වරෙන්තුව අරන් තියෙන්නේ කපිල චන්ද්‍රසේන රටින් පනින තුරු ඉඳලා – අජිත් මාන්නප්පෙරුම

ඇමරිකානු ඩොලර් මිලියන 02ක් අල්ලස් වශයෙන් ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා අත් අඩංගුවට ගැනීම සඳහා අධිකරණයෙන් වරෙන්තුව ලබාගෙන ඇත්තේ ඔහු ශ්‍රී ලංකාවෙන් පිටවීම සඳහා ගුවන් යානයකට ගොඩවීමෙන් අනතුරුව බව එක්සත් ජාතික පක්ෂය පවසයි. 

රාජපක්ෂ රජය තම පවුලේ හිතවතුන්ව ආරක්ෂා කරගන්නේ මේ ආකාරයෙන් බවටයි එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා චෝදනා කළේ. 

“වරෙන්තුව අරන් දීලා තියෙන්නෙ මෙයා රට යනකල් ඉඳලා. ප්ලේන් එකට නැග්ගට පස්සෙ. දෙන්න කෙනෙක් නෑ. ඔන්න රාජපක්ෂ පවුලේ හිතවතුන් ආරක්ෂා කරන ආකාරය. 

මෙයා ෆ්ලයිට් එකට නැග්ගට පස්සෙ තමයි මේ අත් අඩංගුවට ගැනීමේ නියෝගය නිකුත් වෙලා තියෙන්නෙ. කාටද මේක ගිහින් දෙන්නෙ ? ඒ කියන්නෙ හක්කෙ තියෙන්නෙ බුදුරැස්, බොක්කෙ තියෙන්නෙ දඩමස්. ආණ්ඩුවට අපි වගකීමෙන් කියනවා එයාර් ලංකා දූෂණය පිළිබඳව, එයාර් බස් ගනුදෙනුවේ වෙච්චි දූෂණය පිළිබඳව හොයන්න ජනාධිපති කොමිසමක් පත් කරන්න කියලා” යැයි ඒ මහතා සඳහන් කළේය. 

අජිත් මාන්නප්පෙරුම මහතා මේ බව පැවසුවේ ඊයේ (05) කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. 

RN

LANKANEWSWEB


Leave a Reply

Your email address will not be published. Required fields are marked *