජනතාවගෙන් බලපෑමක් නොඑනව නම්, මන්ත‍්‍රීවරු ඍජු තීරණයක නොගන්න පුළුවන්. ජනවාර්ගික ප‍්‍රශ්නය ගැන මහජනතාවට නිසි සන්නිවේදනයක් කළ යුතුයි. එය මේ යුගයේ නිර්මාණාත්මක කර්තව්‍යයක්. එය මාධ්‍යකරුවන්, විද්වතුන් සියලූ දෙනාම එකතුකරගෙන කළ යුතු කාර්්‍ය_යක්. අද විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය දෙකම මාත_ෘකාවක් ලෙස මෙය සලකන්නෙ නෑ. අද මාධ්‍යවේදීන් කරනනේ මාධ්‍ය සාකච්ඡුාවකදි ප‍්‍රකාශ කරන දේ පළකිරීම විතරයි. එතනින් එහි ගිය වැඩපිළිවෙළක් අවශ්‍යයි. විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යවලට මේ පිළිබඳව කටයුතු කළයුතු ආකාරය පිළිබඳව දැනුමක් හා න්‍යයාපත‍්‍රයක් දිය යුතුයි. මේ ප‍්‍රශ්නය විවෘතව කතා කළ යුතුයි. පක්‍ෂ අය මෙන්ම විරුද්ධ, විවිධ මත දරණ පිරිස ද ගෙන්විය යුතුයි. වඩා වැදගත් වන්නේ මිනිසුන්ට දැනුම ලබාදීමයි.

ජනාධිපති පදවිප‍්‍රාප්ත වර්ෂ පූර්ණ දිනය වන ජනවාරි 8 වෙනිදා කළු දිනයක් ලෙසත්, එදින රටපුරා කළු කොඩි දැමිය යුතු බවටත් මහින්ද රාජපක්‍ෂ කණ්ඩායමෙන් දෑවැන්ත ප‍්‍රචාරයක් ගෙන ගියා. උදය ගම්මන්පිල මහතා මේ ව්‍යාපෘතියේ අණබෙර කරුවාගේ භූමිකාව නිරූපණය කෙරුව. ඔවුන්ගේ යෝජිත කළු කොඩි ව්‍යාපාරයක් සාර්ථකව ක‍්‍රියාත්මක වූවාද?

සාර්ථකව තියා කොහොමවත් ක‍්‍රියාත්මක වුනේ නෑ. මම නම් කළු කොඩියක් කොහෙදිවත් දැක්කේ නෑ. මහජනතාව ඒ පණිවිඩය පිළිගත්තෙ නෑ. මිනිස්සු එය මෝඩ ක‍්‍රියාවක් වශයෙන් තමයි තේරුම් ගත්තෙ. එයාට දැන් කියන්න වෙන්නේ ‘‘පිවිතුරු කළු උරුමයේ කළු මහත්තය කියල.’’ වෙන ඒ ගැන කියන්න දෙයක් නෑ.

හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයා එක්නැලිගොඩ ඝාතනයේ සැකරුවන් බැලීමට මෑත දිනයකදි බන්ධනාගාරයට ගිහින් තිබුණ. ඔහුගේ පාළන කාලයේ පුද්ගලයෙකු අතුරුදහන් වීමේ සිද්ධියට අදාළ සැක කරුවන් බැලීමට යාම සුදුසු හිටපු ජනාධිපතිට ක‍්‍රියාවක්ද? ඔහු එයින් සමාජයට දෙන්න උත්සාහ කළ පණිවිඩය කුමක්ද?
මෙතනත් තියෙන්නේ ජාතිවාදය ඇවිස්සීම. ‘හමුදා නිලධාරීන් පිරිසකට (රණ විරුවන්* මේ ආණඩුව අසාධාරණයක් කරන්න යනව මේක වැරදි වැඩක් කියන්නයි’  ඔහුට වුවමනාව තිබුණෙ. ඔහුට තිබුණ අනික් වුවමනාව තමයි ‘යුද්ධය දිනලා දුන්න නිසා මට ජනතාව විශාල සහයෝගයක් තිබුණ. ඒ ජනතාව නැවතත් මා වෙනුවෙන් අවදිකරගන්න පුළුවන්ද?’ කියල උත්සාහ කර බලන්නයි ඔහු සැකකරුවන් බලන්න ගියේ, කියලයි මට හිතෙන්නෙ. සද්භාවයෙන්ම එම සැකකරුවන් බලන්න යන්න  ඕනකම තියෙනව නම්, ප‍්‍රචාරක වාසියක් නොගෙන එයාලව ගිහින් හම්බ වෙන්න පුළුවන්. එයාට වුවමනාව තිබුණෙ තමන් එතනට ගිය බව මාධ්‍ය මගින් ප‍්‍රචාරය කරව ගන්නයි.

ඒකට විශාල මාධ්‍ය ප‍්‍රචාරයක් ලැබුණ. රට අස්ථාවර කරන්න හදන, ජාතිවාදය අවුස්සන්න බලන ප‍්‍රකාශ හා සිද්ධීන් මාධ්‍යයයට ප‍්‍රවෘත්තියක්ද? එය ප‍්‍රවෘත්තියක් වශයෙන් පළකල යුතුද? එය සදාචාරාත්මකව කල්පනා කර බැලිය යුතු දෙයක්. දැන් නිදහසේ  ඕන දෙයක් පළ කරන්න පුළුවන් නිසාම එවන් පුවත් පළකිරීම වැරදියි. මාධ්‍ය හැසිරීමේ තියෙන වැරැුද්ද මහින්ද රාජපක්‍ෂ පාවිච්චි කරනව. ඒ පාවිච්චි කරන්නෙ වැරදි පරමාර්ථයකින්. එය හිටපු ජනාධිපතිවරයා රටේ යහපත උදෙසා කරන දෙයක් නෙමෙයි. අවුලක් ඇති කිරීම සඳහා කරන දෙයක්.

යම්කිසි වරදක් කර ඇති යුධ හමුදා සාමාජිකයන් නීතිය හමුවට ගෙන ආ නොහැකියිද? වැරදිකරුවන් වුවහොත් ඔවුනට දඬුවම් පැමිණවීමට වැරදිද? ඔවුන්  ඕනෑම වැරදක් කළහොත් කඬුවම් නොකර සිටිය යුතුද?

එය බරපතල ප‍්‍රශ්ණයක්. රටේ යුද්ධයක් පැවතුණා. යුද්ධයක් කියන්නෙ පවතින තත්ත්වයන් යටතේ නීත්‍යානුකූලව පැවැත්වෙන දෙයක්. යුද්ධයක් ප‍්‍රකාශ කිරීම නීත්‍යානුකූලයි. ඒ යුද්ධයට පිරිසක් සහභාගී වෙනව. ඒ පිරිසට හිතුමතේ හතුරන් සියල්ල මරාදානව කියල එහෙම කරන්න බැහැ. රාජ්‍යයක් විසිනුයි යුද්ධය කරන්නෙ. එහි නීති රීති තියෙනව. යුද්ධ නීති ලෝකයේ කිසි කෙනෙකුට අද පැහැර හැරල කටයුතු කරන්න බැහැ. ලංකා ආණ්ඩුව ජීනීවා සම්මුති 4 කට අත්සන් කරල තියෙනව. ඒ හතර තමයි යුද්ධයට බලපාන්නෙ. ඒ හතරට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව අයිතිවාසිකම් නීතියට අත්සන් කරල තියෙනව. ඒ දෙක උල්ලංගනය කිරීම තමයි ප‍්‍රශ්න ගතවෙලා තියෙන්නෙ. සෙබලූන් නීතියක් අනුව යුද්ධ කරනව නම් යුද්ධයට ගිහින් ආයුධ පාවිච්චි කළ හැකියි. ජීවිත හානි සිදුකළ හැකියි. ඒක යුද්ධයේදී සිදුවන දෙයක්. එය නීත්‍යානුකූලයි. යුද්දෙට ගිහින් සිවිල් වැසියන්ට හිරිහැර කෙරුව නම්, අත්අඩංගුවට ගත් කෙනෙක් මරල දානව නම් ඒක යුද්දෙ කොටසක් නෙමයි. එය යුද්ධ නීතියට පටහැනියි. එවැනි ප‍්‍රශ්න තමයි ජිනීවා සමුළුවලින් ප‍්‍රශ්න කරනනෙ. යුද්ධයට පටහැනි දේවල් මේ පිරිස කරල තියෙනව. මානව හිමිකම් නීතිය උල්ලංගනය කරල තියෙනව. පසුගිය ආණ්ඩුව කාලේ මාධ්‍යවේදීන් ඝාතනය කිරීම, හිරිහැර කිරීම, අතුරුදහන් කිරීම චෝදනා ඇතැමුන්ට එල්ල වෙලා තියෙනව. සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතිය හමුවේ ඔවුන් වැරදි කරුවන් ද යන්න සොයා බැලීම ඔවුන් විසින් කරගෙන යනව.

ජාත්‍යන්තර නීතිය අනුව පමණක් නොව රටේ පවතින නීතිය අනුව ඔවුන් වරදකරුවන් වුවහොත් දඬුවම් කළ යුතු වෙනව. රටේ නීතිය අනුව අත්අඩංගුවට ගෙන චෝදනා වලට වැරදිකරුවන් නම් දඬුවම් දිය යුතුයි. එසේ වූවහොත් එය ජාත්‍යන්තරයට යන්නෙ නැහැ. එකම වරදට දෙපාරක් දඬුවම් දෙන්නෙ නෑ. ස්ත‍්‍රී ¥ෂණ පැළිබඳව 30 දෙනෙකුගේ පැමිණිලි ජාත්‍යන්තරයේ තියනව. උතුරු පළාත් සභාවේ සසිදරන් මන්ත‍්‍රීවරියගෙ ස්වාමිපුරුෂයා ඇය විසින්මයි හමුදා කඳවුරකට බාර දී තියෙන්නෙ. එහෙම බාර දුන්නෙ යටත් වෙලා බාරදෙන්න කිව්වට පස්සෙ. එම බාර දුන්න පුද්ගලයා අද නෑ. බිරිඳ ප‍්‍රධාන සාක්‍ෂිය. පියතුමෙක් ඉන්නව කොටි කල්ලියට සම්බන්ධ වෙලා හිටිය ළමයි  35 දෙනෙක් ඒ ස්ථානයට බාරදුන්න. ඒ ළමයි 35 දෙනාම මේ වන විට නෑ. මේ සිද්ධීන් අප රටේ බහුතරය දන්නැති වුවත් ජාත්‍යන්තරය මේ පිළිබඳව දන්නව.

අසාර්ථක 1971 කැරැුල්ලෙ කැරළිකරුවන්ට සිරිමාවෝ බණ්ඩාරනායක රජය අවස්ථාවක් දුන්නා යටත් වෙන්න කියල. ඒ කැරළිකරුවන් පුනර්ත්ථාපන කඳවුරු වල පුණරුත්ථාපනය වෙලා සමාජ ගත වුණා. බාර වූ කිසිවෙකුටත් මරණය උරුම වුනේ නෑ. ඒකට හේතුව ඔවුන්ගේ රාජ්‍යතාන්ත‍්‍රික භාවයේ ¥රදර්ශිකමයි.

චන්ද්‍රිකා කුමාරතුංග පාළන කාලයේ දී සිදු වූ ක‍්‍රිෂාන්ති කුමාරස්වාමී සමූහ ¥ෂණය ඝාතනය හා ඒ සමගම සිදු වූ තවත් ඝාතනවල චූදිතයන්ට දඬුවම් ලැබුණ. හමුදාවේ සේවය කළ පමණින් නීතියෙන් වැරැුදි කරුවනුට දඬුවම් නොදී සිටීමට හේතුවක් නෑ. පසුගිය පාළන සමයේ සිදු වූ වරැුදිවලට දඬුවම් කෙරුවනම් ජාත්‍යන්තර බලපෑම් එල්ල වෙන්නෙත් නෑ. හමුදාවේ අය මොන වරදකළත් නිදහස්්. එයාලව බේරගන්නව කියල අදහසක් දී තිබුණ නිසා තමයි එවැනි අපරාධ සිදුවීමේ ප‍්‍රවනාතවක් ඇති වුණේ. ඒ පාළකයන් තවමත් ඒ මතයේ ඉන්න බවයි සිතෙන්නේ. බන්ධනාගාරයට ගොස් චූදිතයන් බැලීමෙන් ඔප්පු වෙන්නෙත් එයයි.

වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා කෘෂිකර්ම හා පරිසර අමාත්‍යවරයාව සිටිය දී, ඔහුව ඝාතනය කිරීමට තැත් කිරීමේ වරදට සිරදඬුවම් විඳිමින් සිටි පුද්ගලයෙකුට ජනාධිපති සමාව දීල නිදහස් කෙරුව. ඔහු පසුගිය දා පැවති ජනාධිපති පදවි ප‍්‍රාප්ත උත්සවයේ දී ජනාධිපති හමුවී සමාව ගත්තා. මෙයින් දෙන පණිවිඩය කුමක්ද?

ඒ සිද්ධියත් සම`ග සසඳා බලන්න තවත් කරුණු කීපයක් තියනව. කොළඹ තිබුණු සංගීත ප‍්‍රසංගයකදි තරුණියක් තණපටක් වීසි කෙරුව කියන කතාව, ඒ පිළිබඳව ජනාධිපතිතුමා වේදිකාවක කතා කිරීමෙන් මහත් ආන්දෝලනයක් ඇති වුණා. එතුමා උත්සාහ කෙරුවෙ මම මේ සංස්කෘතිය ආරක්‍ෂා කිරීම වෙනුවෙන් බරපල ලෙස පෙනී සිටිනව කියල පෙන්නුම් කරන්න. එය ප‍්‍රසිද්ධියෙ ප‍්‍රකාශ කිරීමට වඩා කළ යුතුව තිබුණේ එම ප‍්‍රසංගයේ දී සිදු වී ඇති අකටයුතුකම් පිළිබඳව පරීක්‍ෂණ කර වැරදි කරුවන් නම් ඔවුන්ගේ බලපත් කැන්සල් කිරීමක් වැනි දෙයක් කිරීම. යළිත් එවැනි වැරදි නොවීමට වගබලා ගන්නා ලෙස නිලධාරීන්ට උපදෙස් දීම.  ජනාධිපති තුමා වරක් යාපනයේ අවතැන් කඳවුරකට ගිහින් කුස්සිය පවා පරීක්‍ෂා කරන නිසල ඡුායාරූප හා චල රූ විවිධ මාධ්‍ය මගින් ප‍්‍රකාශ වුණා.

එයින් පෙන්නුම් කරන්න උත්සාහ කරන්නේ තමන් මේ ප‍්‍රශ්නය විසඳීමට මැදිහත් වෙලා කටයුතු කරන බවයි. එයින් උත්සාහ කෙරෙන්නෙ ජනාධිපති කෙරෙහි ජනතාවගේ ප‍්‍රසාදයක් ඇති කර ගැනීමට බලාපොරොත්තු වීමයි. ඉහත සිද්ධීන් දෙකම බාල ජනප‍්‍රිය ගණයේ වැඩ. නමුත් තමන් මැරීමට පැමිණි හිරකාරයාව නිදහස් කිර වේදිකාවට ගෙනත් ප‍්‍රසිද්ධියේ සමාව දීම අනික් සිද්ධීන් දෙක තරම් බරපතල කාරණාවක් නෙමේ. එය ජාතීන් අතර සුහදත්වය පිළිබඳ ඔහුගේ දැක්ම ජනගත කරගැනීමට දරන ලද උත්සාහයක් කියල හිතන්න පුළුවන්. එවැනි දෙයක් සන්නිවේදන උපක‍්‍රමයක් ලෙස යොදා ගැනීමේ වරදක් නැහැ. එයින් රටට ම පණිවිඩයක් දෙනව. මම කිසිම ජාතියක් සම`ග වෛරයක් නෑ කියන පණිවිඩය රටට යනව. ඔවුන් තුළත් දකුණේ දේශපාලඥයන් පිළිබඳව වෛරයක් ඇත්නම් එය යම් පමණකට සමනය වීමට උදව්වක් වෙනව.

මහින්ද රාජපක්‍ෂ වගේ යන යන තැන දරුවන් වඩාගෙන මාධ්‍යවල පෙනී සිටනව වගේ බාල ජනප‍්‍රිය මෙවලම් පාවිච්චි නොකර වටිනා කමක් ඇති සිදුවීමකදි සමාජයට හොඳ පණිවිඩයක් දීමට එය පාවිච්චි කිරීමේ වරදක් නෑ. ද්‍රවිඩ තරුණයා නිදහස් කිරීම දේශපාලන වශයෙන් හොඳ පණිවිඩයක්. එය නිර්මාණශීලීව ඉදිරිපත් කළ යුතුයි.

පසුගිය ආණ්ඩුවට වඩා වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙල උතුරේ ජනතාව දකුණේ දේශපාලඥයන් ගැන හා ජනතාව ගැන තිබුණු සැකය, වෛරී හැ`ගීම ඉවත් කරන්න හේතු වෙනවද?

ඔව්. එහෙම ප‍්‍රවණතාවක් ඇති වෙමින් තියනව. එය තවත් වර්ධනය කළ යුතුයි. අවංකත්වය මෙන්ම සමානාත්මතාවය පිළිබඳව විනිවිද අයුරින් කටයුතු කළ යුතුයි. ඔවුන්ගේ ගැටළු වලට විසඳුම් සෙවිය යුතුයි. ඔවුන්ගේ ඉඩම් රාශියක් තවමත් හමුදාව සතුවයි තියෙන්නේ. ඒවා ආපසු ඔවුන්ට ලබාදිය යුතුයි. ඔවුන්ගේ විශ්වාසයක් තියනව වත්මන් ආණ්ඩුව එහෙම කරයි කියල. ඔවුන්ට වෙනම සංස්කෘතික හා සමාජ අනන්‍යතාවයක් තියනව. වෙනම භාෂාවක් තියනව. ඒක අපි පිළිලත යුතුයි.

සාකච්ඡුා කළේ
මනෝජ් රූපසිංහ.

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *