‘බැඳුම්කර වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම වුණා’

‘බැඳුම්කර සිද්ධියට අදාළ වෝහාරික විගණන වාර්තාව හෑල්ලුවට ලක්කරන්න පිරිසක් උත්සහ කරනවා. හොරාට කලින් කෙසෙල් කැන වැටී පනින්න හදනවා. මේ මුල්‍ය වංචාව පසුගිය ආණ්ඩු දෙකේදීම සිදුවෙලා තිබෙනවා’ යැයි ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

පැලවත්ත පිහිටි ජනතා විමුක්ති පෙරමුණ පක්ෂ කාර්යාලයේ අද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු මෙසේ කීය.

එහිදී මන්ත්‍රීවරයා මෙසේ ද කීය.

හොරු දෙපැත්තෙම ඉන්නවා අපි මැදිහත්වෙලා හොරකම් කළ පවුල් ගහ බිඳ දැම්මා. දැන් මේක අධිකරණයට ඉදිරිපත් කරලා වැරදි කළ අයට නිසි දඬුවම් දෙන්න ඕනෑ. මේ ගැන පාර්ලිමේන්තුවේ විවාදයක් තිබ්බොත් තන ඒවා එළියට එන්න පුලුවන්.

මහ බැංකුව ඇතුළට ගිහින් මේ පරීක්ෂණ කරන්න අපට බැරිවුණා. එහෙම කළා නම් තත්තවය තවත් වෙනස් වෙන්න ඉඩ තිබුණා. ප්‍රබල දේශපාලන මැදිහත්වීමක් නැතිව මෙහෙම වංචාවක් කරන්න බෑ. මේ සිද්ධියට සම්බන්ධ සියලු දෙනා අධිකරණයට ඉදිරියට ගේන්න ඕනෑ.

(ශාන්ත සෙනෙවිරත්න)

ලංකාදීප

Leave a Reply

Your email address will not be published. Required fields are marked *