කපිල චන්ද්‍රසේනගේ බිරිඳගේ සිංගප්පූරු ගිණුමෙන් ලංකාවේ කෙනෙකුටත් මුදල් එවලා !

වංචනික ලෙස සිදුකළ එයාර් බස් ගනුදෙනුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිඳ අල්ලස් ලෙස ලබාගත් ඇමරිකානු ඩොලර් මිලියන 02ක මුදල බැර කෙරුණු සිංගප්පූරු බැංකු ගිණුමෙන් ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයින් එක් අයකු හෝ දෙදෙනෙකුට ද මුදල් ලබාදී ඇති බව හෙළිවී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් තුසිත් මුදලිගේ මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේය. 

ඒ, ඊයේ (06) දිනයේදී කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ වන ප්‍රියංකා නියෝමාලී විජේනායක මහත්මිය අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීය. 

ඒ අනුව එසේ මුදල් ලැබුණු ගිණුමේ හිමිකරුවන්ගෙන් ද ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේ. 

එසේම 2019 සැප්තැම්බර් මාසයේ සිටම මෙම වංචාව සම්බන්ධයෙන් සැකකරුවන්ගෙන් ප්‍රශ්න කෙරුණ ද ඔවුන් කිසිදු ගිණුම් තොරතුරක් විමර්ශන නිලධාරීන් වෙත ලබා නොදීම නිසා මේ ගනුදෙනුවේ තොරතුරු අනාවරණය කරගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවුණු බව ද තුසිත් මුදලිගේ මහතා එහිදී ප්‍රකාශ කළේය. 

එමෙන්ම අත් අඩංගුවට ගත් පසුව ද මේ ගිණුම ආරම්භ වුණු ආකාරය හෝ ඊට මුදල් ලැබුණු ආකාරය පිළිබඳව තමන් කිසිවක්ම නොදන්නා බව සැකකරුවන් විසින් ප්‍රකාශ කර ඇති බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *