පසුගිය රජය දුන් විශ්‍රාම වැටුප් වැඩිකිරීම නව රජය නවතා දමයි

විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා සමනය කිරීම සදහා පසුගිය රජය සමයේ සැලසුම් කොට ක්‍රියාවට නැගීමට කටයුතු කොට තිබු වැටුප් වැඩිකිරීම නවතා දැමීමට රජය තීරණයකොට ඇති බව වාර්තා වෙයි . එයට හේතුව ලෙස සදහන් වන්නේ අවශ්‍ය මුදල් සපයා ගැනීමට නොහැකි වීම බව දැනගන්නට ඇත .

2017 වසරෙන් පසුව විශ්‍රාම ගිය ලක්ෂයකට වැඩි විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම සදහා එම වැටුප් 2020 වැටුපට අනුව ගණනය කිරීමට පසුගිය රජය කර තිබු සැලසුම මෙලෙස අතහැර දම ඇති බව කියති .

මෙම වැටුප් වැඩිවීම ලබාදීමට අවශ්‍ය රුපියල් බිලියන 130ක් මුදල සොයාගත නොහැකි බව මහා භාණ්ඩාගාරය රජයට දැනුම් දී ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *