අජිත් ප්‍රසන්න සමග මාධ්‍ය හමුව පැවැත්වූ බුද්ධි අංශ නිළධාරීහු දෙදෙනෙක් රිමාන්ඩ්

හිටපු හමුදා නිළධාරීන් මේජර් අජිත් ප්‍රසන්න මහතා සමග මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් සාක්ෂිිකරුවන්ට බලපෑම් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේ නාවික හමුදා බුද්ධි අංශ නිළධාරීන් වන කත්‍රිආරච්චිගේ ගාමිනී සහ තුෂාර මෙන්ඩිස් නමැති දෙදෙනාය.‍ මොවුන් දෙදෙනා, ‍කොළඹ හා තදාසන්න ප්‍රදේශවල තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියේ සැකකරුවන් දෙදෙනෙකුද වේ.

2008 අංක 08 දරන සාක්කිකරුවන් හා වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ප්‍රකාරව සැකකරුවන් දෙදෙනාට චෝදනා එල්ල වී තිබේ. එම චෝදනා අනුව සැකකරුවන් දෙදෙනා ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා නියෝග කළේ.

මෙම සිද්ධියට අදාලව මේජර් අජිත් ප්‍රසන්න මහතා ද මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගතව සිටී. ඒ කොළම මහාධිකරණයේ නියෝගයක් මතයි.

LANKANEWSWEB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *