“නව ව්‍යවස්ථාවකට පක්ෂයේ සහය කොහොම හරි අරන් දෙනවා” – මෛත්‍රීගෙන් රනිල්ට පොරොන්දුවක් .

නව ව්‍යවස්තාවක් සකස් කිරීමේ ක්‍රියාවලියට තම පක්ෂයේ සහය කෙසේ හෝ ලබාගන්න බවත් , එබැවින් සැලසුම් කල පරිදි කටයුතු කරගෙන යන ලෙසත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහතික වී ඇති බව විස්වාස කටයුතු ආරංචි මාර්ග කියයි . සන්ධානයේ අභයාරාම  පාර්ශවය ව්‍යවස්ථා ක්‍රියාවලිය කඩා කප්පල් කිරීමට ජනාධිපතිට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඊයේ හදිසියේ පවතී ඉහල පෙලේ සාකච්චාවකදී ජනාධිපතිතුමා මෙම සහතිකය දී තිබේ . ව්‍යවස්ථා සම්පාදනයට සම්බන්දව සිටින මැති ඇමති පිරිසක්ද එම සාකච්චාවට සහභාගී වී සිට ඇත .

පෙරදින අභයාරාම පාර්ශවයේ පිරිසක් ජනාධිපතිවරයා හමුවී කල බලපෑම නිසා ඇතිවී තිබු ව්‍යාකුල තත්වය විසදා ගැනීමට මෙම ඉහල පෙලේ සාකච්චාව පවත්වා තිබේ , අභයාරාම පාර්ශවය ජනාධිපති තුමාට පවසා ඇත්තේ නව ව්‍යවස්ථාවක් සැකසීමට ආණ්ඩුවට ජන වරමක් නැති බවයි .

වෙනත් ආරංචි මාර්ග කියන්නේ නව ව්‍යවස්ථාවක් සැකසීමේ උත්සාහය වලක්වීමට සියලු අංශ වලින් ක්‍රියා කිරීමට අභයාරාම කණ්ඩායම තීරණය කොට ඇති බවයි . මෙය ජනාධිපති තුමා සතු බලය පැහැර ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ උත්සහයක් බවටත් , විදේශීය බලපෑම් යටතේ රට බෙදීමේ උත්සහයක් බවටත් ප්‍රචාරය කරමින් විරෝධතා ව්‍යාපාරයක් ක්‍රියාත්මක කිරීමටත් මෙම පිරිස තීරණය කොට ඇති බව දැනගන්නට ඇත .

කෙසේ වෙතත් ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය සංශෝධනයට පමණක් ව්‍යවස්ථාව වෙනස්කිරීම ප්‍රමාණවත් නැති බව හා ජාතික ප්‍රශ්නයට විසදුමක් මෙමගින් ලබා දීම කල යුතුම බවත් ය . ඒ සදහා තම පක්ෂයේ සහය ලබා ගැනීමට ක්‍රියා කරන බව ජනාධිපතිතුමා ප්‍රකාශ කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *