වෝහාරික විගණනයෙන් මහේන්ද්‍රන් ගොඩ ; දැන් කතාව “මහ බැංකුව ම හොරු”

ශ්‍රී ලංකා මහ බැංකුවේ භාණ්ඩාගාර බැදුම්කර අලෙවිය සම්බන්ධයෙන් නිකුත්කළ වෝහාරික විගණන වාර්තා මගින් පසුගිය රජය කාලයේ සිදු වී ඇති අක්‍රමිකතා හෙළිදරවු වීමත් සමග එම ආණ්ඩුවේ වගකීම් දැරූ උදවිය මහ බැංකුවම හොරු කියන්නට පටන්ගැනීම නිසා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ට මෙතෙක් එල්ල කළ චෝදනා ප්‍රතික්ෂේප වන තත්ත්වයක් පැන නැගී ඇත . දැන් විවේචන එල්ලවීමට පටන්ගෙන තිබෙන්නේ මහ බැංකුව ම හොරු බවට හා මෙම වෝහාරික විගණන වාර්තා හොරුන් විසින් ම සකස් කළ වාර්තා බවට ය .

 එම චෝදනා මහ බැංකුවට එල්ල කරන්නේ මෙම වාර්තා මගින් හෙළිකොට ඇති දුෂණ සම්බන්ධ වගකිව යුතු පුද්ගලයින් විසිනි .  මහින්ද රාජපක්ෂ යුගයේ මහ බැංකු අධිපතිව සිටි අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් මෙම චෝදනා මෙලෙස එල්ල කරති .

මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ අර්ජුන මහේන්ද්‍රන් මහතා මහ බැංකු අධිපති වීමෙන් පසු ඔහු තම බෑනා සමග එක්ව මහ බැංකුව කැඩූ බවට මෙතෙක් ගෙනගිය ප්‍රචාරය පුස්සක් බවට පත්වීමයි .  2015 හා ඉන්පසු සිදු වූ බැදුම්කර වංචා සම්බන්ධයෙන් ද අර්ජුන මහේන්ද්‍රන් මහතාගේ සම්බන්ධයක් “ඔප්පු කිරීමට සාක්ෂි නැති” බව මෙම වාර්තා වල සදහන් ව තිබීම නිසා තත්වය වඩාත් සංකීර්ණ වී ඇත .

මේ වනවිට මෙම විගණන කළ සමාගම් ගැනද ප්‍රශ්න මතුකොට ඇතත් , කෝප් කමිටුවේ හිටපු සභාපති සුනිල් හදුන්නෙත්ති මහතා කියන්නේ ලෝකයේ විගණන සමාගම් අතර හතරවන හා හයවන ස්ථාන වල සිටින්නේ මෙම සමාගම් දෙක බවයි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *