මම විනිසුරුවරුන්ට කතා කළේ නෑ විනිසුරුවරුයි මට කතා කළේ – රන්ජන් අධිකරණයේ දී කියයි

රක්ෂිත බන්ධනාගාර ගතව සිටින එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා තමන් විනිසුරුවරුන්ට කතා කෙළේ නැති බවත් තමන්ට විනිසුරුවරුන් කතා කළ බවත් ඊයේ 29 විවෘත අධිකරණයේදී   විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව නුගේගොඩ අතිරේක මහේස්ත්‍රාත් එස් යූ කේ පැල්පොල මහතා හමුවේ විවෘත අධිකරණයේ විභාග වෙමින් තිබුණු අතර ඇප පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත්විමට නියමිතව තිබිණ.

එහිදී රන්ජන් රාමනායක මහතා විත්ති කූඩුවේ හිදිමින් විනිසුරුතුමනි මට ප්‍රකාශයක් කරන්න අවසර දෙනවාදැයි විමසමින් මේ බව කියා සිටියේය.

සාක්කි කරුවන්ට මම බලපැම් කරන්නේ නැහැ.මම විනිසුරුවරුන්ට කතා කෙළේ නැහැ.විනිසුරුවරුන් තමයි මට කතා කෙළේ.මම බලපෑම් කර නැහැ.මා සතුව හඩපට 124000ක් තිබෙනවා.හිරු නාලිකාව තමයි මගේ හඩපට සංස්කරණය කරමින් විකාශය කරන්නේ.මම පාර්ලිමේන්තු මන්ත්‍රී වරයෙක්.මම මසකට දින 10ක කාලයක් පාර්ලිමේන්තුව සඳහා සහභාගී වෙනවා.එම අවස්ථාවලදී මට ජංගම දුරකථන භාවිතා කරන්න ඕනෑම අයකු මුණ ගැසෙන්න පුළුවන් මන්ත්‍රී වරප්‍රසාද භාවිතා කරමින්.මම කිසිදු බාධාවක් කර නැහැ.අවශ්‍ය නම් මට නිතිපති දෙපාර්තමේන්තුවේ නැවතිලා වුනත් ඉන්න පුළුවන් යැයි අධිකරණයේදී ප්‍රකාශ කර සිටියේය.

ඒකම තමයි බලපෑම් කරනවා කියා කියන්නේ යැයි එහිදි අතිරේක මහේස්ත්‍රාත් පැල්පොල මහතා කියා සිටියේය.

රන්ජන් රාමනායක මහතා ලබන පෙබරවාරි මස 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කර සිටියේය.

සුභාෂිණී සේනානායක

දිනමිණ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *