විනිසුරු අත් අඩංගුවට ගන්න උපදෙස් දීම ගැන නීතිපතිගෙන් කරුණු විමසයි

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා  අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට උපදෙස් දීම ගැන නීතිපති දප්පුල ලිවේරා මහතා පාර්ලිමේන්තුවේ කතානායක ඉදිරියට ගෙන්වා කරුණු විමසීමට ව්‍යයවස්ථා සභාව තීරණය කොට ඇත . එහි දී නීතිපතිවරයාගෙන් විමසීමට යන්නේ මෙබදු උපදෙසක් දීමට හේතුව පිලිබදව බව ද වාර්තා වී ය .

විනිසුරු ගිහාන් පිලපිටිය මහතා  අත් අඩංගුවට ගන්නා ලෙස පොලිසියට නීතිපතිවරයා උපදෙස් දුන්න ද  ඒ අනුව වහා ම ක්‍රියාත්මක වනවා වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයා කළේ ඒ ගැන අධ්‍යයනය කොට වාර්තා කිරීමට පංච පුද්ගල කමිටුවක් පත් කිරීම යි .

එමෙන් ම නීතිපතිවරයාගේ තීරණයට බොහෝ පාර්ශව වලින් විරෝධතා  එල්ල වීය . මෙය අධිකරණය කෙරෙහි ජනතා විශ්වාසය පලුදු කරන ක්‍රියාවක් බව ට කරුණු ඉදිරිපත් ව තිබිණි .

නීතිපතිවරයා ගෙන්වා කරුණු විමසීමට ව්‍යවස්ථා සභාව තීරණය කොට ඇත්තේ එබදු පසුබිමක් යටතේ ය .

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *