මඩකලපුව මාධ්‍යවේදීන්ට එරෙහි තර්ජන පිළිබඳ කඩිනම් පරික්ෂණයක් කළ යුතුයි- නිදහස් මාධ්‍ය ව්‍යාපාරය

සිය කාර්යාලයට ගෙනැවිත් දමා තිබු නිර්නාමික පත්‍රිකාවක් මඟින් තමන්ගේ සාමාජිකයින් කිහිප දෙනෙකු නම් කොට මරණිය තර්ජන එල්ල කර ඇතැයි මඩකලපුව මාධ්‍ය සමාජය පවසයි. 

කෙබඳු පසුබිමක් යටතේ කුමන පාර්ශවයක් විසින් එල්ල කරනු  ලබන  තර්ජනයක් වුවද, නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සලකන්නේ එය එම මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට එල්ල වන බාධාවක් වශයෙනි. මාධ්‍ය නිදහසට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ද තර්ජනයක් විය හැකි මෙම සිදුවීම සම්බන්ධ වගකිවයුත්තන්  සොයා ගැනීමට වහාම පරික්ෂණයක් සිදු කොට සිදුවීම පිළිබඳ නිවැරදි තොරතුරු දැන ගැනීමට සලස්වන ලෙසත්, ඔවුන්ට එරෙහිව නිසි ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය සියලු  වගකිව යුතු පාර්ශවවලින් ඉල්ලා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *