වෝහාරික වාර්තාව ආවට පස්සේ පොහොට්ටු කාරයෝ ගල් ගිල්ල ගෙම්බෝ වගේ – මරික්කාර්

2015 – 2019 සමයේදී බැඳුම්කර වංචා සම්බන්ධයෙන් මහත් හඬක් නැඟූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෝහාරික විගණන වාර්තාව පැමිණීමෙන් අනතුරුව ගල් ගිලපු ගෙම්බන් මෙන් නිහඬව සිටින බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් මහතා පවසයි. 

“2015 ඉඳලා 2019 අග භාගය වෙනකල්ම පොහොට්ටුවේ කට්ටියගේ හැම වේදිකාවකම තිබිච්ච ප්‍රධාන මාතෘකාව තමයි මහබැංකු බැඳුම්කරවල සිදුවෙච්ච වංචාව. දැන් මේ වාර්තාව ආවාම පොහොට්ටුවෙ කට්ටිය සෑහෙන්න බය වුණා. ටයි කෝට් දාපු මහබැංකු වංචාව මිලියන හයසිය ගාණක්, සාටක දාපු මහබැංකු වංචාව මිලියන දහ දාස් ගාණක්. 

දැන් ගල් ගිල්ල ගෙම්බෝ වගේ ඉන්නවා පොහොට්ටු කාරයෝ මේ වෝහාරික විගණන වාර්තාව ගැන කතා කරන්නෙ නෑ. ටයිකෝට් කාරයෝ මහබැංකු බැඳුම්කර හොරකම් කරත් වැරදියි, ඒ වගේම සාටක කාරයෝ හොරකම් කරත් වැරදියි” යනුවෙනුයි ඒ මහතා සඳහන් කළේ. 

එස්. එම්. මරික්කාර් මහතා මේ බව පැවසුවේ ඊයේ (26) කොලොන්නාව ප්‍රදේශයේදී මාධ්‍ය අමතමිනි. 

RN

Leave a Reply

Your email address will not be published. Required fields are marked *