බොරු ප්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගය වහා ඉදි කරනු – පර්ලිම්නේතු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂමන් කිරිඇල්ල

බොරු ප‍්‍රචාර යවා අඩපණ කළ මහනුවර උමං මාර්ගයේ ඉදිකිරීම් කටයුතු වහාම ආරම්භ කළ යුතු යැයි මහනුවර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පර්ලිම්නේතු මන්ත්‍රී අධි නීතීඥ ලක්ෂමන් කිරිඇල්ල මහතා අවධාරණය කර සිටියි.

මධ්‍යම අධිවේගි මාර්ගයේ දෙවන අදියර ඉදිකිරිම් කටයුතු සියයට අනූවක් අවසන් වී ඇති අතර මහනුවර නගරයේ පවතින වාහන සහ මගී තද බදයට මේ උමං මාර්ගය හැරුණු කොට කිසිදු විසඳුමක් නොමැති බව ඔහු පෙන්වා දෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මන්ති‍්‍රවරයා මේ බව ප‍්‍රකාශ කළේ මහනුවර දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු රැස්වීම එහි සභාපති අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහනුවරදි පැවති අවස්ථාවේදිය.මෙහිදි සංවර්ධන කමිටුවේ අවධානය යොමු කරමින් මන්ති‍්‍රවරයා ප‍්‍රකාශ කර සිටියේ මහනුවර නගරයේ පවතින අධික රථ වාහන තද බදයට විසදුමක් ලෙස මෙම උමං මාර්ගය ඉදිකිරිම මේ වන විට අත්‍යවශ්‍ය බැවින් රජයේ අවධානය මෙම ව්‍යාපෘතියට යොමු කළ යුතු බවයි.

එහිදි වැඩි දුරටත් අදහස් දැක්වූ ලක්ෂමන් කිරිඇල්ල මහතා මෙසේද කීය.

මහ නුවර නගරයේ පවතින අධික වාහන තද බදයට විසදුමක්  ලෙස සුදුහුම්පළ සිට තැන්නේකුඹුර දක්වා උමං මාර්ගයක් ඉදිකිරිමට මම මහා මාර්ග අමාත්‍යවරයා කාලයේ කොරියානු රජය සමඟ සාකච්චා කිරිමෙන් පසුව කොරියානු රජය ඊට ආධාර දීමට පවා සූදානම් වී සිටියා. කැබිනට් අනුමැතිය පවා තිබුණ මේ ව්‍යාපෘතිය අපේම සමහරුන්ගේ පදනමක් නොමැති බොරු ප‍්‍රචාර නිසා අඩපණ වුණා. 

මහ නුවර නගරයේ තදබදය අවසන් කරන්න නම් මේ උමං මාර්ග ව්‍යාපෘතිය ආරම්භ කරන්නම ඕනෑ.ඊට වෙනත් විසදුමක්  නැහැ.මේ ව්‍යාපෘතිය ආරම්භ කරන්න සූදානම් වී සිටියදි, සමහරු බොරු ප‍්‍රචාරය කරලා පාලකයන් බය කළා. ඒකයි සිදු වුණේ. එම නිසා මහ නුවර දිස්ති‍්‍රක් සංවර්ධන කමිටු සභාපතිවරයා ලෙස සරත් අමුණුගම ඇමතිවරයාට මම යෝජනා කරනවා මේ ව්‍යාපෘතිය නැවත ආරම්භ කරන ලෙස.

ඒ වගේම මධ්‍යම අධි වේගි මාර්ගයේ දෙවන අදියර වන මීරිගම සිට කුරුණෑගල කොටසේ ඉදිකිරීම් මේ වන විට සියයට අනූවක් අවසන්. තවත් මාස හයකින් පමණ මෙහි ඉදිකිරීම් අවසන් වේවි. පසුගිය රජය සමයේ දින 52 පෙරළිය නිසා මේ සියලු සංවර්ධන වැඩ කටයුතුවලට බාධා වුණා. එම නිසා ආණ්ඩුවේ විශේෂ අවධානයක් මේ සඳහා යොමු කොට මෙහි ඉදිකිරිම් කඩිනම් කිරීම අත්‍යවශ්‍යයි. එවිට කොළඹ සිට නුවරට විකල්ප මාර්ගයක් ලෙස පස්යාල හරහා මීරිගම, කුරුණෑගල සිට මහනුවරට ඉක්මනින් ඒමේ හැකියාවද ඇති වෙනවා.

මෙහිදි අමාත්‍ය සරත් අමුණුගම මහතාද ප‍්‍රකාශ කළේ මහනුවර උමං මාර්ගය රජයේද අවධානය යොමු වී ඇති ප‍්‍රමුඛතම සංවර්ධන ව්‍යාපෘතියක් සේ සලකා එහි ඉදිකිරිම් කඩිනම් කිරිමට කටයුතු කරන බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *