කපිල චන්ද්‍රසේන රටින් පිටවෙලා – රජයේ මාධ්‍ය ප්‍රකාශක

තමන්ට වාර්තා වී ඇති අන්දමට නම් ඇමරිකන් ඩොලර් මිලියන 02ක් අල්ලස් ලබාගැනීම පිළිබඳ චෝදනා එල්ල වී ඇති ශ්‍රී ලංකන් ගුවන් සේවයෙහි හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ශ්‍රී ලංකාවෙන් පිටව ගොස් ඇති බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. 

ඒ අනුව එතුමා සම්බන්ධයෙන් අවශ්‍ය පියවර ගැනීම පොලිසිය සතු කාර්යයක් බවයි රජයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ. 

“මම ඒ පිළිබඳ දන්නෙ නෑ. දැන් පොලිසිය දැනගන්න ඕනේ ඒ පුද්ගලයව අත් අඩංගුවට ගන්න. පොලිසිය නීතීය ක්‍රියාත්මක කරන්න ඕනෙ. 

මටත්, අපටත් දැන ගන්න ලැබිලා තියෙන හැටියට එතුමා ලංකාවෙ නෑ කියන එක තමයි කියන්නෙ. ඉතිං ඒනිසා, ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ග අරගෙන ඔහුව කඩිනමින් ලංකාවට – ලංකාවෙ නැත්නම් – ගෙන්නන්න කටයුතු කරලා ඔහුට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෙ” යැයි ඒ මහතා ප්‍රකාශ කළේය. 

මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව පැවසුවේ ඊයේ (05) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි. 

RN

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *