රාජපක්ෂ පවුලේ දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීම මෛත්‍රී වළක්වනවා – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

images“මා ඉතා වගකීමෙන් කියනවා රාජපක්ෂ පවුලේ දෙදෙනකු පිළිබඳ පරීක්ෂණ අවසන්. අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා පසුගිය දෙසැ.19වෙනිදට පෙර. මෛත‍්‍රී කිව්වා අයවැය තුන්වනවර ඡුන්ද විමසීම අවසන් වෙනකල් ඉන්න කියල. ඉට පස්සේ මෛත‍්‍රී කියලා තිබෙනවා 09වෙනිදා පාර්ලිමේන්තුව අමතන තුරු අත්අඩංගුවට ගන්න එපා කියලා. ඊට පස්සේ කියයි පෙබරවාරි 04 නිදහස් දිනය අවසන් වනතුරු ඉන්න කියලා. ඊටත් පස්සේ සිංහල අවුරුදු අවසන් වනතුරු ඉන්න කියයි. මේක තමයි දේශපාලන අතගැසීම. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වළක්වනවා. රුපියල් මිලියන 600ක සිල් රෙදි බෙදපු ලලිත් වීරතුංග එක දිනයක් බන්ධනාගාරයේ ඉන්නේ නැහැ. රනිල්ගේ මෛත‍්‍රීගේ බලපොරය නිසා වංචනිකයින්ට දඩුවම් ලබාදීම ප‍්‍රමාදකරමින් ඉන්නවා.” යැයි ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා ප්‍රකාශ කළේය . ජනවාරි 8 පෙරළියට වසරක් පිරීම ගැන කතා කරමින් ඒ මහතා මෙසේද පැවසීය .

ජනවාරි 08 සමරන්න විවිධ අය විවිධ දේ යෝජනා කරමින් තිබුණා. පරාජයට පත්වුණු රාජපක්ෂ කල්ලිය කළු කොඩි උසවන්න කිව්වා. කළු කොඩි තියා කළු කපුටෙක්වත් නැහැ. ආණ්ඩුව කිව්වා ජාතික කොඩි ඔසවන්න කියලා. කඩවල විකුණන්න එළියේ තිබුණු ජාතික කොඩිත් අද ඇතුළට අරගෙන. නමුත් ජවිපෙ මේ ආණ්ඩුවට වසරක් පිරෙන මොහොතේ නුගේගොඩ සිසාරා රතුකොඩි ඔසවලා මේ රට ගමන් කළ යුතු දිශාව පිළිබඳව සංවාදයක් ආරම්භ කරලා තිබෙනවා. පසුගිය ජනවාරි 08වෙනිදා මහින්ද රාජපක්ෂ ජයග‍්‍රහණය කළා නම් බොහෝ දෙනෙකුගේ ගෙවල්වල අද සුදු කොඩි ඔසවන්න සිදුවෙනවා. මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපති අපේක්ෂකයාට තමන්ගේ නිවසේ සිට ඡුන්ද ප‍්‍රතිඵල අහන්න පුළුවන්න තත්වයක්වත් නෙවෙයි තිබුණේ. එයින් පෙන්නුම් කරනවා මේ රට වෙලාගෙන තිබුණු භීෂණයේ තරම. ඒ නිසා රාජපක්ෂ පාලනය පෙරළා දැමීමට පෙරට ඒම ගැන මේ රටේ ජනතාවට ජවිපෙ ආචාරය පුදකර සිටිනවා.

පවුලක් සහ කල්ලියක් අපේ මුළු රටම යටපත් කරගෙන ගිය පාලනයක් තිබුණා. අධිකරණ පද්ධතිය භීතියට ලක්කරලා රාජපක්ෂ කල්ලිය නඩු තීන්දු ලිව්වා. රටේ ආර්ථිකයේ සියලූ ප‍්‍රතිලාභ රාජපක්ෂ කල්ලිය තමන් වෙතට එක්රැුස් කරමින් තිබුණා. මාධ්‍යවේදීන් ඝාතනය කරමින්, මාධ්‍ය ආයතනවලට බෝම්බ ගසමින් මාධ්‍ය නිදහස නැතිකළ පාලනයක්. පරාජය කළ යුතු පාලනයක් නෙවෙයිද? නමුත් අපේ නායක ස්වාමින්වහන්සේ නමක් දේශනා කළා රාජපක්ෂවරු තවත් අවුරුදු 75ක් මේ රට පාලනය කරනවා කියලා. රාජපක්ෂ සිතියම එළලා තිබුණා ඔහුගෙන් පසුව රටේ නායකත්වයට නාමල් රාජපක්ෂ, ආරක්ෂක ලේකම් යෝෂිත රාජපක්ෂ, විද්‍යා තාක්ෂණ ඇමති රෝහිත රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂලා සහිත තම පරම්පරාව බලය හොබවන්න. කළුගල වගේ ශක්තිමත් පාලනයක් කිව්වා. මාධ්‍ය ආයතන රාජපක්ෂ නම කිව්වේ නැහැ. සාමාන්‍ය ජනතාව භීතියට පත්කර තිබුණා. ලංකාවේ පළවෙනි වතාවට ජනාධිපතිවරණයට හමුදාව කැඳෙව්වා. එක හමුදා ඛණ්ඩයකට භාරදීලා තිබුණා ඡුන්ද පොළවල්වලට මතුරන ලද පිරිත්පැන් ඉසින්න. ජනාධිපතිවරණය මැර බලය, මූල්‍ය බලය, රාජ්‍ය බලය යොදවලා තිබුණා. ඒ සියල්ල හමුවේ ජනවාරි 08වෙනිදා ජනතා බලය ජයග‍්‍රහණය කරන්න සමත් වුණා. එතෙක් ගමන් කරමින් තිබුණ මේ රටේ අවිචාරවත් ගමන, විනාශකාරී ගමන නවත්වන්න මේ රටේ ජනතාව සමත් වුණා.
එම ජයග‍්‍රහණය ලබන මොහොතේ ජනතාවට බලාපොරොත්තු තිබුණා. මහින්ද රාජපක්ෂට එරෙහිව ඡුන්දය පාවිච්චි කරපු ජනතාවගේ අරමුණු තිබුණා. අපි අහනවා මෛත‍්‍රී රනිල් ආණ්ඩුවේ ඒ ජනතා බලාපොරොත්තු පිළිබඳ හාන්කවිසියක සොයා බැලීමක් තිබෙනවද කියලා. ආර්ථිකය නව දිශාවකට හරවන්න, නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරන්න, මාධ්‍ය නිදහස නැවත තහවුරු කරන්න, රාජ්‍ය පාලනයේදී විනිවිදභාවය ජනතාව බලාපොරොත්තු වුණා. මාධ්‍යවේදීන් ඝාතනය, සිවිල් පුරවැසියන් ඝාතනය, දේශපාලන ඝාතන සඳහා දඩුවම් ලබාදෙවී යැයි ජනතා බලාපොරොත්තුවක් තිබුණා. මහාපරිමාණ වංචා ¥ෂිතයින් හෙළිදරව් කරලා ඔවුන් නීතිය හමුවට පමුණුවලා එම දේපොළ නැවත පවරා ගනීවී යැයි ජනතාව බලාපොරොත්තු වුණා. මෛත‍්‍රී කිව්වා ¥ෂිතයින්ට පැනලා යන්න බැරි වෙන්න එයාර් පොර්ට් එක වහනවා කියලා. මෛත‍්‍රී ජනාධිපති වුණා. රනිල් පොට්ට චාන්ස් එකෙන් අගමැති වුණා. අගෝස්තු වෙනකල් කිව්වා පාර්ලිමේන්තු බලය නැති නිසා හොරු අල්ලන්න බැහැ කියලා.

අපි ජනාධිපතිවරණය පටන් ගන්නකොට නුගේගොඩ මංගල රැුලියක් සංවිධානය කළා. එහිදී අපි කිව්වා රාජපක්ෂ ස්ටෝර්ස් එක තිබෙනවා, මෛත‍්‍රීපාල ස්ටෝර්ස් එක තිබෙනවා රාජපක්ෂ ස්ටෝර්ස් එකේ බඩු පරණයි, මුදලාලි හොරෙක්, හොරට කිරනවා ඒ නිසා ඒ කඩය වහන්න කිව්වා. මෛත‍්‍රීපාල මහත්තයගේ කඬේ ගැන අපිට සහතික දෙන්න බැහැ කියලත් කිව්වා. මොකද පරණ නෝනා කෙනෙක් කැරකෙනවා, රනිල් වික‍්‍රමසිංහත් කැෂියර් එක ළඟ වාඩිවෙලා ඉන්නවා රවී කරුණානායක තව පැත්තකින් ඉන්නවා ඒ නිසා සහතික දෙන්න බැහැ කියලා. අපි ස්ථිරවම කිව්වා රාජපක්ෂ කඩය වසා දැමිය යුතුයි කියලා. ඒ විතරක් නෙවෙයි රාජපක්ෂ පාලනය පෙරළා දමා අනතුරුව ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න පුළුල්තම පෙරමුණක් සඳහා ජනතාවට එකතු වෙන්න කියලා අපි ආරාධනා කළා. දැන් මොකද වෙලා තියෙන්නේ රාජපක්ෂ ස්ටෝර්ස් වහලා දාපු මෛත‍්‍රී කඩයත් වහලා මෛත‍්‍රී, රනිල්, රාජපක්ෂ තුන්කට්ටුවම එකතුවෙලා කඩයක් දාලා තිබෙනවා. රාජපක්ෂ කඬේ වැඩ කරපු එස්.බී. විජිතමුණි සොයිසා, මේ කඩෙත් වැඩ. මොකක්ද තිබෙන වෙනස. මීට වසරකට පෙර ජවිපෙ මෙ රටේ ජනතාවට ප‍්‍රකාශ කරන ලද සත්‍ය තහවුරු වෙලා තිබෙනවා.

ඊට පස්සේ මහමැතිවරණය ආවා. රාජපක්ෂ යළි බලය අත්පත් කර ගැනීම වළක්වන්න රනිල් බලයට ගේන්න කියලා බොහෝ අය කෑමොර දුන්නා. ඒ වෙලාවේදීත් අපි පැහැදිළිව කිව්වා මැතිවරණයෙන් පස්සෙත් වෙන්න පුළුවන් කම තිබෙන්නේ එජාප ශ‍්‍රීලංකා සභාග ආණ්ඩුව කියලා. ජාතික ආණ්ඩුව මුවාවෙන් ගොඩනැගෙන හවුල් ආණ්ඩුව. ඒ නිසා අපි කිව්වා අගෝස්තු මාසේ ගොඩනැගෙන හවුල් ආණ්ඩුවට එරෙහිව කටයුතු කරන්න ප‍්‍රබලතම විපක්ෂය බවට ජනතා විමුක්ති පෙරමුණ පත්කරන්න කියලා අපි ඉල්ලීමක් කළා. ඒත් ජනතාව හිතුවේ නැහැ හවුල් ආණ්ඩුවක් හදයි කියලා. චන්ද්‍රිකා මැතිනිය නිරුවතින් ඇවිද්දවන්න කතා කළ එස්.බී. චන්ද්‍රිකා ඉන්න ආණ්ඩුවේ ඇමති වෙයි කියලා කවුද හිතුවේ. අප්පච්චී, අප්පච්චී කියලා සුළගිල්ලේ එල්ලිලා ඇවිදපු විජිතමුණි සොයිසා මේ ආණ්ඩුවේ ඇමති වෙයි කියලා කවුද හිතුවේ. නාමල් රාජපක්ෂ ජනාධිපති කරන්න හිටපු ඩිලාන් පෙරේරා මේ ආණ්ඩුවේ ඇමතිවෙයි කියලා කවුද හිතුවේ. මෛත‍්‍රීට හිටං, හුටං කියපු දයාසිරිලා මේ පැත්තේ ඇමතිකම් ගනී කියලා කවුද හිතුවේ. පසුගිය ආණ්ඩුවේ හෙජිං ගවිසුමෙන් කෝටි 8000කට වඩා මේ රටට අහිමි කරපු, මහින්දගේ නාමයෝජනාවට අත්සන් කරපු සුසිල් පේ‍්‍රමයන්තලා මේ ආණ්ඩුවේ ඇමතිකම් දරයි කියලා කවුද හිතුවේ. රාජපක්ෂගේ ආශිර්වාදය මත ශ‍්‍රීලනිපයේ ලේකම් ධුරය දරපු අනුර යාපා මේ ආණ්ඩුවේ ඇමතිමක් ගනී කියලා කිවුද හිතුවේ. කවුරු හිතුවේ නැතත් අපි දැනගෙන හිටියා හැදෙන්නේ හවුල් ආණ්ඩුවක් කියලා. ඒ නිසා තමයි අපි කිව්වේ ජවිපෙ පාර්ලිමේන්තු බලය වැඩි කරන්න කියලා. ඉතාමත් කෙටි කාලයක් තුළ ජවිපෙ ජනතාව වෙත ගෙනගිය පණිවිඩය නිවැරදියි කියලා තවුරු වෙලා තිබෙනවා.

අගෝස්තු මාසේ 17න් පස්සේ ගොඩනැගුණේ ජනවාරි 08වෙනිදා ජනවරමට එරෙහි ආණ්ඩුවක්. ජනවාරි අටවෙනිදා මෛත‍්‍රීට කතිරය ගහපු කවුරු හරි හිතුවද හැදෙන ආණ්ඩුවේ එස්.බී. ඉන්න  ඕන කියලා. නෑ. හංසයා ඉස්සරහින් කතිරය ගහනකොට ජනතාව හිතුවේ මහින්ද පලයං.. එස්.බී. උඹත් පලයං කියලයි. මහින්ද රාජපක්ෂ ඔයා යන්න.. විජිතමුණි උඹත් පලයං කියලා. මහින්ද මහත්තයා ඔයා යන්න ඒ වගේ ඩිලාන්, සුසිල්, ජෝන් සෙනෙවිරත්න, නිමල් ලන්සා, නිමල් සිරිපාල ඔයාලත් යන්න කියලා. ඒ නිසා ජනවාරි 08 ජනවරමට තිබෙන්නේ රාජපක්ෂ විතරක් නෙවෙයි ඔහු වටා හිටපු වසුරු කල්ලයත් එලවා දැමීමේ අරමුණයි. ඒ නිසා මෛත‍්‍රීලා රනිල්ලා ජනවරම පැත්තක තිබ්බේ අගෝස්තු 17වෙනිදා. ඒ නිසා ජනාවරි 08වෙනිදා ජනවරම වෙනුවෙන් ඡුන්දය ලබාදුන් හැම පුරවැසියෙකුගේම වගකීම වියයුත්තේ ජනවරමට පටහැනි ආණ්ඩුවට එරෙහිව ගොඩනැගෙන ජනතා සටන සමග ඉදිරියට ඒමයි.

මේ වනවිට මුළු ආණ්ඩුවේම කි‍්‍රයාකාරිත්වය ජනවරමට පටහැනිව කි‍්‍රයාත්මක වෙමින් තිබෙනවා. මෛත‍්‍රීගේ ජයග‍්‍රහණය වෙනුවෙන් කතිරය ගහනවිට ලසන්ත වික‍්‍රමතුංග ඝාතනයට එරෙහිව ඇතිවුණු කම්පනය ඒ තුල තිබෙනවා. ප‍්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය නිසා ඇතිවුණු පීඩනයට එරෙහි විරෝධයත් මෛත‍්‍රීට කතිරය ගැසීම තුළ ගැබ්ව තිබෙනවා. වතුර ඉල්ලා පාරට බැහැපු රතුපස්වල ජනතාවට වෙඩි තැබීමට එරෙහි කෝපයත්, විරෝධයත්, කටුනායකදී අයිතීන් වෙනුවෙන් පාරට බැහැපු රොෂාන් චානකලා ඝාතනය කරන විට නැගුණු ජනතාවගේ විරෝධයත්, හලාවත්දී ඉන්ධන මිල අඩුකරන්න කියලා පාරට බැහැපු ධීවර ජනතාවට වෙඩි තබා ඇන්තනී ඝාතනය කිරීමට එරෙහි ජනතා විරෝධයත්, බන්ධනාගාරයේ සිටි සිරකරුවන් ඝෝඨාභයලගේ මෙහෙයවීමෙන් මරාදැමීමට එරෙහිව එම පවුල්වල විරෝධයත්, ලලිත් කුගන් සොයුරන් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමට එරෙහි කම්පනය මෛත‍්‍රීපාල මහත්තයට ලබාදුන් ඡුන්දවල ගැබ්ව තිබෙනවා. ඔවුන් සියලූ දෙනා එම ඝාතනවලට පහරදීම්වලට යුක්තිය බලාපොරොත්තු වෙනවා. පෝද්දල ජයන්ත වදබන්ධනය ලක්කිරීම, උපාලි තෙන්නකොන්ලට, කීත් නොයාර්ට පහරදීම වැනි මාධ්‍යවේදීන්ගේ පුරවැසියන්ට පීඩනයට ලක්කිරීමට එරෙහිව, රගර් ක‍්‍රීඩකයින් කෙළි භාණ්ඩ කරගත් පාලනයට එරෙහිව නැගුණු පාලනයට එරෙහිව නැගුණු කම්මපනය, විරෝධය පීඩනය ජනවාරි අට ජනවරම තුළ තිබෙනවා. ඔවුන් ඒ වෙනුවෙන් යුක්තිය ඉල්ලා සිටිනවා. අපි මෛත‍්‍රීට කියනවා ඔබතුමා කළුතර බෝධිය වැඳනමස්කාර කරන්න. එය ඔබේ භක්තිය. නමුත් ඒ හැමටම උඩින් ඔබ පුටුවේ වාඩි කරවන ලද ජනතාවගේ අරමුණ සහ බලාපොරොත්තු තබාගත යුතු බව අප මතක් කරනවා. ඒ නිසා ඒ ජනතාවගේ අරමුණු ඉටුකරන තෙක් මහා පරිමාණ ¥ෂිතයින්ට අපරාධකරුවන්ට දඩුවම් ලබාදෙන තෙක් මෙ සටන දියත් කරන්න ජනතා විමුක්ති පෙරමුණ පමණක් නෙවෙයි ජනවරමට දායක වූ සියලූ දෙනා එක්රැුස්විය යුතු වේදිකාව දැන් ගොඩනැගෙමින් තිබෙනවා.

රාජ්‍ය නිලධාරීන් ගස්බැඳීම්, ඇමති පුතා හමුදා මේජර්වරයට පහරදීම පිළිබඳව, කොළොන්නාවේ ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පැහැරගන්න හමුදා සෙබල සමග සුදුවෑන් ආපු සිදුවීම් පිළිබඳව නීතිය අවභාවිතා වීම ගැන නැවත පරීක්ෂණයක් අවශ්‍ය නැද්ද? ඒවා කාලයේ වැලිතලාවෙන් වැසී යාමට ඉඩදිය යුතුද? නමුත් රනිල්ට හෝ මෛත‍්‍රීට තමන් බලයට පත්කළ ජනතාවගේ උවමනාවන් පිළිබඳව කිසිදු හැඟීමක් නැති බවයි පෙනී යන්නේ. ඒ මදිවට දැන් කොළොන්නාවේ අලූත් සෙල්ලමක්. පවුල් ප‍්‍රශ්න විසඳන්නේ හිරුණාකගේ කාර්යලයේ. ඒ ගැන විමල් වීරවංශ කියලා තිබුණා යහපාලනය නම් හිරුණිකා එළියේ ඉන්න විදියක් නැහැ කියලා ඔව්.. අපි කියනවා යහපාලනය නම් හිරුණාත් විමලූත් දෙන්නම එළියේ ඉන්න විදියක් නැහැ කියලා. විදේශ ගමන් බලපත‍්‍ර අවභාවිතා කළ අය මීගමුව බන්ධනාගාරයේ ඉන්නවිට වීරවංශ එළියේ ඉන්නේ කොහොමද? නීතිපති දෙපාර්තමේන්තුවෙන් විමල්ගේ ෆයිල් එක වහලා තබන්න උපදෙස් දීලා. එදා වගේම නීතිය අවභාවිතයේ යොදමින් බලවත් අය නීතියෙන් ගැලවිලා ඉන්නවා.

මා ඉතා වගකීමෙන් කියනවා රාජපක්ෂ පවුලේ දෙදෙනකු පිළිබඳ පරීක්ෂණ අවසන්. අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණා පසුගිය දෙසැ.19වෙනිදට පෙර. මෛත‍්‍රී කිව්වා අයවැය තුන්වනවර ඡුන්ද විමසීම අවසන් වෙනකල් ඉන්න කියල. ඉට පස්සේ මෛත‍්‍රී කියලා තිබෙනවා 09වෙනිදා පාර්ලිමේන්තුව අමතන තුරු අත්අඩංගුවට ගන්න එපා කියලා. ඊට පස්සේ කියයි පෙබරවාරි 04 නිදහස් දිනය අවසන් වනතුරු ඉන්න කියලා. ඊටත් පස්සේ සිංහල අවුරුදු අවසන් වනතුරු ඉන්න කියයි. මේක තමයි දේශපාලන අතගැසීම. අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම වළක්වනවා. රුපියල් මිලියන 600ක සිල් රෙදි බෙදපු ලලිත් වීරතුංග එක දිනයක් බන්ධනාගාරයේ ඉන්නේ නැහැ. රනිල්ගේ මෛත‍්‍රීගේ බලපොරය නිසා වංචනිකයින්ට දඩුවම් ලබාදීම ප‍්‍රමාදකරමින් ඉන්නවා.

ඒ විතරක් නෙවෙයි ජනතාවගේ බලාපොරොත්තුවක් තිබුණා අසීමිත ලෙස බදුබර වැඩිවෙලා බඩුමිල වැඩි වෙලා තිබෙන තත්වයට විසඳුමක් ලබාදීලා බඩුමිල අඩුකරයි කියලා. රවී කියනවා හාල්මැස්සෝ කිලොවට පාලන මිලක් දානවා කියලා. 415යි පාලන කිව්වාට හාල්මැස්සෝ කිලෝවට ප‍්‍රමිතියක් නැහැ. ඒකෙන් බඩුමිල අඩුවෙන්නේ නැහැ. අර්තාපල්වල, ළුෑණුවල බදු ඉවත් කරනවා කියනවා. ඒක අලූත් දෙයක් නෙවෙයි. ඒවා බඩුමිල අඩුකිරීම නෙවෙයි. බඩුමිල අඩුකරන්න බැහැ. මොකද අපි භාණ්ඩ විශාල ප‍්‍රමාණයක් ආනයනය කරනවා. භාණ්ඩ ගෙන්වන්නේ ඩොලර් ගෙවලා. එදා ඩොලර් දෙකක් ගෙවන විට රු.260යි. අද ඩොලර් 2ක් ගෙවන කොට රු.290යි. රුපියල වේගයෙන් කඩාවැටෙන්න ඇරලා කොහොමද බඩුමිල අඩුකරන්නේ. රනිල්ට ආනයනය අපනයන පාලනයක් හදාගන්න බැරිවෙලා තිබෙනවා. ඒ නිසා භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා.

පහුගිය දිනවල අපරාධයන් වැඩිවෙලා තිබෙනවා. පසුගිය මාස දහයක් තුළ අපේ රටේ සියදිවි හානිකරගැනීම 2375ක් සිදුවෙලා. පසුගිය මාස එකළොහ තුළ ඝාතනය කිරීම් 441ක් වාර්තා වෙලා තිබෙනවා. ඒ වගේම පසුගිය මාස එකොළහ තුළ 26462ක් කුඩු නිසා අත්අඩංගුවට ගෙන තිබෙනවා. 1854ක් ස්ත‍්‍රී ¥ෂණ සිදුවෙලා තිබෙනවා. මොකක්ද මේ සිදුවෙලා තිබෙන්නේ. මිනිස්සුනගේ ප‍්‍රශ්න විසඳන්න ආපු ආණ්ඩුවේ පහුගිය මාස කිහිපය තුළ අපරාධ වැඩිවෙලා. නීතියේ විධානයේ ආධිපත්‍ය තහවුරු කරනවා වෙනුවට අපරාධ ගහන වෙච්චි සමාජයක් බිහිකර තිබෙනවා. දැන් පරණ රාජපක්ෂ පාරේම මේ ආණ්ඩුවත් ගමන් කරමින් තිබෙනවා. සමහර සිවිල් සංවිධානවල පිරිස්, බුද්ධිමතුන් යැයි කියාගන්නා පිරිස්, රාජපක්ෂ පාලන කාලයේදී ප‍්‍රගතිශීලීන් ලෙස පෙනී සිටි පිරිස් කියනවා මේ ආණ්ඩුවේ යන වැරදි පාරෙන් හරි පාරට ගන්න පුළුවන් කියලා. මේ ආණ්ඩුව යන්නෙත් රාජපක්ෂලා අනුගමනය කළ සමාජ ආර්ථික ප‍්‍රතිපත්තියමයි. එනිසා කළ යුතුව තිබෙන්නේ මේ ප‍්‍රතිපත්ති වෙනස් කරන එකයි.

දැන් කෝප් කමිටුවේ සභාපති ධුරය අපේ පක්ෂයේ සුනිල් හඳුන්නෙත්ති සහෝදරයාට ලැබී තිබෙනවා. අපි කවුරුත් හිතන්න හොඳ නැහැ කෝප් කමිටුවේ සභාපති ධුරය ලැබුණ පමණින්ම වංචා ¥ෂණ නතර කරන්න පුළුවන් කියලා. අපි සහතික කරලා කියනවා පහුගිය කාලේ සිදුවූ මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාල නිලධාරීන් ඉතාම කෙටි කාලයක් තුළ කෝප් කමිටුවට කැඳවනවා. ඒම වංචා හෙළිදරව් කළ යුතුයි. ඒ වගේම පහුගිය කාලේ රේගුව හරහා විශාල ලෙස වාහන බදු වංචාවන් සිදුවෙලා තිබෙනවා. විගණන දෙපාර්තමේන්තුවේ වාර්තාවල සඳහන් වෙනවා එම වංචාව රුපියල් කෝටි 2000 ඉක්මවනවා කියලා. ඒ වංචාව ඒ විදියටම කරගෙන යන්න රවී කරුණානායක ගැසට් නිවේදන වෙනස්කළා. ඒ නිසා දැන් රජයට කෝටි හාරදහසක් පමණ අහිමි වෙලා තිබෙනවා.

ජනතා විමුක්ති පෙරමුණ ජනවාරි 08වෙනිදා ගන්නා ලද දේශපාලන උපක‍්‍රමය ගතවෙන දවසක් දවසක් පාසා නිවැරදි බව ඔප්පු වෙමින් තිබෙනවා. මීට කලිනුත් ජනතා විමුක්ති පෙරමුණ විවිධ දේශපාලන පක්ෂ සමග පූට්ටු කරන්න උත්සහ කළා. අදත් සමහරු ජවිපෙ එජාපය සමග හොර ගණුදෙනු තියෙනවා කියලා මත හදනවා. ජවිපෙ ගණුදෙනු තිබෙන්නේ සබඳතා තිබෙන්නේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන්වලට ලක්ව සිටින මේ රටේ ජනතාව සමග පමණයි. ඇමතිකම්වලට වරදාන වරප‍්‍රසාදවලට ඒ බැඳීම් බිඳදමන්නේ නැහැ. බයකරලා, මඩගහලා, ඝාතනය කරලා ජනතාව සහ ජනතා විමුක්ති පෙරමුණ අතර තිබෙන විශ්වාසනීය බැඳීම කඩතොලූ කරන්න බැරි බව අප ඉතා හොඳින් දන්නවා.

දැන් රනිල් වික‍්‍රමසිංහගේ ආර්ථික සැලැස්ම එළලා තිබෙනවා. ලෝකයේ ඉන්න කුප‍්‍රකටම මූල්‍ය ජාවාරම්කාරයා කොළඹට කැඳෙව්වා. එක් පැත්තකින් රනිල් අනෙක් පැත්තෙන් මෛතී‍්‍ර ඊළඟට ලෝකයේ ලොකුම මූල්‍ය ජාවාරම්කරු ජෝර්ජ් සෝරෝස් එකට ඉඳාගන සංවාදේ. සෝරෝස් කියනවා ලෝකයේ ආර්ථික කඩාවැටීමට හේතුව චීනයේ පරිභෝජන රටාවේ වැරැුද්ද කියලා. රනිල් මෛත‍්‍රී දෙපැත්තෙන් තියාගෙන සෝරෝස් කියනවා ලෝකයේ ආර්ථික බිඳවැටීමට චීනය වගකිව යුතුයි කියලා. රනිල් මෛත‍්‍රී ඔබලාගේ ස්ථාවරය රටට කිව යුතුයි. ලෝකයේ ආර්ථික අර්බුදයට වගකිව යුත්තේ ඇමරිකන් එක්සත් ජනපදය ප‍්‍රමුඛ අධිරාජ්‍යවාදීන්. ඒ අය තමයි ලෝකය පුරා යුද්ධය වැපුරුවේ. ලෝකය පුරා අවි ජාවාරම් කරන්නේ ඒ අය. අමුද්‍රව්‍ය සූරගෙන කන්නේ ඒ අය. ඒ නිසා මේ අර්බුදයට වගකිව යුත්තේ ධනපති පංතියයි. චීනය නොවේ. එකක් හරි පැහැදිලියි. රනිල් වික‍්‍රමසිංහලගේ ආර්ථික දිශානතිය තමයි ජෝර්ජ් සෝරෝස්ලා ප‍්‍රකාශ කරමින් තිබෙන්නේ. අග්නිදිග ආසියාවේ රටවල් කිහිපයක මූල්‍ය අර්බුදයක් ඇති කළා. ඒ වෙන කවුරුත් නෙවෙයි ජෝර්ජ් සෝරෝස්. ප‍්‍රංශයෙන් සෝරෝස්ට දඩයක් නියම කළා මූල්‍ය වංචාවක් කරලා. ඒ නිසා අපි කියනවා වික‍්‍රමසිංහලගේ මේ ආර්ථික ප‍්‍රතිපත්තිය අපේ රට අඟලක්වත් ඉදිරියට ගෙනියන්නේ නැහැ කියලා. දැන් රනිල් වික‍්‍රමසිංහලා අපේ රටේ පුරවැසියන් අතේ තිබෙන ඉඩම් සම්පත කොම්පැනිවලට පවරන්න නීති සකස් කරමින් තිබෙනවා. අක්කර 50 සින්නක්කර අයිතිය ඉවත් කරනවා. විදේශිකයින්ට ඉඩම් ලබාදීමේදී පනවා තිබූ 100% බද්ධ ඉවත් කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ මුහුදේ මාළු සම්පත කොම්පැනිකාරයින්ට ලබාදෙන්න සැලැස්ම හදනවා. අපේ රටේ බලශක්ති ක්‍ෂේත‍්‍රයත් පුද්ගලික අංශයට පවරා දීමට සැලසුම් සකස් කරමින් ඉන්නවා. නැව් තෙල් අංශය දියුණු කළ යුතුව තිබියදී නැව්වලට තෙල් ගහන්න වරාය අධිකාරිය හදපු තෙල් ටැංකිවලින් කොටසක් අයි. ඕ.සී. එකට දෙන්න යනවා. අද මේ ආණ්ඩුවේ ආර්ථික ප‍්‍රතිපත්ති සම්පාදකයා බවට පත්වී සිටින්නේ ජෝර්ජ් සෝරෝස්. පැකර් කැසිනෝ මධ්‍යස්ථානයක් ගොඩනගන හදපු වෙලාවේ හ`ඩ නගපු අපි සෝරෝස්ලාට ලංකාව මූල්‍ය ජාවාරම්කරුවන්ගේ මූල්‍ය වෙළඳ පොළක් බවට පත්කරන්න ඉඩ දෙන්නේත් නැහැ.

ඒ නිසා මේ දියත් කොට තිබෙන ආර්ථික සැලැස්ම අපේ රටේ ජනතාව කිසිසේත්ම ඉදිරියට ගෙනයන සැලැස්මක් නෙවෙයි. දැන් ලොකු බිල්ඩින්, පාලම්, පාරවල් ටිකක් පෙන්වනවා මෙන්න අපේ ඉදිරි සැලැස්ම කියලා. ජනතාවගේ ජීවිතය හා සම්බන්ධ නොවුණු සංවර්ධනයෙන් රටකට ඵලක් වෙන්නේ නැහැ. ඒනිසා අපට අරගල දෙකක් නිර්මාණය වී තිබෙනවා. මේ අරගල දෙකම පැවරී තිබෙන්නේ ජනතා විමුක්ති පෙරමුණ පෙරටුකරගත් මේ රටේ ප‍්‍රගතිශීලි ජනතා ව්‍යාපාරයන් මතයි. වෙන කාටත් එයට දේශපාලන නායකත්වය දෙන්න බැහැ. මේ ආණ්ඩුව සිදුකරමින් යන ජනතා අයිතීන් කප්පාදුවට එරෙහිව අරගලයක් තිබෙනවා. ඒ වගේම අලූත් අයිතීන් දිනාගැනීමේ සටනකුත් අප වෙත පැවරී තිබෙනවා. ඒ සටනට අපි සූදානම්. පීඩාවට පත්වන ගොවියන්ගේ, වැඩකරන ජනතාවගේ, තරුණයන්ගේ, ශිෂ්‍යන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් සිදුකරන සටනට පනපෙවීම සඳහා තමයි ජවිපෙ ප‍්‍රමුඛ ජනතා ව්‍යාපාරයක් ගොඩනගමින් තිබෙන්නේ.

මේ සටන සමග සමාන්තර ගමනක් අපිට තිබෙනවා. ඒ මේ දුෂ්ඨ ¥බල බෙලහීන ධනවාදී සමාජ ක‍්‍රමයට එරෙහිව සාධාරණ, ජනතාවාදී සමාජවාදී සමාජ ක‍්‍රමයක් ගොඩනැගීම සඳහා ජනතාව පෙළගැස්විය යුතුව තිබෙනවා. කම්කරුවන්ගේ සටන අයිතිවාසිකම් දිනාගැනීමෙන් ඔබ්බට යන සටනට සම්බන්ධ කරන්න  ඕනෑ. මාධ්‍යවේදීන්ගේ සටන මාධ්‍ය නිදහස දිනාගැනීමෙන් පමණක් සීමා නොවී ඉන් ඔබ්බට යන සටනක් හා සම්බන්ධකරන්න  ඕනෑ. ගොවියන්ගේ ධීවරයින්ගේ අසාධාරණයට ලක්වූ ජනතාවගේ සටන් තම අයිතීන් ඉල්ලා කරන සටනින් නොනැවතී අවසන් ජයග‍්‍රහණයක් සඳහා පෙළගස්වන්න  ඕනෑ. රැුවටීමට ලක්වී සිටින ජනතාව තවදුරටත් රැුවටීමෙන් මුදවාගෙන නව සමාජ ක‍්‍රමයක් ගොඩනැගීම සඳහා පෙළගැස්වීමේ වගකීම ජවිපෙ ප‍්‍රමුඛ ප‍්‍රගතිශීලී බලවේග වෙත පැවරී තිබෙනවා. අපේ රටේ කලාකරුවන්, විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන්, මහාචාර්යවරුන්, කථිකාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන්, නීතිඥයින්, ව්‍යාපාරිකයින් අපිත් එක්ක අත්වැල් බැඳගෙන තිබෙනවා. ඒ නිසා අපි නිහතමානීව කියනවා අද මේ රටට අවශ්‍ය වෙලා තිබෙන පුළුල්තම ප‍්‍රගතිශීලි ජනතා පෙරමුණ ගොඩනැගෙමින් තිබෙනවා කියලා.

මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *