එයාර් බස් ගනුදෙනුවේ ඩොලර් මිලියන 16ක අල්ලසක් ගැන හෙළිවෙයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීම සදහා 2011-2015 අතර කාලයේ කළ ගනුදෙනුවේ දී ඩොලර් මිලියන 16ක් අල්ලස් දීමට පොරොන්දු වී ඉන් ඩොලර් මිලියන දෙකක් ලබා දී ඇති බව බ්‍රතාන්‍යයේ කළ පරීක්ෂණයක දී හෙළිදරවු වී ඇත . ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු විධායක නිලධාරියකු ගේ බිරිදට මෙම මුදල් ලබාදීම සිදුව ඇත . එම මුදල් බෘනායි රාජ්ජයේ ලියාපදිංචි කොට තිබු ව්‍යාජ සමාගමක් වෙත බැර කර ඇති බව පරීක්ෂණ වල දී හෙළිදරවු වී තිබේ .

මෙම අල්ලසේ ඉතිරි මුදල් ගුවන්යානා එකිනෙක මිල දී ගන්න විට කොටස් වශයෙන් ලබාදීමට එකග වී සිටි බව ද හෙළිදරවු වී තිබේ . මිල දී ගන්නා එක් එක් ගුවන් යානයක් සදහා ඩොලර් මිලියන දෙක බැගින් සහ කුලියට ගන්නා එක් යානයක් සදහා ඩොලර් මිලියන 1.3 බැගින් ලබා දීමට ගිවිස ගෙන තිබු බව පරීක්ෂණ වල දී හෙළිදරවු වී තිබේ .

පසුගිය රජය මෙම ගනුදෙනුව අවලංගු කිරීම නිසා වැඩි දුර ගනුදෙනු සිදු වී නැත .

මෙම අල්ලස් ගනුදෙනුවට දඩුවම් ලෙස රන් පවුම් මිලියන තුනක දඩයක් ගෙවීමට එයාර් බස් සමාගමට නියම කොට ඇත .

එයාර් බස් සමාගම තවත් රටවල් ගණනාවක දේශපාලනඥයින්ට හා නිලධාරීන්ට ලබා දී ඇති අල්ලස් පිලිබදව මේ වනවිට පරීක්ෂණ පැවැත්වෙමින් තිබේ .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *