ජනතාව මත බර පැටවීමට සිදුවුනේ රාජපක්‍ෂ ආණ්ඩුවේ වැරදි නිසයි – ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

Terence-Purasinghe - 1 -5_CI copyරටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. නමුත් යහ පාළනය පරිපූර්ණ ලෙස ඇති කිරීමට තරම් අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ.

අපි අද සිටින්නේ නිදහසින් ලැබීමෙන් පසු ගෙවීයන හත්වෙනි දසකය අගභාගයේ. නිදහසින් පසු ගෙවෙන හත්වෙනි දසකය අවසන් වෙන්න තව තියෙන්නේ වසර දෙකක් පමණයි. ගෙවී ගිය දසක හතක පමණ කාලය ගැන පසු විපරමක් යෙදෙන විට අපේ රටේ ආර්ථික දියුනුව ගැන සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? එසේ නොවන්නේ නම් ඊට හේතු මොනවාද?

ඒ ප‍්‍රශ්නයට පිළිතුර තරමක් දිගු ආර්ථික හා දේශපාලන විග‍්‍රහයක්. ලංකාව දිගු කාලයක් යටත් විජිතයක් වශයෙන් පැවතුනු රාජ්‍යයක්. ඊට කලින් තිබුණේ සම්ප‍්‍රදායික ආර්ථික ක‍්‍රමයක්. අවුරුදු දෙදහසක පමණ කාලයක් මේ සම්ප‍්‍රදායික ආර්ථික ක‍්‍රමය තිබුණ. යටත් විජිතයක් ඇති වීමත් සමගම යටත්විජිත ධනවාදී ආර්ථික ක‍්‍රමයක් බිහිවුණා. ඒක ක්‍දකදබසහ්ක ක්‍්චසඒකසඑසදප යනුවෙන් හඳුන්වනවා. යටත් විජිත ධනවාදයේ ස්වරූපය නම් යටත් විජිත පාළකයන්ට අවශ්‍ය ආර්ථික ක්‍ෂේත‍්‍රය පමණයි ඔවුන් සංවර්ධනය කරන්නේ.  අපේ රට යටත් විජිතයක් බවට පත්කරගත් අධිරාජ්‍යවාදීහූ සංවර්ධනය කළේ වතු වගාව පමණයි. ඔවුන් කෘෂිකර්මාන්තය දියුණු කිරීම සඳහා කිසිම අවධානයක් යොමු කෙරුවේ නෑ.

ලංකාවෙ ජනගහනයෙන් 80% ක් පමණ ජීවත් වෙන්නෙ ග‍්‍රාමීය ප‍්‍රදේශවල. යටත් විජිත පාළන කාලයේ 90% ක පමණ ජනගහනයක් ග‍්‍රාමීය ප‍්‍රදේශවල ජීවත් වුණා. නමුත් ඔවුන් ග‍්‍රාමීය ප‍්‍රදේශ සංවර්ධනය කිරීම කෙරේ කිසිදු අවධානයක් යොමු කෙරුවේ නැහැ. ඔවුන් සංවර්ධනය කෙරුවේ වතුකරයයි. මුලින් කෝපි වගාවත්, දෙවනුව තේ වගාවත්, අනතුරු පොල් සහ රබර් වගාව ඔවුන් සංවර්ධනය කෙරුව. ඔවුන් වැඩි අවධානයක් යොමු කෙරුවේ තේ වගාව සඳහායි. ඔවුන් ඊට අවශ්‍ය යටිතල පහසුකම් නිර්මාණය කරමින් ඉතාමත් දියුණු මට්ටමක එය පවත්වාගෙන ගියා. මාර්ග පද්ධතියක්, වරාය, මූල්‍ය සහ බැංකු පද්ධතියක්, රක්‍ෂණ ක‍්‍රම ඔවුන් මැනවින් පවත්වාගෙන ගියා. ඔවුන් මෙසේ කළේ වතුවගාවේ අවශ්‍යතාවයන් සඳහා පමණයි. මීට අමතරව ඔවුන් නාගරික සංවර්ධනයක් ඇති කෙරුවා. ඔවුන් එසේ නාගරික සංවර්ධනයක් ඇති කෙරුවේ මේ වතුවගාවන් සඳහා ආයෝජනය කරන ලද ආයෝජකයින්ට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහායි. ජන නල පද්ධතීන්, මාර්ග හා මාර්ග ආලෝක කරණය, රෝහල් වැනි පදිංචිය සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම මේ නගර නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය වුනා. ඔවුන් ග‍්‍රාමීය ප‍්‍රදේශ කෙරේ කිසිදු අවධානයක් යොමු කෙරුවෙ නැහැ. ග‍්‍රාමීය ප‍්‍රදේශවල කැඞී බිඳිගිය වැව් ප‍්‍රතිසංස්කරණය, මං මාවත් තැනීම, සෞඛ්‍ය පහසුකම් සැපයීම, අධ්‍යාපන අවස්ථා ඇති කිරීම වැනි කටයුතු කෙරේ ඔවුන් කිසි අවධානයක් යොමු කෙරුවෙ නැහැ.

මේ තත්ත්වය නිදහසට පෙර සිටම, එක්දහස් නවසිය තිස්ගණන් වල සිටම වෙනස්වීමට පටන් ගත්තා. එක්ට හේතු වුනේ සුභසාධන රාජ්‍ය සංකල්පය ඇති වීමයි. යුරෝපයේ සුභසාධන සංකල්පය ඇති වූයේ විසිවන ශතවර්ෂයේ මුල් භාගයේ දීයි. බි‍්‍රතාන්‍ය පාලකයන් විසින් මේ සුභසාධන සංකල්පය ලංකාවටත් ගෙනාවා. ඔවුන් මේ රටතුළත් සුභසාධන රාජ්‍ය සංකල්පයක් ඇති කිරීමට උත්සාහ කෙරුව. එහිදී ග‍්‍රාමීය ආර්ථික කෙරෙහි යම් අවදානයක් යොමුවුනා. ඩොනමෝර් ආණ්ඩුක‍්‍රමය පවතිද්දී ඞී.එස්. සේනානායක වැනි පුද්ගලයන් විසින් ග‍්‍රාමීය ප‍්‍රදේශවල වැව් අමුනු ප‍්‍රතිසංස්කරණය කර ග‍්‍රාමීය කෘෂිකර්මය නගාසිටුවීමේ ක‍්‍රියාදාමය ආරම්භ කෙරුව. නිහස ලබන අවස්ථාව වන විට පැවතියේ එවැනි තත්ත්වයකුයි.

ආර්ථික ව්‍යුහය ප‍්‍රාථමික අංශය, ද්විතීක අංශය හා තෘතීය අංශය කියල කොටස් තුනකට බෙදනවා. ප‍්‍රාථමික අංශය යනුවෙන් හඳුන්වනනේ කෘෂිකාර්මික අංශයයි. ද්වතීයික අංශය යනුවෙන් හඳුන්වන්නේ කාර්මික අංශයයි. තෘතීක අංශය වශයෙන් හඳුන්වනු ලබන්නේ සේවා අංශයයි. අපේ රටේ ප‍්‍රාථමික අංශය එනම් කෘෂිකාර්මික අංශය කොටස් දෙකකට බෙදනව.  එකක් වතු වගාව, අනික ග‍්‍රාමීය පාරිභෝගික කෘෂිකර්මය.

ලංකාවේ ප‍්‍රාථමික අංශය තමයි ප‍්‍රබල තැනක් ගන්නෙ. ඒයින් ග‍්‍රාමීය කෘෂිකර්මයට වඩා අදටත් දියුණු තත්ත්වයක තියෙන්නෙ ව්‍යාපාරික කෘෂිවගාවන් වන තේ, පොල්, රබර් වැනි වගාවන්. යටත් විජිත යුගයේ සිට අද දක්වාත් දියුණු මට්ටමක තියෙන්නෙ ප‍්‍රාථමික අංශයයි. විද්‍යාත්මක ශිල්පක‍්‍රම, කෘෂිකාර්මික තාක්‍ෂණය ඒ සඳහා යොදා ගැනීමක් කරනව. ද්වීතික ක්‍ෂේත‍්‍රය තවමත් තියෙන්නේ නොදියුණු මට්ටමක.

බි‍්‍රතාන්‍ය පාළකයන් මේ රටේ කර්මාන්ත දියුණු කරන්න උත්සාහයක් දැරුවෙ නෑ. ඔවුන්ගේ රටවල් වල කර්මාන්ත දියුණු මට්ටමකින් තිබුණා. ඔවුන්ට අවශ්‍ය වූයේ ඔවුන්ගේ කර්මාන්ත ශාලාවල නිෂ්පාදිත භාණ්ඩවලට ලංකාවේ වෙළෙඳ පොළක් ඇති කරගැනීමටයි. මේ රටේ ඔවුන්ට කාර්මික නිෂ්පාදනයන් කිරීමට උත්සාහයක් ගත්තේ නෑ. ඔවුන් යම්පමණකින් හෝ කර්මාන්ත ශාලා ඉදිකෙරුව නම් ඉදිකෙරුවෙ ඔවුන්ගේ වතුවගාවන් සඳහා අවශ්‍ය උපකරණ නඩත්තුව සඳහා අවශ්‍ය කර්මාන්තශාලා පමණයි. ඔවුන් දුම්රිය මාර්ග ඇති කරල දුම්රිය ධාවනය ස්ථාපිත කෙරුව. ඒවා නඩත්තුවට අවශ්‍ය කර්මාන්ත ශාලා ඇතිකෙරුව. ලංකාවේ වරාය ඇති කෙරුව නිසා නැව් හා වරාය නඩත්තුවට කර්මාන්තශාලා ඇති කෙරුව. ඔවුන් නිෂ්පාදන කර්මාන්ත අපේ රටේ ඇති කෙරුවෙ නැහැ. තේ, පොල්, රබර් වැනි කෘෂි නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් තමයි ඔවුන් පිටරට යැවීම කෙරුවෙ. තෘතීය ආර්ථික අංශ්‍ය වන සේවා අංශය පදනම් වුනේ කෘෂිකර්මාන්තය මතයි. ලංකාවට නිදහස ලැබෙන විට ලංකාවට තිබුණෙ ඉතාමත් ප‍්‍රාථමික මට්ටමේ ආර්ථිකයක්. ග‍්‍රාමීය අංශය ගත්තත් අදටත් ඒ තත්ත්වයේ විශාල වෙනසක් නැහැ.

අපේ රටට අවශ්‍ය ආර්ථිත ව්‍යුහය හැදුවේ බි‍්‍රතාන්‍ය පාලකයන් විසින්. ඔවුන් එය සැලසුම් කෙරුවේ ඔවුන්ට අවශ්‍ය විධිහටයි. නිදහස ලැබුණු රටක ආර්ථිකයේ ව්‍යුහාත්මක වෙනසක් සිදුවිය යුතුයි. අපේ රටේ එක සිදුවුනේ නෑ. මෙතන තමයි, මේ රටේ නිදහසින් පසු ආර්ථිකයේ සීඝ‍්‍ර සංවර්ධනයක් නොවීමට හේතුව තියෙන්නෙ. නිදහසින් පසුව අදටත් මේ රටේ ආර්ථික ව්‍යුහයේ ප‍්‍රධාන ක්‍ෂේත‍්‍රය වී තිබෙනනේ ප‍්‍රාථමික ක්‍ෂේත‍්‍රයවන කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රයයි. සම්ප‍්‍රදායික ව්‍යපාරික භෝග වගාව අදටත් ඒ අයුරින්ම තියෙනව. ඒ වාණිජ භෝග වගවා යොදා ගන්නේ අපනයනය සඳහායි. අනික් අතින් වී වගාව ඇතුළු අතිරේඛ භෝග වගාව ප‍්‍රාථමික කෘෂිකර්මය පැතතෙන් තියෙනව. ඒය තවම තාක්‍ෂණික වශයෙන් දියුණුවෙලත් නැහැ. තවමත් කෙරෙන්නේ පැරණි සම්ප‍්‍රයික කෘෂිකර්ම රටාවමයි.

එදා කෘෂිකර්ම වගාවන් කෙරේ බලපාන ලද ප‍්‍රශ්න අදටත් ඒ අයුරින්ම තියනව.
ලංකාව කෘෂිකාර්මික රටක්. මහා පරිමාන කර්මාන්ත ඇති කිරීමට තරම් මේ රටේ සාධක නැහැ. යකඩ හා වානේ කර්මාන්තය වැනි කර්මාන්තයක් ඇති කරන්න මේ රටේ හැකියාවක් නැහැ. ඒකට හේතුව අමුද්‍රව්‍ය අප සතුව නැතිවීම. යපස්, ගල් අ`ගුරු, ඛණිජ තෙල් වගේ ස්වභාවික සම්පත් අප රටේ නැහැ. ප‍්‍රාග්ධනය, පුහුණු ශ‍්‍රමය පිළිබඳ ප‍්‍රශ්න තියෙනව. කළමනාකරණය වැනි ප‍්‍රශ්න තියෙනව. අපේ රටට ගැලපෙන්නෙ මධ්‍යපාරිමාණ හා සුලූ පරිමාණ කර්මාන්ත. නිදහස ලැබෙන විට මේ කර්මාන්ත ප‍්‍රබල විධිහට අපේ රටේ ස්ථාපිත වෙලා තිබුණෙ නැහැ.

නිදහසින් පසුව පැවති රජයන්ට අවධානය යොමු කිරීමට තිබුණ ප‍්‍රධාන අංශය තමයි කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය. අපේ රටේ පුළුල් ක්‍ෂේත‍්‍රය කෘෂිකර්මයයි. තාමත් අපට විදේශ විනිමය ලැබෙන්නේ වතුවගාවෙන්. (මෑත කාලයේදී වතු ආර්ථිකය තරමක පසුබෑමක් ඇතිවෙලා තියෙනව* අප කළ යුතුව තිබුනේ මේ කෘෂිකාර්මික ආථිකය නවීකරණය කිරීම හා ඒ ආශ‍්‍රිතව නිෂ්පාදන කර්මාන්ත ඇති කිරීමයි. තාමත් අපි තේ, රබර්, පොල් වැනි නිෂ්පාදන අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යැවීමයි සිදුකරනු ලබන්නේ. ඒ ආශි‍්‍රත කර්මාන්ත ඇති කිරීමට හැකිවූවා නම් නිමි භාණ්ඩ වශයෙන් අපනයනය කිරීමේ හැකියාව ඇති වෙනව. අමුද්‍රව්‍ය වශයෙන් පිටරට යැවීමට අවශ්‍ය වන්නේ නැහැ. ලෝක වෙළඳපෙළේ අමුද්‍රව්‍යවලට ලැබෙන මිලයි, නිමි භාණ්ඩවලට ලැබෙන මිලයි අතර ලොකු වෙනසක් තියෙනව. නිදහසින් පසු කිසිම රජයක් උත්සාය කෙරුවේ නෑ වතු වගාවන් ආශ‍්‍රිත කර්මාන්ත පද්ධතියක් බිහිකිරීමට. සිරිමා බණ්ඩාරණායක රජය විසින් ටයර් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරමින් ඒ සඳහා උත්සාහයක් ගත්තා.   මේ රටේ නිපදවන අමුද්‍රව්‍ය වලින් නිමි භාණ්ඩ වෙළෙඳපොළක් ඇති කිරීමේ දැක්මක් කිසිම ආණ්ඩුවකට තිබුණෙ නැහැ.

ලංකාවේ වඩාත් ව්‍යාප්තව ඇති ග‍්‍රාමීය කෘෂිකර්මාන්තයේ ගැටලූ විසඳිමට අදටත් බැරිවෙලා තියෙනව. එහි තිබෙන ලොකුම අර්බූදය තමයි, එය ව්‍යාපාරික මට්ටමට ඇවිත් නොතිබීම. නිදහස ලැබී අවුරුදු 70 ක් පිරීමට ආසන්න වුවත් තවමත් ඒ ප‍්‍රශ්නවලට විසඳුමක් ලැබී නැහැ. ග‍්‍රාමීය කෘෂිකර්මය අදටත් තියෙන්නෙ පාරිභෝගික මට්ටමක. නිෂ්පාදනය පාරිභෝජනය සඳහා පමණයි. දේශීය වෙළඳ පොළට ප‍්‍රමාණවත් අයුරින් දියුණු කිරීමටවත් බැරිවෙලා තියෙනව. අපනයනය කිරීමේ හැකියාවක් නැහැ.

ග‍්‍රාමීය කෘෂිකර්මය පොෂණය වුණා කියල කිසිදු විශේෂ ආර්ථිකමය ප‍්‍රතිඵලයක් රටට ලැබෙනනේ නෑ. එයින් අපට විදේශ විනිමය උපයන්න නොහැකියි. එය පරිභෝජනය සඳහා පමණයි. හාල් කිලෝවක් නිපදවීමට අපට යන වියදමට වඩා ගොඩක් අඩුයි ඉන්දියාවේ හාල් කිලෝවක් නිපදවීම සඳහා යන වියදම. ඉන්දියාවේ වී වගාවට අවශ්‍ය කෘෂි උපකරණ, පොහොර, කෘෂි රසායන ඇතුළු යෙදවුම් නිෂ්පාදනය කරනව. එහෙත් අපේ රටේ ඒ සියල්ල ආනයනය කරන්න සිදුවෙලා තියෙනව. අපේ රටේ කෘෂි ආර්ථික රටක් වුවත් එවැනි නිෂ්පාදන කිසිවක් නැහැ. අපේ නිෂ්පාදනවල පිරිවැය අඩුකිරීමටනම් එවැනි යෙදවුම් කළ යුතුව තිබෙනව. එසේ නොමැති නිසා පිරිවැය ඉහළ ගිහින් තියෙනවා එයින් පාඩු ලැබීමට සිදුවෙලා තිබෙනව. කෘෂිකර්මයේ යෙදෙන ගොවියන් හැමදාම දිළින්දන් වීමට එය හේතුවක් වෙලා තියෙනව.

අද තියෙන්නේ ගෝලීය ආර්ථිකයක්. අපිට වී වගා කිරීමට වැඩිය ලාබයි, ඉන්දියාවෙන් හෝ ලාභදායි රටකින් සහල් ආනයනව කරල වෙනත් විකල්ප වගාවකට යන එක. මේ පිළිබඳව අපිට දැක්මක් නෑ. අපි ඉන්නෙ සම්ප‍්‍රදායික ජාතිකවාදී මඩගොහොරුවක. වී නිෂ්පාදනය අපේ ආත්මය බවට පත් වෙලා තියෙනව. රටක ආර්ථිකය දියුණු කිරීමේදී එසේ ආත්මීය බැඳිම්වලට කොටු වෙලා ඉන්න බෑ. අපි විප්ලවීය වෙනස්කම්වලට යායුතුව තියෙනව. වී නිෂ්පාදනය නිහසින් පසුව අවුරුදු 70 වකට ආසන්න කාලයක් තිසසේ ව්‍යාපාරික මට්ටමකට ඇවිත් නැහැ. ආර්ථිකයක් දියුණු වීමට ව්‍යාපාරික මට්ටමකට පැමිණිය යුතුයි. අදවන තුරු එසේ පැමිණ නැහැ. වී නිෂ්පාදනය සඳහා අදටත් ආයෝජනයක් නැහැ. අදටත් ගොවීන් සහනාධාර මත යැපෙන තත්ත්වයක් තියෙන්නෙ. අදටත් පොහොර සහනාධාරය, කෘෂි ණය මත යැපෙන්නෙ. රටක ආර්ථිකයක් දියුණු කිරීමට  ඕනෑම ක්‍ෂේත‍්‍රයක ආයෝජනය කිරීමෙන් ඊට ප‍්‍රතිලාභයක් ලැබිය යුතුයි. ගොවියා ණය වෙලා වගාකරන අතර අස්වැන්න නෙලා ණය පියවන තත්ත්වයකුයි තියෙන්නේ. අවුරුදු 70 ක් තුළ ගොවියාගේ දියුණුවක් ඇති වී නැහැ. එයින් පෙනෙනවා මෙය අසාර්ථක බව. සාම්ප‍්‍රදායික මිත්‍යාවන් තුළ එල්බගෙන සිටීම මෙයින් මිදීමට නොහැකි වීමට එක හේතුවක්.

මෙයට විසඳුම වී නිෂ්පාදනයෙන් වෙනත් නිෂ්පාදනයකට මාරුවීමයි. සම්පූර්ණයෙන්ම වී නිෂ්පාදනය නතර නොකළ යුතුයි. එය යම් මට්ටමක තිබියදී වෙනත් භෝගයකට මාරුවිය යුතුයි. (අඩුමිලට සහල් ගෙන්වා ගැනීමට ඉන්දියාව, පාකිස්ථානය, තායිවානය වැනි රටවල් තියෙනව. නිෂ්පාදන මිළ වැඩිවීමෙන් පාරිභෝගිකයන්ට සහල් සඳහා වැඩි මිලක් ගෙවීමට සිදු වී තියෙනව.* ගොවියන් ලෝක වෙළෙඳපොළට යැවිය හැකි භෝගයකට මාරුවිය යුතුයි. කජු සහ එළවළු වගාව උදාහරණ වශයෙන් පෙන්විය හැකියි. ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැපයිය යුතුයි. කජු අස්වැන්න අවන් කිරීම, පිළිවෙලකට ඇසුරුම් කිරීම වැනි කටයුතු සඳහා කර්මාන්තශාලා ඇති කළ යුතුයි. එළවළු නරක් නොවී තබාගැනීම පිණිස පිළිවෙළකට ඇසුරුම් කිරීමට කර්මාන්තශාලා ඇති කළ යුතුයි. ඒවා අපනයනය තෙක් කල්තබා ගැනීමට සීත ගබඩා ඇතිකළ යුතුයි. (තායිලන්තය වැනි රටවල් වී වගාවෙන් මාරු වී මෙවැනි අපනයන භෝග වගාවට මාරු වී තියෙනව.) එවිට ගොවියාට විදේශ විනිමය ලැබෙනව. ගොවියා අමාරුවේ වැටීම නවතිනව. නැත්නම් ගොවියා ණය වෙනව, ගොවිතැන කරනව, ණය පියවනව, ආයෙ ණය වෙනව ගොවිතැන් කරනව වගේ චක‍්‍රයක් තමයි ගොවි ආර්ථිකයේ තියෙන්නේ. ව්‍යුහාත්මක වෙනසක් මේ තත්ත්වයෙන් ගොඩ එම සඳහා අවශ්‍යයි.

දෙවෙනි කාරණය නම්, රටක ආර්ථිකය කෘෂිකර්මය මතම පදනම් වීමෙන් සංවර්ධනය වෙන්නෙ නෑ. අනිවාර්යෙන්ම කර්මාන්ත බිහිකිරීම අවශ්‍යයි. අපේ රටේ මහා පරිමාණ කර්මාන්ත ඇති කිරීමට අවශ්‍ය සාධක නොමැති නිසා සුලූ හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ඇති කළ යුතුයි. මෙහිදී පැන නගින ආර්ථික ගැටලූවට මුහුණ දීම සඳහා විදේශ ආයෝජන මගින්  එය කළයුතු වෙනව. සමාජවාදී සංකල්ප මත එල්බ සිටීම නිසා මේ විදේශ හා පුද්ගලික ආයෝජනයන්ට අකමැති වෙන්න පුළුවන්. එහෙත් ධනේශ්වර ක‍්‍රමය සංවර්ධනය නොවී සමාජවාදයට යාමට නොහැකියි. ධනේශ්වර ක‍්‍රමය ආහෝසි කර සංවර්ධනය කරා යාමට උත්සාහ දැරූ සෝවියට් දේශය ඇතුළු රටවල් බිඳ වැටුණා. අපේ රටේ ඇතිකළ යුත්තේ ධනේශ්වර සංවර්ධනයක්. ඒ සංවර්ධනය ඇති කරන්නෙ කුමන සමාජ පන්තියද කියන එක වෙනම දෙයක්. මේ රටේ ධනේශ්වර සංවර්ධනයක් ඇතිකිරීමට මේ ධනපතිපන්තියට බෑ. එයින් අදහස් වෙන්නේ ධනපති පක්‍ෂයක් වශයෙන් හඳුන්වන රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවකටවත් එය කළ නොහැකියි. එය කළ හැකකේ විප්ලවවාදී රජයකටයි. කම්කරු පන්තිය විසින් බලය අත්පත්කරගන්න රජයකටයි එය කළ හැකි වන්නේ. කම්කරු පන්ති ආධිපත්‍ය යටතේ වුවත් කළයුතු වන්නේ ධනේශ්වර සංවර්ධනයයි. සමාජවාදයක් ඇති කිරීමට පෙර ධනේශ්වර ක‍්‍රමය මගින් සංවර්ධනයක් ඇති කළ යුතුයි. සමාජවාදී පියවරට දෙවනුව යායුතුයි. ලෙනින් සෝවියට් දේශයෙත් කරන්න ගියේ එයයි. ඔහුගේ අභාවය නිසා එය ක‍්‍රියාත්මක කිරීමට බැරි වුණා. ස්ටාලින් එය කිරීමට ගොස් අවුලක් බවට පත් වුණා. සෝවියට් සමූහ ආණ්ඩුව අද කෑලි කෑලිවලට කැඞී ගිය අවුල් සහගත රාජ්‍යයක් බවට පත්වී තියෙනව.  චීනය යම් ප‍්‍රවේශකයට ඇවිත් තියෙනව. කොමියුනිස්ට් පක්‍ෂයේ රාජ්‍ය පාළනය තියාගෙන ධනේශ්වර ආර්ථික ක‍්‍රමයක් ස්ථාපිත කරමින් යනව. සෝවියට් දේශයත් එම ආර්ථික ක‍්‍රියා මාර්ගය අනුගමනය කෙරුව නම් අද තත්ත්වයට නොවැටී ඉන්න තිබුණා.

අපේ රටේ ද ධනේශ්වර සංවර්ධනයක් ඇති කළ යතුයි. ධනේශ්වර සංවර්ධනයක් ඇති කිරීමට නම් ප‍්‍රබල කාර්මික ව්‍යුහයක් තිබිය යුතුයි. කාර්මාන්ත පද්ධතියක් ඇති කළ යුතුයි. ඒ සඳහා ආයෝජන ශක්තියක් දේශීය වශයෙන් නැහැ. මේ රටේ මහාපරිමාණ ආයෝජනයක් කළ හැකි ධනපති පන්තියක් නැහැ. මධ්‍ය පරිමාණ ධනපති පන්තියත් සිටින්නේ ඉතාම සීමිත ප‍්‍රමාණයක්. එම නිසා විදේශ ආයෝජන අවශ්‍යයි. කැමති වුවත්, අකමැති වුවත් ඇත්ත තත්ත්වය ඒකයි. ඒ සඳහා වූ දේශපාලනික හා නෛතික වාතාවරණයක් මේ රටේ තිබිය යුතුයි. ඒක මෙතෙක් තිබුණෙ නැහැ. ජේ.ආර්. ජයවර්ධන විදේශ ආයෝජන තුළින් රට දියුණු කිරීමට උත්සාහය ගත්තත් රටේ යහ පාළනය තිබුණෙ නැහැ. එම නිසා ඔහුගේ උත්සාහය අසාර්ථක වුණා. රටේ ආර්ථකය සංවර්ධනය කිරීමට අවශ්‍ය කරන මූලික දේ තමයි යහ පාළනය. යහ පාළනය නැත්නම් ධනවාදය වර්ධනය වීමක් සිදුවෙන්නෙ නැහැ. රනිල් වික‍්‍රමසිංහ මහතාගේ දැක්ම විදේශ ආයෝජන ඉලක්ක කරගත් එකක් වෙන්න පුළුවන් වුවත් ඒ තත්ත්වය ඉටු කර ගැනීමේ හැකියාව අවමයි. මේ රට පසුගාමී ධනපති රටක් නිසා ඒ තත්ත්වය ඉටුකර ගැනීමේ අවස්ථාව සීමිතයි. යහ පාළනය වුවත් මේ රටේ පරිපූර්ණ ලෙස ඇති කළ නොහැකියි. අපේ රටේ දේශපාලන සංස්කෘතිය එතරම් දියුණු මට්ටමක නැහැ. නමුත් විදේශ ආයෝජකයන් මේ රටට අද්දවා ගැනීම සඳහා වැඩපිළිවෙලක් තිබිය යුතුයි. මේ රටේ ආර්ථික සංවර්ධනය පිළිබඳව ඒක අත්‍යාවශ්‍ය කරුණක්.
අද වන විට ඉතාමත් ප‍්‍රබල තත්ත්වයක තිබෙනනේ සේවා අංශයයි.  එය මූල්‍ය හා තොරතුරු තාක්‍ෂණය, රක්‍ෂණ අතින් ප‍්‍රබල තත්ත්වයක තියෙනව. නමුත් එය එම ක්‍ෂේත‍්‍රවලට පමණක් සීමා වී තිබෙනව. රටේ පුළුල් අංශයන් තුළ සේවා අංශ්‍ය එතරම් දුරට ප‍්‍රචලිත වෙලා නෑ. මේ රටේ කාර්මික සංවර්ධනයක් නොමැතිකම එම අඩුපාඩුව සිදුවීමට හේතුවක් වී තිබෙනව. මේ තත්ත්වය ගොඩ නැගීමට නිදහසින් පසුව කිසිම ආණ්ඩුවක් සාර්ථක උත්සායහක් අරගෙන නෑ. එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක පාළන කාලයේ තමයි මුලින්ම කාර්මික සංවර්ධනය පිළිබඳ සංකල්පයක් අපේ රටට ඉදිරිපත් කෙරුවෙ. හැබැයි ඔහු රාජ්‍ය කර්මාන්ත පිහිටුවීමට තමයි උත්සාහ කෙරුවෙ. රාජ්‍ය කර්මාන්ත ඇතිකිරිමේ හැකියාවක් අපේ රටේ නැහැ. රජයට සාර්ථක කර්මාන්ත ශාලාවක් ඇති කිරීමට විශාල ප‍්‍රාග්ධනයක් ආයෝජය කළ නොහැකියි. නමුත් ආරම්භයක් විදිහට උත්සාහයක් ගත්ත. සිරිමාවෝ බණ්ඩාරනායක දේශීය කෘෂිකර්මයක් ඇති කිරීමට උත්සාහයක් ගත්තත් එහි පුළුල් දැක්මක් තිබුනෙ නැහැ. කෘෂිකාර්මික ක්‍ෂේත‍්‍රය තුළ යම් සංවර්ධනයක් ඇති කර ස්වයං පෝෂික ආර්ථිකයක් කරා යෑමේ සීමිත (පටු* දැක්මක් තමයි ඒ කි‍්‍රයාමාර්ගය තුළ තිබුණෙ. ස්වයංපෝෂිත ආර්ථිකය පිළිබඳ ඉලක්කයක් මිස දීර්ඝ කාලීන දැක්මක් එහි තිබුණෙ නැහැ.
ධනේශ්වර සංවර්ධනය අතින් පැහැදිලි දැක්මක් තිබුණ නායකයා තමයි ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ගේ පාළන කාලය පිළිබඳ විවේචනයක් තිබුණත්, ධනේශ්වර සංවර්ධනය පිළිබඳ දැක්මක් ඔහුට තිබුණ. ඔහු තේරුම් අරගෙන තිබුණ විදේශ ආයෝජනවලින් තමයි මෙය කළහැක්කේ කියන එක. එසේ කිරීමේ දී දේශපාලන වශයෙන් විනිවිදභාවයක් තිබිය යුතුයි. නීතියේ ආධිපත්‍ය ස්ථාපිත වියයුතුයි. ප‍්‍රජතන්ත‍්‍රවාදය සුරැුකී තිබිය යුතුයි.  එසේ නොමැතිව රටක් සංවර්ධන කළ නොහැකියි. ජේ.ආර්. විදේශ ආයොජකයින් ගෙන්වා රට සංවර්ධනය කිරීමට උත්සාහ ගත්තත් රටේ නීතිය සහ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත කිරීමක් සිදුවූයේ නැහැ. ඔහුගේ කාලයේ නීතියේ අධිපත්‍යටයට පවා විධායකය බලපෑම් කරන තත්ත්වයක් තිබුණා. මිනිස් නිදහස, මාධ්‍ය නිදහස පැහැර ගත්ත. එම නිසා එය අසාර්ථක වුණා ජේ.ආර්. ජයවර්ධනගෙන් පස්සේ එවන් දැක්මක් මේ රටේ කිසිම නායකයකුට තිබුණේ නැහැ. එහි යම්පමණක දැක්මක් තිබෙන නායකයා රනිල් වික‍්‍රමසිංහ යි.

අද රටේ මැදපාංතිකයන් බහුතරයක් බැංකු ක්‍ෂේත‍්‍රය, රක්‍ෂණ ක්‍ෂේත‍්‍රය, තොතුරු තාක්‍ෂය වැනි ක්‍ෂේත‍්‍රවල වල සේවා අංශයේ නියුක්ත වූවන්. එවැනි සේවාවලින් රටක් දියුණු කළ නොහැකියි. රටක් දියුණු කිරීමට නම්, රටේ නිෂ්පාදන ආර්ථිකයක් දියුණු කළ යුතුයි. කාර්මික හා කෘෂිකාර්මික අංශවල. මේ වනතුරු නිෂ්පාදන ආර්ථිකයක් ගොඩනැ`ගීමේ දිසාවකට කිසිම ආණ්ඩුවක් නිවැරදි ආකාරයට පියවර තබා නැහැ. මෙහි ප‍්‍රතිඵල මධ්‍යකාලීනව හා දිගුකාලීනව ලබාගත යුතුයි. කෙටි කාලීනව ලබාගත නොහැකියි. රටක් දියුණු කිරීමට නම්, එවන් සැලැස්මකට ආණ්ඩුවක් යායුතුයි. එසේ යා නොහැකි ප‍්‍රශ්නයක් තියෙනව. ඒ මැතිවරණ ක‍්‍රමයයි. ඡුන්දදායකයාට රටේ ආර්ථිකය යා යුතු දිසානතිය ගැන දැක්මක් නැහැ. සංවර්ධනය පිළිබඳ අවබෝධයක් නැහැ. මහින්ද රාජපක්‍ෂ රජය ඇති කෙරුවේ යටිතල පහසුකම් පමණයි. ඔහු එය හඳුන්වනනේ සංවර්ධනයක් යනුවෙන් එය සංවර්ධනයක් නෙමෙයි. එය සංවර්ධනයට අවශ්‍ය කරන එක පියවරක් පමණයි. ඔහුගේ සංවර්ධන පියවරවල් කිහිපයක් ගත්තත් අසාර්ථකයි. නිරර්ථකයි. හම්බන්තොට වරාය අසාර්ථක ප‍්‍රයත්නයක්. ගුවන් තොටුපොළ අසාර්ථකයි. එය ජනතාවට පෙනෙන්නේ සංවර්ධනයක් හැටියටයි. ගොඩනැගිලි පාරවල් දැක්කම ජනතාව හිතන්නේ රට සංවර්ධනය වෙනව කියලයි. රටේ සංවර්ධනය කියනනේ භාණ්ඩ හා සේවා නිෂ්පාදනය ඇති කර වැඩි දියුණු කිරීමයි. එය දේශීය පරිභෝජනය සඳහා පමණක් නොව විදේශ වෙළඳපොළට යවා විදේශ විනිමය උපයා ගැනීමයි.
මේ අනුව නිදහසින් පසු අද දක්වා රටේ ආර්ථික දියුණුව කිසිසේත් සෑහීමකට පත්විය නොහැකියි.

මෙවර අයවැය වෙන කවරදාටවත් වඩා කතාබහට ලක් වූ අයවැයක්.  එයට විවිධ හේතු තිබුණා. මෙවර අයවැය ආර්ථික අතින් රටේ දියුණුවට ඉදිරිගාමී අයවැයක්ද?

මේ ආණ්ඩුව ධනේශ්වර ආණ්ඩුවක්. පසුගිය ආණ්ඩුවත් ධනේශ්වර ආණ්ඩුවක්. මේ රටේ බිහිවුණු ආණ්ඩු මොන විදිහකින් හැදින්වුවත් ධනේශ්වර ආණ්ඩු. විවිධ ප‍්‍රතිසංස්කරණ තිබුණත් මූලික වශයෙන් ධනේශ්වර ආණ්ඩු. නිදහසින් පසු මේ දක්වා එහි වෙනසක් නැහැ. රාජ්‍ය අංශයේ ආයෝජන තියෙනව නම් එය සමාජවාදී පියවරක් වශයෙන් සමහරු හිතනව. පෞද්ගලික අංශයේ ආයෝජන ධනේශ්වර ආයෝජන වශයෙන් හඳුන්වනව. ඒත් ඒක එහෙම වෙන්නෙ නෑ. ධනවාදී ආර්ථික ක‍්‍රමය දෙආකාරයකට ක‍්‍රියාත්මක කරන්න පුළුවන්. රාජ්‍ය ව්‍යවසාය සහ පෞද්ගලික ව්‍යවසාය වශයෙන්. රාජ්‍ය ව්‍යවසාය කියන්නෙ සමාජවාදය කියල හිතනව නම් එය මෝඩ කමක්. සාමාන්‍යයෙන් රටක සංවර්ධන ඇති කිරීමට මූලිකත්වය දරන්නේ පෞද්ගලික අංශය මගින්. ඒක දැන් ඉන්න දේශපාලඥයක් කවුරුත් පිළිගන්න දෙයක්. මේ ආර්ථිකයේ ඉංජිම පුද්ගලික අංශය. පුද්ගලිකය අංශය දිරිමත් කිරීම සඳහා තමයි මේ අයවැය ලේඛනය ඉදිරිපත් කළේ. ඒ අයගෙ දෘෂ්ඨිකෝණය අනුව පෞද්ගලික අංශ්‍ය ආයෝජනය කිරීමට පෙළඹීමට නම් සහන දිය යුතුයි කියලයි හිතන්නෙ. ඒ අනුව අයවැය හරි. එකයි ඍජු බදු වලට වඩා වක‍්‍ර බදු වැඩිකර තියෙනනේ. ඍජු බදු අයකරනු ලබනනේ නිෂ්පාදකයාගෙන් වන අතර වක‍්‍ර බදු අයකරන්නේ මහජනතාවගෙන්. භාණ්ඩ හා සේවා මත පනවන බද්ද වක‍්‍රබද්ධයි. එය මේ අයවැය තුළ වැඩිපුර දකින්න තියෙනව. ඍජු බදු අඩුයි. එයින් පැහැදිලිව පෙනෙනවා මෙය ධනේශ්වර ක‍්‍රමයේ වර්ධනය සඳහා ගෙන ආ අයවැයක් බව.

පසිගිය අවුරුදු 10 ක පමණ කාලයක් තුළ මහින්ද රාජපක්‍ෂගෙ පාළන කාලයේ විශාල වශයෙන් ණය අරගෙන තියෙනව. ඒව අරගෙන තියෙනනේ අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් නෙමේ. අන්තර් ජාතික මූල්‍ය ආයතනවලින් ණය ගත්තනම් .5%, 1% ක් වගේ ප‍්‍රමාණයක් තමයි ඔවුන් වාර්ෂික පොලිය වශයෙන් අයකරනු ලබන්නේ. නමුත් මහින්ද රාජපක්‍ෂ චීන බැංකුවලින් ණය අරගෙන තියෙනව 6% සිට 12% දක්වා. පරාසයක් තුළ. දැඩි පොළියට ක්‍ෂණික ණය අරගෙන තියෙනව. වාණිජ බැංකුවලින් පොළියට ණය ගැනීමේදී කොන්දේසි නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීමේදී කොන්දේසිවලට යටත්විය යුතුයි ඒ ණය වියදම් කරන ආකාරය පිළිබඳව. එම ණය යොදවන ආකාරය පිළිබඳ විනිවිද භාවයක් තිබිය යුතුයි. එම මුදල් හොරකම් කිරීමට නොහැකියි. අනික් බැංකුවලට අවශ්‍ය ණය වාරිකය හා පොලිය ගෙවීම පමණයි. ගිය ආණ්ඩුව ගත්ත ණය වාරික හා පොලිය මේ රජයට ගෙවන්න සිදුවෙලා තියෙනව. ඒවා ගෙවීම සඳහා අනිවාර්යෙන්ම බදු අය කළ යුතුයි. එ හේතුව නිසා තමයි මේ අයවැය අර්බූදයක් නිර්මාණය කෙරුවෙ. මේ අයවැය ජනතාව මත බදු පැටවීමට වගකිව යුත්තේ රාජපක්‍ෂ ආණ්ඩුවයි. ඔහුගේ තීරණ නිසා අර්බූදයක් නිර්මාණය වුණා.

අපේ රටේ සංවර්ධනය මන්දගාමී බවයි බොහෝ දෙනෙකුගේ අදහස. අපේ රට ශීඝ‍්‍ර සංවර්ධනයක් කරා ගෙනයායුත්තේ කෙසේද?

මම එය දකින්නේ ආර්ථික පැත්තෙන් නෙමෙයි දේශපාලන පැත්තෙන්. අපි අධිවේගී සංවර්ධනයකට නොයායුතුයි. තව ඉදිරි පරම්පරාවලටත් මේ රට ක‍්‍රමික සංවර්ධනයක්කරා ගෙනයා හැකියි. අපිට මූලික වශයෙන්ම අවශ්‍ය ප‍්‍රජතන්ත‍්‍රවාදයයි. මහා පරිමාණ කොන්ක‍්‍රිට් සංවර්ධනයට වඩා අපේ වැනි ග‍්‍රාමීය සමාජයක් තියෙන රටක ජනතාවට ජීවත්වීමට අනවශ්‍ය පහසුකම් අවශ්‍ය නැහැ. සංවර්ධනය මන්දගාමීව යායුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. එසේ ශීඝ‍්‍ර සංවර්ධනයකට යන්න ගියොත් මේ රටේ ආර්ථිකය කඩාවැටෙන්න ඉඩ තියෙනව. ආර්ථිකය දියුණු නොවුනත් සමාජය කඩාවැටීමකට ඉඩ නොදිය යුතුයි. මේ සංවර්ධනය රටට ඔරොත්තු නොදෙන්නක්. අදටත් එය සිදුවෙමින් තියෙනව. බස්නාහිර සංවර්ධන ව්‍යාපෘතිය වුවත් අදට ගැලපෙන දෙයක් නෙමෙයි. මේ රටේ ඇති කළ යුත්තේ ග‍්‍රාමීය සංවර්ධනයයි. මේ රටේ නාගරික සංවර්ධනය දැනට ප‍්‍රමාණවත්. මාර්ග තදබදය විසඳීම වැනි ක‍්‍රියාමාර්ග ගත යුතුයි. අපේ රටේ සංවර්ධනය අසමතුළතයි. නිදහසින් පසු දශක ගණනාවක් ගෙවීගියත් අදටත් මේ සංවර්ධනය අසමතුළිතයි.

රැුකියා හා ආර්ථික ප‍්‍රශ්නයට විසඳුම වශයෙන් මෙඝා පොලිස් සිටි (සුපිරි දියුණු පුවවරයක්) එකක් නිර්මාණය කිරීමටයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. ඔවුන්ගේ ප‍්‍රධාන ඉලක්කයක් එය. මෙය රටේ ආර්ථික හා සමාජ ප‍්‍රශ්න විසඳීමට එය සමත් වෙයිද?

මේ බස්නාහිර පළාතම මෙට්ට්‍රොපොලිටන් නරගරයක් කිරීමටයි ආණ්ඩුව සූදානම් වෙන්නේ. ඊට පෙර ආණ්ඩුව කළ යුත්තේ දුෂ්කර ප‍්‍රදේශවල පහසුකම් දියුණු කිරීමයි.

පේ‍්‍රමදාස ආණ්ඩුව ඇ`ගලූම් කම්හල් ඈත ගම්වල පවා ඇති කෙරුව. එයින් රැුකියා ප‍්‍රශ්නය විසඳීම, පාරවල් නවීකරණය වීම, ජන ජීවිතය සරුවීම වැනි දේවල් ඇති වුණා. එයින් නාගරිකකරණය වීමෙන් ඇතිවෙන සමාජ අර්බූදයට විසඳුමක් නිර්මාණය වෙමින් පැවතුණා. ග‍්‍රාමීය ප‍්‍රදේශවලම කර්මාන්තශාලා ඇති කිරීමෙන් ඔවුන් එහිම සිට ආර්ථිකය දියුණු කර ගැනීමට බලනව. එවිට පවුල් සංස්ථා බිඳවැටීම වැනි ප‍්‍රශ්න විසඳෙනව. නැතිනම් නගරය කරා සංක‍්‍රමණය වීමෙන් හා රැුකියා සොයා විදේශගත වීමෙන් පවුල් සංස්ථා පවා බිඳවැටෙනව. එයින් සමාජ ප‍්‍රශ්න රැුසක් නිර්මාණය වෙනව. ඔවුන්ගේ සමාජ සම්බන්ධතා පද්ධතිය ආරක්‍ෂා කරගැනීම පිළිබඳවත් සිතියයුතු වෙනව.
මේඝා පොලිස් ව්‍යාපෘති මේ රටට තව දශක කිහිපයකින් පැමිණිය යුතු ඒවා වශයෙන් තමයි මම දකින්නෙ. අදටත් ඈත පළාත්වල ජනතාව කොතරම් අඩු පහසුකම් ඇතිවද ජිවත් වෙන්නේ ළමයින්ට පාසලට එන්න පාරක්, ඇලකින්, ඔයකින් එගොඩ වෙන්න පාළමක් තියා ආරක්‍ෂිත ඒදණ්ඩක් නැ. ඒවට විසඳුමක් නැතිව මෙඝා පොලිස් නගරයක් බිහිකිරීමෙන් ඇති ප‍්‍රයෝජනය කුමක්ද? පාඨලි චම්පක ඇමතිතුමාට බාර දෙන්න තිබුනේ මේඝාපොලිස් අමාත්‍යංශයක් නෙමෙයි. ග‍්‍රාමීය සංවර්ධන අමාත්‍යංශය.

මේ රට් ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ ඉතාමත්ම දුස්කරයි. මහින්ද රාජපක්‍ෂ හම්බන්තොට සංවර්ධනය කෙරුව. ඒත් ලංකාව කියන්නෙ හම්බන්තොට විතරක් නෙමයි. අද අවශ්‍ය මුලූ රටේම ග‍්‍රාමීය සංවර්ධනයක්. යටත් විජිත යුගයේ සිටම මේ රටේ අන්තිම පීඩිත කණ්ඩායම ග‍්‍රාමීය දුප්පත් ජනතාව. 71, 89 කැරැුල්ලත්, 30 අවුරුදු උතුරේ යුද්ධයත් නිර්මාණය වූයේ ඒ නිසයි.  මේ ග‍්‍රාමීය සමාජ අර්බූදයේ ප‍්‍රතිඵලයට අදටත් පිළියමක් නෑ.

 ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා  ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය ටෙරන්ස් පුරසිංහ.

මේ ලිපියේ තවත් කොටසක් ඉදිරියේදී පළවේ.
මනෝජ් රූපසිංහ

Similar Posts

Leave a Reply

Your email address will not be published. Required fields are marked *