සජිත් පිල එජාප කෘත්‍යාධිකාරිය වර්ජනය කරයි

අද සවස පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට සහභාගී නොවීමට සජිත් ප්‍රේමදාස මහතාට හිතවත් කණ්ඩායම තීරණය කොට ඇත . පක්ෂයේ තීරණ ගැනීමේ ඉහළ ම ආයතනය වන මෙහි සාමාජිකත්වය දරන්නේ පක්ෂයේ විවිධ සංවිධානවලින් පත්වන නියෝජිතයන් හා පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් පත් කරනු ලබන පිරිසකි . පක්ෂයේ නිලධාරීන් ගේ අනුමැතිය ඇතිව මෙම පත්වීම් පසුගිය දිනවල සිදුකොට තිබේ .

අජිත් පී පෙරේරා , ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා , රෝසි සේනානායක , ඉමිටියාස් බකීර් මාකර් යන අයට මෙවර කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකත්වය හිමි වී නැත .

මේ අතර පක්ෂයේ නායකත්ව ප්‍රශ්නය සම්බන්ධයෙන් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා හා සජිත් ප්‍රේමදාස මහතා අතර ඊයේ පැවති සාකච්ඡා අසාර්ථක වූ බව වාර්තා වී ය . සජිත් ප්‍රේමදාස මහතා ඉල්ලන සියලු දේ දිය නොහැකි බවත් දියහැකි වගකීම දැනටමත් දී ඇති බවත් රනිල් වික්‍රමසිංහ මහතා එහිදී ප්‍රකාශ කොට ඇත .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *