රටට ද්‍රෝහීවීම ඇතුළු චෝදනා 20ක් ක්‍රිෂාන්ත කුරේට එල්ල වෙලා

දේශපාලන රැකවරණ මත ස්විට්සර්ලන්තයට ගොස් සිටින කොළඹ “හිල්ටන්” හෝටලයේ සහ “ලේක්හවුස්” ආයතනයේ හිටපු සභාපති ක්‍රිෂාන්ත කුරේ මහතාට එරෙහිව බරපතළ චෝදනා 20ක් එල්ල වී ඇතැයි එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සඳහන් කර සිටියි.

ඔහු මේ බව කියා සිය සමීපතමයින් පිරිසක් සමග කොළඹ 5 වැනි පටුමගේ පිහිටි සිය පුද්ගලික නිවසේදී බ්‍රහස්පතින්දා (23) කළ සාකච්ඡාවකදී,ක්‍රිෂාන්ත කුරේ හදිසියේම රට පැන්නේ කුමක් නිසාදැයි එම පිරිස කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු දක්වමින් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එම පිරිස සමග මෙසේද පවසා ඇත.  

ස්විස් තානාපති කාර්යාලයේ ගානියාබනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ සිද්ධියට ක්‍රිෂාන්ත කුරේ මහතාත් සම්බන්ධයි කියලා ආණ්ඩුව සැක කරනවා.ඔහු සභාපති ධූර හෙබවූ කොළඹ “හිල්ටන්” හෝටලයේ සහ “ලේක්හවුස්” ආයතනයේ සිදුව ඇතැයි කියන විශාල මුල්‍ අක්‍රමිකතා රැසක් සම්බන්ධයෙන් ද කරුණු හෙළිදරව් වෙලා.ඒ අනුව ගානියා බනිස්ටර් ප්‍රැන්සිස් මහත්මියගේ සිද්ධිය ඇතුළුව ඔහුට එරෙහිව බරපතළ චෝදනා 20 ක් විතර එල්ල වී තිබෙනවා.

මේ චෝදනා සම්බන්ධයෙන් කරුණු විමර්ශනය කෙරෙන පරීක්ෂණවලට සහය දෙන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගෙන් ඉල්ලා සිටියා.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් පරීක්ෂණයක් සම්බන්ධයෙන් අපෙන් සහය ඉල්ලුවොත් අප ඒ සහය ලබා දෙනවා.ක්‍රිෂාන්ත කුරේ පමණක් නොව අපේ ඕනෑම අයෙකු සම්බන්ධයෙන් කෙරෙන ඕනෑම පරීක්ෂණයකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපේ පැත්තෙන් සහය ඉල්ලුවොත් ඒ සහය ලබා දෙන ලෙස එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ සිටී සියලු නිලධාරීන්ට මම උපදෙස් දී තිබෙනවා.

ක්‍රිෂාන්ත කුරේ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනා 20 න් ඕනෑම චෝදනාවකට ජාත්‍යන්තර පොලීසියෙන් “රතු වරෙන්තුවක්” ලබා ගන්න පවා හැකියාව තිබෙන බවයි මට ආරංචි වුණේ..”

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී තිබෙන්නේ තමා වරදක් කර නොමැති නම් සහ නිර්දෝෂී නම් ක්‍රිෂාන්ත කුරේ මහතා රටෙන් පැන ගොස් සැඟවී සිටිමින් පක්ෂය ද අපහසුතාවයට පත් නොකර යළි රටට පැමිණ මේ චෝදනාවලට උත්තර ලබා දෙමින් ඊට මුහුණ දී සිය නිර්දෝෂීභාවය ඔප්පු කළ යුතු බවය.

ඒ අනුව ක්‍රිෂාන්ත කුරේ මහතා ස්විට්සර්ලන්ත තානාපති නිලධාරිනියට දුරකථන ඇමතුම් ලබා දුන් බවට කියන කතා පට්ටපල් බොරු බව එක්සත් ජාතික පක්ෂයේ ස්ථාවරය වී ඇතැයි යනුවෙන් පළ වන ප්‍රවෘත්ති සම්පූර්ණයෙන්ම පදනම් විරහිත වන අතර එක්සත් ජාතික පක්ෂය ඔහු සම්බන්ධයෙන් එවැනි ස්ථාවරයක් නොදරන බව ද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් “lankanesweek” පැවසීය.

ක්‍රිෂාන්ත කුරේ සම්බන්ධයෙන් කළුතර දිස්ත්‍රික් එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා මහතා කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී බ්‍රහස්පතින්දා (23) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී කළ ප්‍රකාශය ඔහුගේ පෞද්ගලික මතය විනා පක්ෂයේ මතය නොවන්නේ යැයි ද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

මේ අතර ක්‍රිෂාන්ත කුරේ මහතා ස්විට්සර්ලන්තයට පැන ගොස් සඟව සිටින්නේ දේශපාලන රැකවරණ මත බව “lankanewsweek” සිය උපාය දූතයෙකු මාර්ගයෙන් ඔහුගෙන්ම තහවුරු කර ගත් අතර සියලු කටයුතු සූදානම් කර ගෙන දේශපාලන රැකවරණ ද ලබා ගනිමින් ඔහුට ස්විට්සර්ලන්තයට යන්න ගතව තිබෙන්නේ දින දෙකක් වැනි ඉතාම සීමිත කාලයකි. 

(සුජිත් මංගල ද සිල්වා)

LANKANEWSWEEK

Leave a Reply

Your email address will not be published. Required fields are marked *