වෝහාරික වාර්තාවල ඇමුණුම් දෙන්නැයි කතානායක මහ බැංකුවට දන්වයි

මහ බැංකුවේ 2015ට  පෙර සිදු වී ඇති බැදුම්කර වංචා සම්බන්ධ වෝහාරික විගණන වාර්තාවල ඇමුණුම් පාර්ලිමේන්තුවට ලබා දෙන ලෙස කතානායක කරු ජයසුරිය මහතා ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලිපියක් යවමින් දැනුම් දී ඇත . එම ඇමුණුම් නොමැතිව වාර්තා සම්පුර්ණ නොවන බව කථානායකතුමා  එම ලිපියෙන් පෙන්වා දී තිබේ .

මෙම වාර්තා ප්‍රසිද්ධ නොකරන ලෙස නීතිපති දප්පුල ලිවේරා මහතා උපදෙස්  දී තිබිණි . හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ද මෙම වාර්තා ප්‍රසිද්ධ කිරීමට බලවත් විරෝධයක් ප්‍රකාශ කොට තිබිණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *